in

කාර්යබහුල තරුණියන්ට රුව රැක ගන්න පුළුවන් සරල ක්‍රම….

මේ අහන්නකෝ..
ඔයා අමුතුවෙන් ලස්සන වෙන්න ඕනේ නැහැ.ඔයා කොහොමත් ලස්සන කෙනෙක්.හැබැයි ඔයා එදිනෙදා කාර්යබහුල ජීවිතයත් එක්ක මේ දේවල් මේ විදිහට අනුගමනය කරොත් ඔයාට තව තවත් ලස්සන වෙන්න පුළුවන්.

ඉතින් මේ දේවල් කරලා බලන්න👇

1)වැඩිපුර ජලය පානය කරන්න.

වර්තමානය වන විට තරුණියන් බොහෝ දෙනෙක් අධිකව මුදලක් වැය කර ක්‍රීම්,කෘතිම සහ රසායනික දේවල් මගින් තමන්ගේ සම දුර්වල කර ගැනීමට පෙළඹී ඇත.නමුත් කාර්යබහුල තරුණියක් විදිහට උදෑසන අවදි වී වතුර කෝප්පයක් පානය කිරීමටත් කෘතිම පාන වර්ග වෙනුවට නිතරම ජලය පානය කිරීමට පුරුදු වීමත් හරහා තමන්ගේ රුව රැක ගැනීමට පුළුවන්කම ලැබෙයි.

2)යෝග අභ්‍යාස, ව්‍යායාම්වල නිරත වන්න.

මේක ඔයාගේ රුව රැක ගන්න වැදගත්ම සාධකයක් වෙනවා.ඔයාට ලස්සනට ඉන්න ඔන්න ඔයා අනිවාර්යයෙන්ම මේ දේ කරන්නම ඕනේ.ඇඟ මහන්සි කරලා වැඩ කරන කෙනෙක් නම් ඔයා වෙනම කාලයක් වෙන් කරල ව්‍යායාම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.හැබැයි ඔෆිස් එකක නිතරම ඉඳගෙන වැඩ කරන කෙනෙක් නම් ඔයා ව්‍යායාම් කරන්නම ඕනේ.ඔයාගේ body maintain ගැන ඔයා වැඩි අවධානයක් දෙන්න ඕනේ.
මෙතනදි විශේෂයෙන් කියන්න ඕනා ඔයා ඔයාගේ ඇඟ ගැන satis නම් මේ ලෝකේ කවුරු මොනවා කිවුවත් ඔයා බලෙන් වෙනස් වෙන්න ඕනා නෑ. ඔයාගේ ශරීර ප්‍රමාණය ඔයාට insecurity එකක් නෙවෙයි නම් ඒක බලෙන් වහන්න හංගන්න ඕනම නෑ. ඒත් ඔයාට හිතෙනවා නම් “ටිකක් කෙට්ටු වෙන්න හෝ මහත් වෙන්න ඕනා” කියලා ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. ඒක ඉස්මතු නොවෙන්න fashion කරන්න. ඔයා කැමති විදිහේ body shape එකක් තියෙනවා නම් කන්නාඩියෙන් ඔයා දිහා බැලුවාම ඔයාටම ඔයා ගැන ආදරය හිතේවි.

3)තෙල් සහිත ආහාර අඩුවෙන් ගන්න.

ඔබ කෙතරම් කාර්යබහුල ජීවිතයක් ගත කලද ඔබගේ එදිනෙදා ආහාර වේලට එළවළු,පලතුරු,පලා වර්ග වැනි ගුණදායක ආහාර එකතු කරගන්න.තෙල් සහිත ආහාර පුළුවන් තරම් අඩු කරන්න.ආහාර අනුභවයෙන් ඔබගේ ශරීරයේ අධික ලෙස මේදය තැන්පත්ව තරබාරුව වැඩි කරනවා මෙන්ම විවිධ ලෙඩ රෝගද ඇතිකරයි.

4)කාර්යබහුල ජීවිතයේ පැය කිහිපයක් හෝ විවේකීව ගතකරන්න.

ඔබේ කාලයෙන් එක පැයක් හෝ විවේකීව ගත කරන්න පුරුදු වෙන්න.”මට වැඩ වැඩියි මට විවේකීව ඉන්න කාලයක් නැහැ” කියල නොහිතා විනාඩි කිහිපයක හෝ විවේකයක් ලබාගන්න උත්සාහ කරන්න.ඔබ හිතුවොත් ඔබට කළ නොහැක්කක් නොමැත.

5)නිතරම සතුටින් සිටින්න.

අපි විශ්වාස කළ යුතු වැදගත්ම දේ තමයි තරුණියකට තියෙන හොඳම mekaup එක සිනහව.සාමාන්‍යයෙන් කෙල්ලෙක් ලස්සනටම ඉන්න එයාගේ wedding එකේදි මාර makeup එකක් කරලා තිබ්බත් මනමාලි හිනා වෙන්නේ නැත්නම් අපි කියන්නේ “අපෝ මනමාලි බුම්මන් ඉන්නෙ” කියලා නේද? ඒ නිසා හිනා වෙන්න. මාස්ක් එකට වැහිලා තිබ්බත් ඔය ඇස් හීනි වෙනකන් ගෝල්ඩ් මාරියක් වගේ හිනා වෙන්න.
යහළුවන් සමඟ හෝ වේවා රැකියා ස්ථානයේ පිරිස සමග හෝ නිතරම සතුටෙන් සිටින්න.සතුටින් සිටින අයව ආශ්‍රය කරන්න.එවිට ඔබට ඔබේ රුව රැක ගැනීමට  මෙන්ම ඔබගේ මනස නිදහස් කරගන්නත් පුළුවන්කම ලැබෙයි.

6)පිරිසිදුව ඉන්න

බාහිරෙන් කොච්චර ඔපේට හිටියත් ඔයාගේ කායික පවිත්‍රතාවය හොඳ නැත්නම් ටිකක් අප්‍රසන්නයි. නාන්නේ නැතුව කොන්ඩේ තෙල් වගේ ඇලෙද්දි, බෙල්ලෙ කුණු තට්ටු තියෙද්දි ප්‍රසන්න බවක් නෑ. ඒ වගේම අතේ කකුලේ නියපොතු වවනවා නම් ඒක හරියට maintain කරන්න. දවල්ට කාපුවත් කියන්න පුලුවන් තරමට නියපොතු වවාගෙන, කහ ගැහෙනකන්, ගාපු කියුටෙක්ස් එක පොතු ගැලවිලා යනකන් තියන් ඉන්න එපා. කොට ගවුමක්, අත් නැති ඒවා අඳිද්දි අත් වල කකුල් වල, අත් යට අනවශ්‍ය රෝම තියෙනවා නම් ඒක ඔයාට කැතයි වගේ දැනෙනවා නම් ඉවත් කරන්න.

7)පිළිවෙලට ඉන්න

පිරිසිදුකම එක්කම පිලිවෙලට ඉන්න. සමහර ගෑණු ළමයිව මං දැකලා තියෙනවා fashionable ඇඳුම් ඇඳන් ඉන්නේ. Branded handbags තියෙන්නේ. ඒත් handbag එක ඇතුල කුණු ගොඩක් වගේ. ගෙවල් දැක්කම මේ කෙල්ල ඉන්න ගෙදරද කියලා හිතා ගන්නත් බෑ. තමන්ගේ කාමරේ, නිවස පිලිවෙලට තියා ගන්න. Bed sheets, curtains, towels මාරු කරන්න. ඔයාගේ කාර්යබහුල ජීවිතයේදී පිළිවෙලට ඉන්න අමතක කරන්න එපා.

What do you think?

Written by Author

ඔයත් නිතරම තරහ යන කෙනෙක්ද….එහෙනම් මේ දේවල් කරලා බලන්න

ඔයා දකින හීනවලින් කියැවෙන රහස්…