COVID – 19 ගෝලීය වසංගතය ගම්, දනව්, රටවල් සිසාරා වේගයෙන් ව්‍යාප්ත වන අතර එම නිසා මුළු ලෝකයේහිම නිදහස සීමා වේ.සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව ද මෙම තත්වය හමුවේ COVID – 19 මැඩලීමට තියුණු සටනක නියැලෙමින් සිටියි. මේ අතර ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ ජීවිතය හා මරණය අතර ද්වන්ද සටනක යෙදෙමින් සිටියි.සොබාදහම ස්වකීය අභිවෘද්ධිය උදෙසා මානව වර්ගයාට හානි කරන කාලයක් ලෙස මෙම වකවානුව හදුන්වා දිය හැකිය.මෙම තත්වය තුළ පුද්ගලයන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම දුෂ්කර ය.මිනිසා නිරන්තරයෙන් මූලික අවශ්‍යතා, සමාජ අවශ්‍යතා සහ ආරක්ෂක අවශ්‍යතා සංතෘප්ත කර ගැනීමෙහිලා වෙහෙසෙති.
ඒබ්‍රහම් මාස්ලෝ විසින් හඳුන්වා දුන් ‘‘ අවශ්‍යතා ධූරාවලිය ’’ මගින් මිනිස් අවශ්‍යතා යනු මොනවාදැයි වඩා හොඳින් අවබෝධ කර ගත හැකිය. ඒ අනුව මනෝවිද්‍යාත්මක අවශ්‍යතා, ආරක්ෂක අවශ්‍යතා, සමාජ අවශ්‍යතා, අභිමානය, ස්වයං සත්‍යාපනය ලෙස අවශ්‍යතා විභේදනය කර ගත හැකිය. ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලියට අනුව, පුද්ගලයාගේ මූලික අවශ්‍යතා සපුරාලූ පසු, ඔවුන් නිරන්තරයෙන් අනිකුත් අවශ්‍යතා සපුරාලීමට උත්සාහ කරයි. ප්‍රධාන වශයෙන් ආරක්ෂාව සහ සමාජ අවශ්‍යතාවන්ය.ඔවුන්ගේ අවශ්‍යතා සංතෘප්ත කර ගැනීමට අපොහොසත් වීමෙන් හීනමානයෙන් යුතු ඍණාත්මක ලක්ෂණ පුද්ගලයා තුල ඇති වේ. මෙම පුද්ගල අවශ්‍යතා තෘප්තිමත් නොවීම මානසික බිඳවැටීම හා මානසික ආබාධ ඇති කිරීමෙහි ලා මූලික වේ.
මානසික සෞඛ්‍යය යනු කුමක්ද?
සෞඛ්‍යය සම්පන්න පුද්ගලයෙකු වීමට නම් කායික මෙන්ම මානසික නිරෝගී භාවය වැදගත් වේ.මානසික සෞඛ්‍යය යනු සෞඛ්‍යය සම්පන්න බවේ අනිවාර්ය හා අත්‍යවශ්‍ය අංගයකි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීමට අනුව “සෞඛ්‍යය යනු සම්පූර්ණ ශාරීරික, මානසික හා සමාජීය යහපැවැත්මක් වන අතර එය හුදෙක් රෝග හෝ දුර්වලතා නොමැති වීම’’ ලෙස හදුනා ගත හැකිය. තවද මානසික සෞඛ්‍යය යනු අපගේ සංජානන, චර්යාත්මක සහ චිත්තවේගීය යහපැවැත්ම ලෙසද විග්‍රහ කර දැක්විය හැක.
ඒකාකාරී ජිවන රටාවක් තුළ කාංසාව ඇති විය හැකිය. ඒ යටතේ මානසික ආතතිය ඇති වේ. මනස මුල් කර ගනිමින් මානසික රෝග හට ගනී. මානසික රෝගයන්හි මුල් අවධීය මානසික ආතතිය ලෙස හඳුනාගෙන ඇත.
මානසික ආතතියේ රෝග ලක්ෂණ
කාංසාව, මනෝභාවය පිරිහීම, ආත්ම අභිමානය පිරිහීම, නිෂේධාත්මක සිතුවිලි ඇති කිරීම, අනිසි බිය, තැති ගැන්ම, අධික ලෙස මත්පැන් පානය කිරීම හා දුම් පානය කිරීම, අධික ලෙස කතා කිරීම, ආහාර ගැනීමේ පුරුදු වෙනස් කිරීම, අමතක කිරීම, තීරණ ගැනීමට අපහසු වීම, හිසරදය, ශරීර වේදනාව , උදර වේදනාව, දහඩිය දැමීම, මුඛයේ වියළි බව, කරකැවිල්ල, මුත්‍රා හා වැසිකිළි රටාව වෙනස් කිරීම, හුස්ම හිරවීම, ලිංගික දුර්වලතා ඇතිවීම.
