ඔබත් හිතේ තරහා තියාගන නිදාගන්න කෙනෙක් ද ? එන්න එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න..

1 min read

හිතේ තරහින්ම නින්දට යන එක ඇත්තටම ඔයා කරන නරකම දෙයක්. මොකද ඔයා තරහෙන් නිදාගත්තොත් ඒ තරහා අනිත් දවසටත් එහෙන්මම අරන් යනවා වගේම අනිත් අයගෙ පිටින් ඒ තරහා පිටකරනවා. ඇත්තටම මේක තමන්ටත් අනිත් අයටත් නරක බලපෑමක් ඇති කරනවා. අද අපි බලමු මේ bedtime anger එක අපේ නින්දට, අපේ ජීවිතයට ඒ වගේම ශරීර සෞඛ්‍යට කොහොමද බලපෑම් කරන්නේ කියලා.

01-තරහා අපේ නින්ද විනාශ කරනවා.

Surprising Marriage Advice From Happy Couples | Reader's Digest
මානසික ආතතිය සහ අධික ලෙස හිතින් පීඩා විදිනවානම් ශරීරය ඔබව සටන් කිරීමට පොළඹවනවා. ඒ නිසා ඔබට නිදාගන්න එක දුෂ්කර කාර්යයක් වෙනවා. මොකද මනස නිදහස් හා සන්සුන්ව නැහැනේ. ගොඩක් දේවල් හිතනවා. ඒ නිසා නින්ද ඇතිවෙන්නේ නැහැ.

ඒ වගේම නින්ද යන්නේ නැති වුණහම තරහා තවත් වැඩිවෙනවා. නින්ද ගියත් ප්‍රෙබෝධමත්ව අවධිවෙන්න හැකියාවක් නැහැ. ගොඩක් මහන්සිවෙලා වගේම ඔළුව බර ගතියෙන් තමයි නැගිටින්න වෙන්නේ. ඉතිං කෝපය නරක නින්දකට ද ,නරක නින්ද වැඩි කෝපයටද බලපානවා.

02- තරහා ශරීරයට නරක ලෙස බලපෑමක් ඇති කරනවා.

5 Common Symptoms of a Heart Condition: Rajesh Sam Suri, MD, FACC: Cardiology
නින්දේ ගුණාත්මකභාවය කෙනෙකුගේ සමස්ත සෞඛ්‍යයටම බලපාන බව විද්‍යාඥයින් දැනටමත් සොයාගන තිබෙනවා. සාමාන්‍යයෙන්, නින්ද “එක රැයකින් කරන ප්‍රතිකාරයක්” ලෙස ක්‍රියා කරන අතර, අපගේ හැඟීම් ස්ථාවර කරවන අතර ඊළඟ දවසේ අපගේ හැඟීම් සමඟ හොඳින් කටයුතු කරන්න හැකියාව ඇති කරවනවා. නමුත් කෝපය හා දැඩි ආතතිය මෙම ක්‍රියාවලියට තර්ජනයක් ඇතිකරවනවා. ඝෘණාත්මක චිත්තාවේගයන් ආතති හෝමෝන මුදා හරින අතර ඔබව තවත් වඩාත් කෝපයට පත්කරනවා. ඒ වගේම මේ තරහා යාම නිසා රෝග රාශියක් ඇතිවෙන්න හැකියාව තිබෙනවා.

කාලයක් එක්ක නින්ද නොයෑම, නුසුදුසු නින්ද සහ බියකරු සිහින ඇතිවෙන්න ඉඩකඩ වැඩිවෙන්න පුළුවන්. නරකම අවස්ථාවල මානසික අවපීඩනය වැනි සෞඛ්‍ය ගැටළු ඇතිවෙන්න හැකියාව තිබෙනවා.

03-නිදාගත්තත් නරක සිතුවිලි අමතක කරන්න අමාරුයි

5 Things That Can Happen If You Go to Sleep Angry

පර්යේෂකයන්ට අනුව අපි නිදාගත්තට පස්සේ අපේ හිතේ තිබෙන ඝෘණාත්මක සිතුවිලි යටපත් කරන්න තිබෙන හැකියාව අඩුවෙනවා. නින්ද ඕනෑම හැඟීමක්, සිතුවිලක්, ගැටළුවක් විශාල කරනවා. අපි නිදාගෙන ඉන්නවිට අපගේ මොළයට අළුත් තොරතුරු සකසා අපගේ කෙටිකාලීන හා දිගුකාලීන මතකයේ ගබඩාකරනවා. නින්දේදී කෝපය අපගේ දිගුකාලීන මතකයට ඇතුළු වන අතර එය දිගුකාලීන බලපෑමක් ද ඇති කරනවා.

අපිට ඇතිවෙන නරක අත්දැකීමකින් පසුව අපි නිදාගන්නේ නැතිව සිටියහොත් එයින් ඇතිවන නරක බලපෑම ගොඩක් දුරට අවම කරගන්න හැකියාව තිබෙනවා. ඔබේ මතකයේ නරක හැඟීම් ශක්තිමත් වන විට, අනාගතයේදී ඒවා යටපත් කරගන්න ඇති හැකියාව අවම වෙනවා.

04-තරහා අපේ අවංකබව නැතිකරනවා

Sad woman change guy she have many boyfriend talking in bedroom Free Photo
සවස කියන්නේ සමීප සම්බන්ධතාවයන්ගේ උපරිම කාලය බව අපි දන්න දෙයක්. අපි තරහෙන් නින්දට යනවා කියන්නේ හිතේ දැඩි තරහක් ඇති කරනවා කියන එක. ඒකෙන් වෙන්නේ තමන්ගේ සහකරු හෝ සහකාරිය සමග ඔබට සැනසිල්ලේ සම්බන්ධතාවයක් පවත්වාගන්න හැකියාවක් නැතිවෙන එක. මේ දේ දිනපතා සිදුකරනවානම් ඔබට වෙන්නේ ඔබගේ සහකරුවා හෝ සහකාරිය සමග ඇති සම්බන්ධතාවය විනාශ වෙන එක විතරයි. එම නිසා මොකක් හරි ප්‍රශ්ණයක්නම් දෙදෙනා ඒ පිළිබඳව සාකච්ඡා කර හිතේ තිබෙන තරහා නැතිකරගන්න එක තමයි හොඳම විසදුම.

05-තරහා ඔබේ සහකරුට ඝෘණාත්මක පණිවිඩයක් යවනවා.

Couple Sleeping

ඔබ ඔබගේ සහකරුවා හෝ සහකාරිය සමග නිදන ඇඳේ දී වාද කළා කියමුකො. ඒ අවස්ථාවේදී ඔබ බ්ලැන්කට්ටුව තදින් ඇදලා ගත්තා එහෙම නැත්තම් නිදියන කොට්ටය තදින් ඇඳලා ගත්තා කියන්නේ ගැටුම සාමදානයට පත්කරගන්න හදනවා නෙවෙයි ගැටුමේ ජයග්‍රහණය තමන් ලබා ගැනීම ඊටවඩා අගය කරනවා යන පණිවිය ලබාදීම. ඔබ එහෙම දෙයක් සිතන්නෙවත් නැතිවෙන්න පුළුවන් හැබැයි ඔබ හැසිරෙන ආකාරයෙන් අනිකාට සන්නිවේදනය වෙන්නේ ඉහත කිවුව විදිහට තමයි. ඔබ එකඟ නොවීම සමග කටයුතු කිරීම එහෙමත් නැත්තම් ප්‍රශණයක් තේරුමක් නැතිව දිගින් දිගටම ඇදගෙන යනවා කියන්නේ සබඳතා බිඳී යමක් සිදුවීම පමණයි.

බලන්න ඔබ හිතන්නවත් නැතිව ඇති අපි තරහෙන් නිදාගත්තහම මෙවැනි බරපතල ගැටළුවලට අපිට මුහුණ දෙන්න වෙනවා කියලා. ඉතිං මීට පස්සේ තරහා අරන් නිදාගන්න එපා . ඒකෙන් ඔයාට හොඳක්නම් සිදුවෙන්නේ නැහැ. ඒ නිසා තරහා එන දෙයක් ඇතිවුණොත් ඒක නින්දට පෙර විසදගන්න උත්සහ කරන්න.

මූලාශ්‍රය-ගැස්ම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.