in

අම්මාවරුන් පමණ ද මතු බුදු වන්නේ…

Happy fathers day event card great dad with love card background

මවකට මුවා වී නුඹ හට දිරි දුන්නේ

මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ

පිය සෙනෙහස නැති ද දරුවෙනි හඳුනන්නේ

අම්මාවරුන් පමණ ද මතු බුදු වන්නේ….

දරුවන් වදන්නේ මව්වරුන් ය, නමුත් දරුවන් තනන්නේ පියවරුන් ය යන සමාජ කියමන ඇත්තේ එලෙසයි.

අද ජාත්‍යන්තර පියවරුන්ගේ දිනයයි.

සෑම වසරකම ජුනි මස තුන්වැනි ඉරිදා ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය සමරනු ලබනවා.

පියවරුන්ගේ දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ දිනයක් නොවුණත්, ලොව පුරා රටවල් 111 ක් මෙලෙස පියවරුන්ගේ දිනය සමරනු ලබයි.

1910 වසරේ අමෙරිකාවෙන් ආරම්භ වූ පියවරුන්ගේ දිනය, 1972 වසරේදී එරට ජනාධිපති රිචඩ් නික්සන් විසින් ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

තාත්තා කෙනෙක් යනු, නිහඬ ආදරවන්තයෙකි.

මව්වරුන් මෙන් දරුවන් ළඟ දැවටෙමින් සෙනෙහස නිරූපණය නොකළත්, දරුවෙක්ගේ ජීවිත රාමුව ගොඩනැගෙන්නේ පියවරුන්ගේ හදවත් තුළයි.

නමුත්, අද දවසේ ඔබ සිතා බලන්න, 

තාත්තාව ඔබට මඟ හැරිල ද? තාත්තා වෙනුවෙන් ඔබ, ඔබේ යුතුකම් ඉටු කරනව ද? 

ඉතින් වරක් සිතා බලන්න,වචනවලින් නොකියන තාත්තගේ හදවතේ භාෂාව, ඔබ තේරුම් ගත්ත ද කියා.

What do you think?

හිඟන්නාගේ තියරිය

මත් ද්‍රව්‍ය නිසා ගිලී යන ජීවිත