in

අහසින් යන අලුත්ම ඔත්තුකරුවෝ! පණ තියෙන පරවියන්ව GPS “Biodrones” බවට පත් කළ රුසියානු තාක්ෂණය.

​අපි සාමාන්‍යයෙන් දකින්නේ පරවියෝ නිදහසේ අහසේ ඉගිලෙනවානේ. ඒත් නිකමට හිතන්න, ඒ පණ තියෙන කුරුල්ලෙක්ගේ පාලනය මිනිසෙක් අතට ගත්තොත්?

හරියට රිමෝට් එකකින් පාලනය වන ඩ්‍රෝන යානයක් වගේ!

​මේක විද්‍යා ප්‍රබන්ධ කතාවක් නෙවෙයි. රුසියානු සමාගම් විසින් ජීවමාන පරවියන්ව යොදාගෙන සිදු කරන අලුත්ම තාක්ෂණික විප්ලවයයි මේ.

මොකක්ද මේ “Biodrone”?

ඔවුන් මේ පරවියන්ගේ ශරීරයට ඉතාමත් කුඩා, නවීන GPS තාක්ෂණය සහ සංවේදක (Sensors) සවි කරනවා. මේ හරහා කුරුල්ලාගේ මොළයේ ස්නායු පද්ධතියට බලපෑම් කරලා, ඌ පියාසර කරන දිශාව සහ ගමන් මාර්ගය පොළොවේ ඉඳන් පාලනය කරන්න පුළුවන්. සරලවම කිව්වොත් මේ ඉන්නේ “සයිබෝර්ග්” (Cyborg) සත්තු!

​විශ්වාස කරන්න, මේ “පරවි ඩ්‍රෝන” වලට දවසකට සැතපුම් 300ක් (ඒ කියන්නේ කිලෝමීටර් 480ක් විතර!) දුරක් එකදිගට පියාසර කරන්න පුළුවන්.

මැෂින් එකක් වගේ බැටරි බහින්නේ නැති නිසා මේ සත්තුන්ට පුදුම දරාගැනීමේ හැකියාවක් තියෙනවා.

සාමාන්‍ය යාන්ත්‍රික ඩ්‍රෝන යානයක් ලේසියෙන් රේඩාර් වලට අහු වෙන්න පුළුවන්. ඒත් අහසේ යන දහස් ගණන් කුරුල්ලෝ අතරින් මේ “ඔත්තුකාර පරවියා” කවුද කියලා හොයාගන්න එක ලේසි නෑ. මේක ආරක්ෂක සහ ඔත්තු බැලීමේ කටයුතු වලට යොදාගන්න පුළුවන් භයානක, ඒ වගේම විස්මිත ක්‍රමයක්.

​ඉස්සර රජ කාලේ පණිවිඩ යැව්වේ පරවියන්ගේ කකුලේ ගැටගහලා. අද කාලේ පරවියන්ගේ මොළයට GPS හයි කරලා!

​මේක ස්වභාවධර්මය සහ තාක්ෂණය එකතු කරපු අපූරු පිම්මක්ද? නැත්නම් සත්තුන්ට කරන අපරාධයක්ද?

උපුටා ගැනීම : Sandahana – සදහන

What do you think?

Written by Mic

මුහුද මැද හැදුණු යෝධ “චෙස් බෝඩ්” එක!

මිනිස්සු 10 දෙනෙක්ගේ හයිය තියෙන, හැබැයි “මල් පෙත්තක්” වගේ සංවේදී යෝධයා!