මානසික ආතතියේ රෝග ලක්ෂණ පුද්ගලබද්ධ වේ.
මානසික ආතතියට බලපාන හේතු
ආතතියට බලපාන සැබෑ හේතුව හෝ හේතු වෙන් කර දැක්වීම දුෂ්කර ය. ඒවා පුද්ගලබද්ධ වේ.
මානසික ආතතියෙන් පෙළෙන සංකූලතා, අධි රුධිර පීඩනය, අංශභාගය, හෘද රෝග, දියවැඩියාව, ගැස්ට්‍රයිටිස්, නින්ද ආශ්‍රිත ගැටළු (නින්ද නොයාම, අධික නින්ද), මානසික අවපීඩනය, කාංසාව, ආහාර ගැනීමේ අක්‍රමිකතා, ප්‍රතිශක්තිය නොමැතිකම, මත්පැන් පානය වැඩි කිරීම, දුම් පානය සහ මත කුඩු අධිකව ගැනීම,ලිංගිකත්වයේ ගැටළු හදුන්වා දිය හැකිය.
බොහෝ පුද්ගලයන් මානසික ආතතිය සමනය කිරීම පිණිසදුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය,අධික ලෙස ආහාර ගැනීමෙන් හෝ ආහාර ගැනීමෙන් වැළකීම ,සමාජයෙන් හුදකලා වීම (පවුලේ අය සහ මිතුරන්), අධික නින්දක් හෝ නිදා නොගැනීම වැනි සෞඛ්‍ය සම්පන්න නොවන උපාය මාර්ග සිදු කරයි. නමුත් මෙවැනි දේ සිදු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. මෙම පිළිවෙත් සෞඛ්‍යය සම්පන්න නොවේ.
උද්ගත වී ඇති වසංගත හමුවේ අපගේ අනාගතය ද අවිනිශ්චිත තත්ත්වය කට පත්ව තිබේ. අපගේ අත්‍යවශ්‍ය රාජකාරි මග හැරේ. එමගින් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වේ. එමෙන්ම සමාජ සබඳතා බිඳ වැටේ. මිනිසා කුතුහලයෙන් පිරි සත්වයෙකි, එබැවින් ඔහු නිරන්තර සංචරණයට ප්‍රිය කරයි. නමුත් මෙම උග්‍ර අර්බුදය හමුවේ අපි අපේ නිවෙස්වල ට සීමා වී සිටියි. ඇඳිරි නීතිය හමුවේ දෛනික කටයුතු සිදු කිරීමට නොහැකි වී තිබේ. රට වෙනුවෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් නිවසේ රැඳී සිටීම හැර වෙනත් විකල්පයක් නොමැත. කෙසේ වෙතත්, මෙම ඇඳිරි නීතිය පවතින කාලය තුළ සුළුතරයක් , මානසික හා ශාරීරික අවශ්‍යතා සපුරාලීම සඳහා වගකීම් විරහිතව කටයුතු කිරීම ඛේදජනකය.
උදා – පසුගිය පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,245 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාසයකට වැඩි කාලයක් පටන් ලොව පුරා බොහෝ රටවල් අගුලු දමා (Lockdown) ඇත. කොරෝනා වයිරසය (COVID-19) පැතිරීම නැවැත්වීම සඳහා මිනිසුන්ට තම නිවෙස්වල රැඳී සිටිමටත් සමාජ දුරස්ථ භාවය රකිමින් කටයුතු කරන ලෙසත් රජය විසින් ඉල්ලා සිටියි..
නමුත් වෛරසය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ මිනිසුන්ට තම දෛනික ගමන් බිමන් සීමා කිරීම නිසා සමාජ ගැටලු රාශියක් වර්ධනය වී තිබේ. මෙම අගුලු දැමීම නැතහොත් ලොක්ඩවුන් කිරීම හේතුවෙන් පැය 24 පුරාම නිවෙස තුල කාලය ගත කිරීම හේතුවන් ගෘහස්ත හිංසනය ප්‍රමාණාත්මක ලෙස වර්ධනය වී ඇති බව දක්නට ලැබේ. මෙම තත්වය තුළ මිනිස් මනස ව්‍යාකූල තත්වයක පවතින අතර නිරන්තර ගැටුම් පවතී. ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට නොහැකි වූ විට මෙම ගැටුම්කාරී තත්වයන් පැන නගීයි.
