in ,

අයිඩින් ඌනතාවයේ ලක්ෂණ

අයඩීන් තයිරොයිඩ් හෝමෝන නිෂ්පාදනයේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අත්‍යාවශ්‍ය ඛනිජ ලවණයකි. අයඩීන් ඌනතාවයක් ඇති වූ විට විවිධ රෝග ලක්ෂණ මතු වෙනවා. සමහර සංඥා ඉතා සියුම් නිසා හඳුනා ගැනීම අපහසු වේ. මේ නිසා අයඩීන් ඌනතාවයේ ලක්ෂණ පිළිබඳව දැනුවත් වී සිටීම ඉතා වැදගත්.

අයිඩින් ඌනතාවයේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු වලට මඟ පාදනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තෙහෙට්ටුවක් දැනීම, ශක්තිය අඩු වී යන බව දැනීම වැනි දේ සිදුවෙනවා. පරිවෘත්තිය වේගය අඩුවීමට අයිඩින් ඌනතාවය බලපාන අතර බර වේගයෙන් වැඩි වෙනවා. ලබා ගන්නා කැලරි ප්‍රමාණය අඩු කලත් බර වැඩි වීම නවතින්නේ නැහැ.

අයිඩින් ඌනතාවය නිසා සම සහ හිසකෙස් වියළි බවට හැර වෙනවා. සමේ පොතු යාම, කෙස් බිඳෙනසුළු වීම වැනි සලකුණු පැහැදිලිව දැකගත හැකි වෙනවා. අයඩින් ඌණතාවය ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාවට සෘණාත්මක ලෙස බලපානවා. උණුසුම් පරිසරයක දී පවා අධික සීතලක් දැනෙන්න මෙය හේතුවක් වෙනවා. අයඩින් ඌනතාවය සමග මාංශපේශි දුර්වල වෙනවා. සන්ධි වේදනාව හට ගන්නවා.

අයිඩින් ඌනතාවයට ගොදුරු වූ විට අවධානය යොමු කිරීමේ දුෂ්කරතා, මතක තබා ගැනීමේ ගැටලු වැනි තත්ත්වයන් ඇතිවෙනවා. මනස දුර්වල වී සංජානන ගැටළු හටගන්නවා. අයිඩින් ඌනතාවයෙන් පෙළෙන කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා මතුවෙනවා. ඇතැම් විට ඔසප් වීම නැවතෙනවා. එයට හේතු වන්නේ අයඩින් ඌනතාවය ශරීරයේ හෝමෝනවල සමතුලිතතාවයට බාධා ඇති කිරීමයි. 

අයඩීන් ඌනතාවයේ ප්‍රතිඵලයක් ලෙස තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වෙනවා. එය බෙල්ලෙ ඉදිමීමක්  ලෙස පැහැදිලිව මතුවෙනවා. එය ගිලීමේ අපහසුතාවයක් ඇති කරනවා. මෙම ඉදිමීම විශාල වුවහොත් හුස්ම ගැනීමේ ගැටළු පවා මතු වෙනවා.

 අයඩීන් ඌනතාව පෙලෙන සමහර පුද්ගලයන්ගේ මනෝභාවය වෙනස් වෙනවා. මානසික අවපීඩනය, කාංසාව ආදී ගැටළු වලට නිතර නිතර ගොදුරු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් නිතර මානසික ආතතියට පත් වෙනවා. 

අයඩීන් ඌනතාවයෙන් පෙළෙන විට තුවාල සුව වීම දුර්වල වෙනවා. එයට හේතු වන්නේ තුවාල සුව කිරීමට අයඩීන් අත්‍යවශ්‍ය සාධකයක් වීමයි. තුවාල ඇති වූ විට එය යථා තත්ත්වයට පත් වීමට වැඩි කාලයක් ගත වෙනවා. 

අයඩින් ඌනතාවය ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන්නත් හේතු වෙනවා. නිතර නිතර ලෙඩ රෝග සහ ආසාදන ඇති වන අතර සුව වීම ප්‍රමාද වෙනවා.

අයඩීන් ඌනතාවය නිසා හෘද ස්පන්දන වේගය අක්‍රමවත් වෙනවා. එය පැහැදිලිව දැනෙන්න පටන් ගන්නවා. මෙයට හේතු වන්නේ තයිරොයිඩ් හෝමෝන අසමතුලිතතාවයක් මතු වීමයි.

උපුටා ගැනීම: wellnessexpert

What do you think?

Written by Mic

නිතර දැනෙන වෙහෙසට හේතු 

දරුවාගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන ආහාර