in

අම්මට මොකටද දවසක්…අම්මා කියන්නෙම සසරක්

mothers day card with blooming flowers and butterflies

පෙරමඟට මුණගැසුණු එකම සුබ නිමිත්තයි

ජීවිතේ හැම තැනම අපට උන් ශක්තියයි

අපි නමින් ලතෙත් වුණ එකම එක හදවතයි

අම්මා අපේ  හිත් තුළ වටිනාම වස්තුවයි…

 රක්ත වර්ණ රුධිරය, සෙනෙහසේ මහිමයෙන් ශ්වේත වර්ණයට හරවා දරුවකුට ජීවය දෙන්නේ  ඇයයි. 

විටෙක ඇය දෙවෙනි බුදුන් වෙයි. 

සාහිත්‍යකරුවන්ට ඇය, ආදරයේ උල්පතයි. 

අම්මා… ඉතින් අද අම්මාගේ දවස…

සෑම වසරකම මැයි මස දෙවැනි ඉරිදා දිනය වෙන්ව ඇත්තේ මව්වරුන් වෙනුවෙනි. 

ලෝකය ඇය නමින් එක් දිනක් වෙන් කළත්, ඇය සෑම දිනයක් ම වෙන් කරන්නේ අප  වෙනුවෙන්.

ඇගේ දරුවන් වෙනුවෙන්. ඇගේ ආදරණීයන් වෙනුවෙන්..

හැමෝම කියනවා වගේ “අම්මට මොකටද දවසක්…අම්මා කියන්නෙම සසරක්”..

”ලොව ලස්සනම අහස ඇත්තේ මගේ ගමට ඉහළිනි
අම්මා නිදන තැන සොහොනට උඩිනි…”

රත්න ශ්‍රී විජේසිංහයන් අම්මා ගැන ඒ විදිහට කවි පබදිද්දී, ප්‍රේමකීර්ති ද අල්විස් අම්මා ගැන  කියා සිටියේ…

උණුසුම නළලතේ අත්ලෙන් මැන්නා ය
වෙද ගෙට ගියේ ඔසවා කර පින්නා ය
මළ පොත අකුර මට කියලා දුන්නා ය
දෙවියන් බුදුන් මෙන් මා ළඟ උන්නා ය


ඉතින්,මගේ අම්මා ඇතුලු ලෝකයේ සියලුම ආදරණීය අම්මාවරුනේ,සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා….

සුබ මව්වරුන්ගේ දිනයක් වේවා..

What do you think?

අම්මයි තාත්තයි ආදරයෙන් ඉන්න එක දරුවන්ට කොයි තරම් දුරට බලපානවද?

ශ්‍රී වෛශාඛ පෞර්ණමී දිනය