ශ්‍රී ලංකේය ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය නංවාලීම සඳහා රජයේ දායකත්වය
මෙම තීරණාත්මක තත්වය තුළ පුද්ගල මානසික සෞඛ්‍යය ගොඩනැගීමට රජය නිරන්තරයෙන් උත්සාහ දරයි. එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස,
- පොලිස් තූර්ය වාදක කණ්ඩායම මරදාන ප්‍රදේශය මුලික කර ගනිමින් ද,නාවික හමුදාව විසින් ටොරින්ටන්ට් මහල් නිවාස සංකීර්ණය අසලද සංගීත සංදර්ශන පවත්වා තිබේ.මෙයට ජනප්‍රිය ගායක ශිල්පින් වන භාතිය,සන්තුෂ් සහ උමාරියගේ ද සහයෝගය ලැබී තිබේ.
- ජනමාධ්‍යය නාලිකා අත්‍යවශ්‍ය සේවාවන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ සේවාවන් අගය කිරීම පිණිස ගීත නිර්මාණය කර තිබේ.
උදා -නැගිටිමු ශ්‍රී ලංකා ගිතය
තවද විශේෂයෙන් කුඩා ළමුන්ගේ ආකල්ප හා හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා චිත්‍ර තරඟ සංවිධානය කරනු ලැබීය.
උදා – නැගිටිමු ශ්‍රී ලංකා චිත්‍ර තරගය
- සිරස #Stayathome අභියෝගය. මෙය කාන්තාවන්ට ලබා දුන් අභියෝගයකි. ඔවුන්ට මේ දිනවල ඔවුන්ගේ ස්වාමිපුරුෂයාගේන් ලැබෙන දායකත්වය කෙබඳුද යන්න දැක්වෙන මිනිත්තු 3 ක වීඩියෝ පටයක් වට්ස් ඇප් හරහා එවිය හැකිය.විශිෂ්ටතම වීඩියෝව උදෙසා වටිනා ත්‍යාගයන්ද ලැබේ.
- නිවසේදී ස්වයං නිරෝධායනය කළ අය අගය කර රජය විසින් නිරෝධායන සහතිකයක් ද ලබා දීමට කටයුතු කරයි.
මෙයින් පෙනී යන්නේ මෙම අර්බුදය හමුවේ ශ්‍රී ලාංකේය ජනතාවගේ මානසික ව්‍යාකුලත්වය මඟහරවා ගැනීම සඳහා රජය මැදිහත් වූ ආකාරයයි. රජය විසින් ගත් මෙම ක්‍රියාමාර්ග සැබවින්ම අගය කළ යුතු නොවන්නේද ?
නිවසේ රැඳී සිටින මෙම කාලය තුළදී මානසික සෞඛ්‍යය නංවාලීමට කළ හැකි දේ?
පුද්ගලයන් වශයෙන් අප අපගේ මානසික සෞඛ්‍යය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුය. මිනිසුන් ස්වභාවධර්මයට සමීපව සම්බන්ධ වන අතර අපගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ස්වභාවධර්මය සමග දැඩි ලෙස සම්බන්ධ වී තිබේ . ගින්න, ජලය, පෘථිවිය සහ වාතය යන “මූලද්‍රව්‍ය” සියල්ල අපගේ මානසික සෞඛ්‍යයට බලපායි.
- වාතය- ආශ්වාස කිරීම
- ගින්න -ආලෝකය, හිරු නිරාවරණය
- ජලය – ජල චිකිත්සාව
- පෘථිවිය- සත්ව චිකිත්සාව / ස්වභාවයට නිරාවරණය වීම
භාවනා / යෝගඅභ්‍යාස
භාවනා කිරීම සහ යෝග අභ්‍යාස ඉතා වැදගත් සාධක වේ. එමඟින් මානසික සුවය ලබා ගත හැකිය. 2014 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද JAMA Internal Medicine සඟරාවේ භාවනා කිරීම සහ මානසික අවපීඩනය හා කාංසාව අතර සම්බන්ධතාවය පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයන 18,000 කට වැඩි ප්‍රමාණයක් සමාලෝචනය කර තිබේ.
නිවසේදීම ව්‍යායාම් සිදු කිරීම
ඔබට නිවසේදී ව්‍යායාම කළ හැකිය. එමගින් මානසික මෙන්ම ශාරීරික සුවතාවය අත්පත් කර ගත හැකිය. නිවසේ සිට ව්‍යායාම කිරීමේ ක්‍රමවේදය සෞඛ්‍යය සේවා වෘත්තිකයන් විසින් ද නිර්දේශ කර ඇත.
