in

අරුම පුදුම මානසික ගැටළු

මිනිස් මනස සංකීර්ණයි. අසාමාන්‍ය හා දුර්ලභ මානසික තත්ත්වයන්  කීපයක් ගැන අද අපි කතා කරමු. 

Capgras Syndrome

මේ අය බය වෙන්නේ හරි අමුතු කාරණාවකට. මේ අය හිතනවා තමාගේ පවුලේ කෙනෙක්ව හෝ සමීප මිතුරෙක්ව අතුරුදන් කර, ඔහුගේ මුල් පෙනුමට සමාන වෙනත් වංචනික පුද්ගලයෙක් ප්‍රතිස්ථාපනය කරලා කියලා. මෙය මායාකාරී ආබාධ ගණයට අයත් වෙනවා. මෙය එම ගැටලුවෙන් පීඩා විඳින පුද්ගලයාට දුක්ඛිත හා නොසන්සුන් අත්දැකීමකි. 

Cotard’s Syndrome

මේ අය හිතන්නේ තමන් මිය ගිහින් කියලා. එහෙම නැත්තම් ඔවුන්ගේ අභ්‍යන්තර අවයව අහිමි වෙලා කියලා.  මෙම තත්වය බරපතල මානසික අවපීඩනයකට තුඩු දෙන්න හේතු වෙනවා. ඒ වගේම තමයි යථාර්ථයෙන් ඈත් වෙන්න ,ඒ අය පෙළඹෙනවා. 

Alien Hand Syndrome

මේ අය හිතන්නේ මේ අයගේ අතේ මනසක් පිහිටලා තියෙනවා කියලා. මේ නිසා ඔවුන්ගේ දැනුවත්කමකින් තොරව අත ස්වේච්ඡාවෙන් හා සමහර විට අමුතු චලනයන් සිදු කරන බව ඔවුන් විශ්වාස කරනවා.  ඒත් ඒක ඇත්තටම ස්නායු ආබාධයක්.

Fregoli Delusion

Fregoli Delusion ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ මිතුරන් හෝ පවුලේ සාමාජිකයන් හඳුනා ගැනීමට අපහසුයි. ඔවුන් හිතන්නේ අනෙකුත් පුද්ගලයන් වෙස් මාරු කරන, ආගන්තුකයෙකු මෙන් පෙනී සිටින අය බවයි. ඔවුන් තුල ව්‍යාකූල සහ බියජනක හැඟීම් මේ නිසා ඇති වෙනවා.

Erotomania

මේ ගැටලුවට ගොදුරු වුන කෙනා හිතනවා තමන් සමඟ උසස් සමාජ තරාතිරමක අයෙක් (උදා: ප්‍රසිද්ධ පුද්ගලයෙක් හෝ ප්‍රසිද්ධ චරිතයක්) ආදරයෙන් බැඳී සිටින බව. මෙහි ප්‍රතිඵලයක් ලෙස උමතු සහ ආක්‍රමණශීලී හැසිරීම් මතු වෙනවා.

Paris Syndrome

පැරිස් සින්ඩ්‍රෝමය කියන්නේ ප්‍රංශයේ පැරිස් නගරයට පැමිණෙන ඇතැම් සංචාරකයින් අත්විඳින තාවකාලික මානසික ආබාධයක්. පැරීසියට එන්න කලින් හිතේ මවාගෙන ඉන්න රොමෑන්ටිකකරණය වූ ප්‍රතිරූපය යථාර්ථයට වඩා වෙනස් බව අවබෝධ වීමෙන් බලාපොරොත්තු සුන්වීමකට සහ කාංසාවකට ගොදුරු වීම මෙහිදී සිදු වෙනවා.

Stendhal Syndrome

 සුන්දර, අතිවිශාල කලා කෘතිවලට හෝ ස්වභාවික සුන්දරත්වයට නිරාවරණය වන විට සමහර පුද්ගලයන්ගේ හද ගැස්ම වේගවත් වීම, ක්ලාන්තය ඇති වීම, මායාවන් පෙනෙන්නට ගැනීම වැනි තත්වයන් ඇති වෙනවා.

Exploding Head Syndrome

යමෙකු නිදා ගන්නා විට හෝ අවදි වන විට ඔහුගේ හිස අභ්‍යන්තරයේ විශාල, පුපුරන සුලු ශබ්දයක්  ඇසෙන බව ඔවුන්ට දැනෙනවා. එයින් වේදනාවක් ඇති නොවුනත් විශාල පීඩාවක් දැනෙනවා.

Body Integrity Identity Disorder (BIID)

සමහර පුද්ගලයන්ට තමන්ගේ අත් පා කපා දැමීමේ දැඩි අවශ්‍යතාවයක් මතු වීම මෙම ගැටලුවයි. එය දැඩි සහ නොනවතින ආශාවකි.

Alice in Wonderland Syndrome

සිය  ශරීරයේ ප්‍රමාණය හෝ අවට පරිසරයේ ඇති වස්තූන්ගේ ප්‍රමාණය පිළිබඳ සංජානනය විකෘති වීමක් මෙහිදී සිදු වෙනවා. මෙම පුද්ගලයන්ට අවට වස්තූන්ට සාපේක්ෂව තමන් ඉතා විශාල වී හෝ ඉතා කුඩා වී ඇති බවක් දැනෙන්නට පුළුවන.

උපුටා ගැනීම: Wellness Expert

What do you think?

Written by Mic

කනේ සෞඛ්‍යය රැක ගන්න උපදෙස්

වෛද්‍ය පරීක්ෂණයක් කර ගැනීමේ වාසි