in

අවුරුදු 20ක් දම්වැල් දාලා හිටිය පූමා…

අවුරුදු 20ක් තිස්සේ යකඩ දම්වැල් වලට හිරවෙලා හිටපු මුෆාසා කියන පූමා සතාගේ කතාව ඇහුවොත් ඔයාට ඇත්තටම දුක හිතෙයි. මිනිස්සුන්ට ඇත්තටම මේ තරම් දරුණු වෙන්න්න පුලුවන්ද?

මේ සතාගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවිලා තිබුණේ පේරු රටේ සංචාරක සර්කස් කණ්ඩායමක ට්‍රක් රථයක් පිටිපස්සේ මහත යකඩ දම්වැල් වලට හිරවෙලයි. පූමා කියන්නේ සාමාන්‍යයෙන් විශාල ප්‍රදේශයක නිදහසේ දුවල පැනල, ගස් නැගලා, සැඟවිලා දඩයම් කරලා ජීවත් වෙන්න ඕන සතෙක්. හැබැයි මුෆාසාගේ ලෝකෙම වුණේ යකඩ, ඝෝෂාව, හිරවීම සහ එක තැනකින් තවත් තැනකට යන වෙහෙසකර ගමන් විතරයි.

2015 අවුරුද්දේදී පේරු රජය සර්කස් වල වන සතුන් පාවිච්චි කරන එක තහනම් කළාට පස්සේ, සතුන් බේරාගන්න කණ්ඩායමක් ඇවිත් මුෆාසාව හොයාගත්තා. එයාලා අර අවුරුදු ගාණක් තිස්සේ සතාව හිරකරගෙන හිටපු මහ බර යකඩ දම්වැල් සහ පටි ටික සදහටම ගලවලා දැම්මා.

ප්‍රශ්නේ වුණේ මෙච්චර කාලයක් කූඩුවක හිරවෙලා හිටපු නිසා එයාට කැලෑවක තනියම ජීවත් වෙන්න දඩයම් පුරුද්දක්වත්, ශරීර ශක්තියක්වත් ඉතුරු වෙලා තිබුණේ නෑ. ඒ නිසා මේ කණ්ඩායම එයාටම කියලා වෙනම ආරක්ෂිත කැලෑ පරිසරයක් හැදුවා.

ඔයාට හිතාගන්න පුළුවන්ද, කැලේ උපදින සතෙකුට නිකන්ම ලැබෙන දේවල් මුෆාසාට දැනුණේ හරියට අලුත්ම අත්දැකීමක් වගේ. සර්කස් පෙන්නන්න බලකිරීමක් නැතුව, ජීවිතේ පළවෙනි වතාවට මේ සතාට පස් පාගන්න, ගස්කොළන් වල සුවඳ බලන්න, ඉර එළිය විඳින්න වගේම කිසිම දම්වැලකින් ඇදෙන්නේ නැතුව තමන්ට ඕන තැනක නිදාගන්න සහ නිදහසේ ඇවිදින්න අවස්ථාව ලැබුණා.

දුකට කාරණේ කියන්නේ මේ නිදහස ලැබිලා මාස කිහිපයකින් මුෆාසා මියගියා. හැබැයි, අර දම්වැල් වලට හිරවෙලා ගෙවපු අවුරුදු 20 ක අඳුරු ජීවිතේට වඩා ඒ අන්තිම මාස කිහිපය එයාට කොච්චර වටින්න ඇද්ද නේද?

අඩුම තරමේ ජීවිතේ අන්තිම කාලේදී හරි එයාගේ ශරීරයේ අයිතිය එයාටම ලැබුණා.

අතැඹුල

What do you think?

Written by Mic

වසර 2000කට කලින් චීන ගුහා චිත්‍ර ඇඳලා තියෙන්නෙ ලේ වලින්..

ලෝකයේ ඇතිවූ වැඩිම වේලාවක් තිබූ භූකම්පන.