සංගීතයට සවන් දීම.
මානසික රෝග සුව කිරීමේ ක්‍රමවේදයක් ලෙස ද සංගීතය යොදා ගනියි. මෙය සංගීත චිකිත්සාව ලෙස හදුන්වයි.අපගේ මානසික සැහැල්ලුව, නිරෝගී බව සඳහා සරල වින්දනයක් ලැබිය හැකි ගීත,සංගීත වාදනයන් රස විදීමට හැකිය. සංගීතයට සවන් දීමෙන් චිත්තවේගීය හා මානසික සෞඛ්‍යය පෝෂණය කළ හැකි බව පර්යේෂණවලින්ද සනාථ වී තිබේ.
උදා – අධ්‍යාත්මික සංගීතය (Spiritual music)
පවුලේ සාමාජිකයන් සමග ඇති බැඳීම ශක්තිමත් කර ගැනීම
ඔබට ඔබේ පවුලේ ආදරණියයන් සමගින් කාලය ගත කිරීම සඳහා එකට එක්ව ආහාර ගැනීම,රුපවාහිනිය නැරඹීම,සතුටු සමිච්චියේ දීම,ක්‍රීඩා කිරීම ආදිය සිදු කළ හැකිය. විශේෂයෙන් ඔබේ යහළුවන් සහ හිතවතුන් සමඟ සමාජ මාධ්‍යය හරහා සම්බන්ධ විය හැකිය.
- වට්ස් ඇප්
- වයිබර්
- ෆේස් බුක්
සමාජ මාධ්‍යය තුළ දැන් බොහෝ ක්‍රීඩා දක්නට තිබේ.
- වට්ස් ඇප් ක්‍රීඩා (Whats App dares)
- ෆේස් බුක් අභියෝග (Facebook challenges)
එසේම, මෙම COVID-19 වසංගත තත්ත්වය හමුවේ වැඩිහිටි ,වයෝවෘධ පුද්ගලයින් භීතියට පත්ව සිටිති. එම නුසුදුසු බිය නිසා කාංසාව සහ මානසික අවපීඩනය ඇති වේ. එබැවින් ඔබ ඔවුන් සමඟ කතා කළ යුතුය. නිවසේදී ආගමික චාරිත්‍ර ඉටු කිරීමට ඔවුන්ට උදව් කළ යුතුය.තවද නිවැසියන් ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යය ගැන ද සැලකිලිමත් විය යුතුය.
විනෝදාංශ
ඔබේ විනෝදාංශ සඳහා ප්‍රමුඛතාවය දීමෙන් මානසික තෘප්තිය වැඩි කළ හැකිය.
- පොත් කියවීම
- විවිධ ආහාර පිසීම
- චිත්‍ර ඇඳීම
- ගෙවතු වැඩ කිරීම ආදිය වේ.
පරිසරය සමග සම්බන්ධතාවයන් පැවැත්වීම
සොබාදහමට ආදරය කරන්න. නිවසේ , පැල වගා කරන්න. එහි ප්‍රතිඵල අනාගතයේදී භූකති විදිය හැකිය. නිවසේ සුරතල් සතෙකු සිටි නම් ඔවුන් සමඟ කාලය ගත කිරීම ආදී ක්‍රියාකාරකම් මගින් මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට හැකියාව ලැබේ.
මෙම සරල කරුණු අනුගමනය කිරීමෙන් පවතින වාතාවරණය තුල ඔබේ මානසික සෞඛ්‍යය සමබරව පවත්වා ගත හැකිය. එබැවින් අපගේ පෞරුෂය වර්ධනයට ද මානසික සෞඛ්‍යය ඉතා වැදගත් වේ. මෙම තීරණාත්මක තත්වය තුළ පුද්ගලයන් වශයෙන් අපගේ මනස අප සකස් කර ගත යුතුය. රෝගාබාධ පිළිබඳ කලබල නොවිය යුතුය. රජය මගින් ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිපැදිය යුතුය. ඕනෑම අභියෝගයකට මුහුණ දීට හැකි වන ලෙස අපගේ මනස ශක්තිමත් කර ගත යුතුය. සෑම තත්වයක් දෙසම ධනාත්මකව දැකීමට මනස පුහුණු කිරීම සැමවිටම ඉතා වැදගත් වේ.
-ඉමේශා-
GIPHY App Key not set. Please check settings