in

හෝර්ටන් තැන්න කියන්නෙම වෙනමම Feeling එකක්…..

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය වන හෝර්ටන් තැන්න, නුවරඑළියේ සිට 32Km ක් දුරින් පිහිටා තියෙනවා.මේ පරිසර පද්ධතියට පැමිණීමට මාර්ග කිහිපයක්ම තියෙනවා.

  • අඹේවෙල පට්ටිපොළ හරහා
  • ලිදුල ආගරපතන මාර්ගය හරහා
  • ඔහිය මාර්ගය හරහා

මේ සුන්දර පරිසර පද්ධතියට පැමිණෙන්න පුළුවන්.

හෝර්ටන්තැන්න සුන්දර පරිසර පද්ධතියට ඇතුළු වූ පසු අපිට දැක ගත හැකි තවත් ස්වාභාව දහමේ නිර්මාණ කිහිපයක්ම තියෙනවා.

  • පුංචි ලෝකාන්තය
  • මහා ලෝකාන්තය
  • බේකර්ස් ඇල්ල
  • චිමිනි ඇල්ල

මීට අමතරව ගෝනුන් රංචු පිටින් සිටින අයුරුත් දැක ගැනීමට පුළුවන්කම තියෙනවා.

හෝර්ටන් තැන්න, ශ්‍රී ලංකාවේ උසම තැනිතලා භූමිය වශයෙන් හඳුන්වන්න පුළුවන්.එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ක් පමණ වෙනවා.මුහුදු මට්ටමේ සිට 2100m-2300m උසකින් පිහිටා තියෙන මේ වනෝද්‍යානය තුළ සිරි අසිරි නරඔමින් ගමන් කරන විට හැඟෙන්නේ අපේ රට මේ තරම් ලස්සන ද කියන දේ පමණයි.මේ සුන්දර භූමිය සමහරුන් පුංචි නවසීලන්තය ලෙස ද හඳුන්වනවා.මීදුම,පොද වැස්ස,හරිත පරිසරය අමුතුම ලෝකයක් මවා පායී.මේ පරිසරයේ සුන්දරත්වය ඇත්තතෙන්ම වචන කරන්නට බැරි තරම්.

ජිවීතේට එක පාරක් හරි මේ සුන්දර අත්දැකීම ලබාගන්න අමතක කරන්න එපා……

What do you think?

73 වන විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට

ගැබිනි මවකට සුදුසු හා නුසුදුසු ආහාරපාන…