in

ආදරය වචනයෙන් නැතුව ක්‍රියාවෙන් පෙන්නන මිනිස්සු…

මම කැමතියි විවිධාකාරයේ මිනිස්සු මුණගැහෙනවට..

ආදරය කියන සුන්දර ක්‍රියාපදය,

ඉවසිලිවන්ත කමින් පෙන්වන

කරුණාවන්ත කමින් පෙන්වන

විශ්වාසවන්ත කමින් පෙන්වන

මාව  දරා ගනිමින් උදවු කරන ආදරණිය මිනිසුන්ට….

මුහුණට සිනාවක් ගෙනෙන වචන වලින් හිත සතුටු කරන මිනිසුන්ට..

මගේ ජිවිතයේ අමාරුම අවස්ථා  වල මාව අත් නොහරිමින් ආදරය දැනෙන්න දