විනාඩි කිහිපයක් එක දිගට දුවනකොට අපිට කොයිතරම් මහන්සිද? හැබැයි හිතන්න, මාස 6ක් තිස්සේ එක දිගට පියාසර කරන, එක මොහොතකටවත් පොළොවට අඩිය තියන්නේ නැති කුරුල්ලෙක් ගැන?
මේ පුදුම කුරුල්ලා තමයි “ඇල්පයින් වැහිලිහිණියා” (Alpine Swift). යුරෝපයේ ඉඳන් අප්‍රිකාවට සංක්‍රමණය වෙන අතරතුර මේ කුරුල්ලෝ දවස් 200ක් තිස්සේ එක දිගට අහසේම රැඳී ඉන්නවා. ඒ කියන්නේ බාග අවුරුද්දක්ම ඔවුන් ඉන්නේ පියාසර කරමින්!
ඔයාලට හිතෙයි මුන් කන්නේ බොන්නේ කොහොමද කියලා. මේ කුරුල්ලන්ගේ මුළු ජීවිතයම ගෙවෙන්නේ අහසේ. ඔවුන් පියාසර කරන ගමන්ම වාතයේ ඉන්න කෘමීන් ආහාරයට ගන්නවා, වැව් මතුපිටින් වතුර බොනවා, ඒ වගේම පියාසර කරන ගමන්ම පුංචි නින්දක් (Power nap) ගන්නත් ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. විද්‍යාඥයන් පවා මේ ගැන පුදුම වෙලා තියෙන්නේ ඔවුන්ගේ මේ අසිරිමත් ශක්තිය දැකලයි.
මේ පුංචි කුරුල්ලා අපිට ලොකු බලාපොරොත්තුවක් දෙනවා. ජීවිතේ සමහර කාලවල් වලට අපිට විවේක ගන්න තැනක් නැති වෙන්න පුළුවන්, ප්‍රශ්න මැද නොනැවතී ඉදිරියටම යන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මතක තබාගන්න, ඒ ඕනෑම දුෂ්කර ගමනක් යන්න අවශ්‍ය හයිය අපේ හිත ඇතුළෙම තියෙනවා. නතර වෙන්න තැනක් නැතත්, වැටෙන්නේ නැතුව පියාසර කරන්න ඔයාටත් පුළුවන්!
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


