ඔළුව රකින්න ආ පාපැදි හෙල්මට්

1 min read

අප රට තුළ අද වන විට පාපැදිකරුවන්ගේ අඩු වීමක් දක්නට ඇති අතර බොහෝ රටවල මාර්ගවල තදබදය අඩු කර ගැනීමට හා ශාරීරික ව්‍යායාමයක් වශයෙන් එදිනෙදා අවශ්‍යතා සඳහා ගමන් බිමන් යෑමට පාපැදි භාවිත කරයි. මෙලෙස පාපැදිකරුවන් අනෙක් වාහනත් සමඟ අනතුරුවලට භාජන වීමේ ඉඩකඩ වැඩි අතර ඔවුන් ඉන් මුදා ගැනීමට Lumos Kickstart Helmet නමින් හිස්වැසුමක් නිපදවීමට සමාගමක් සමත් වී තිබේ. වෙනත් වාහනවල ගමන් කිරීමට වඩා මෙලෙස පාපැදියෙන් ගමන් කිරීමේදී සිදු විය හැකි ශාරීරික අනතුරු අවම කර ගැනීමට හැකි වන පරිදි මෙලෙස ආලෝක සංඥා සහිතව හිස්වැසුම නිපදවා ඇත.

මෙම හිස්වැසුම පාපැදියේ හැඬලයට සවි කර ඇති දුරස්ථ පාලකයෙන් තමන් හරවන දිශාව පසුපස රියැදුරන්ට පෙන්වීමට හැකි අතර දුරකථනය ද සම්බන්ධ කිරීමේ හැකියාව පවතී. ඩොලර් 180ක් වැනි මුදලකට Lumos Kickstart Helmet මිලදී ගත හැකිය.

දිනමිණ

Leave a Reply

Your email address will not be published.

Copyright © All rights reserved. | Newsphere by AF themes.