in

පරිසර සංවර්ධනය උදෙසා කැපවීමෙන් ක්‍රියා කරන ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයක් සම්මානයෙන් පිදුම් ලබයි

ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී DIMO රිදී කුසලානයෙන් පිදුම් ලබයි.

පසුගියදා පැවති ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උළෙලේදී වාහන සේවා අංශය යටතේ රිදී කුසලානයෙන් පිදුම් ලැබීමට DIMO සමත් විය. පරිසර සංරක්ෂණය වෙනුවෙන් කරන ලද විශිෂ්ට දායකත්වය උදෙසා වැලිවේරියේ පිහිටා ඇති DIMO Logistics මධ්‍යස්ථානයට මෙම සම්මානය හිමි විය. DIMO Logistics මධ්‍යස්ථානය, පරිසරයට ඔවුන්ගෙන් සිදුවන බලපෑම අවම කිරීම සඳහා විවිධ සංරක්ෂණ පිළිවෙත් අනුගමනය කරන අතර සූර්ය පැනල මගින් ජනනය කරන බලශක්තිය ප්‍රයෝජනයට ගැනීම, ජල පිරිපහදු  මධ්‍යස්ථානයක් සහ වැසි ජලය රැස්කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම ඒවායින් කිහිපයකි.

ජනාධිපති පරිසර සම්මාන උළෙල පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරනු ලබයි. පරිසර සංරක්ෂණය සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි සමාගම් දක්වා ඇති දායකත්වය ඇගයීම සම්මාන උළෙලෙහි අරමුණයි. දේශීය මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියෙකු වශයෙන් පාරිසරික තිරසාරත්වය සඳහා DIMO දක්වන කැපවීමේ ප්‍රතිඵලයක්  ලෙස මෙම සම්මානය දැක්විය හැකිය.

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ගරු පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි. DIMO හි අනුකූලතා මෙහෙයුම්  ප්‍රධානී තනූෂා චන්ද්‍රසේකර මහත්මිය සමාගම වෙනුවෙන් සම්මානය ලබා ගන්නා ලදී.

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

7UP නවතම වෙලද දැන්වීම බැලුවද?

Explosive Match-Fixing Scandal Rocks Wire Premier League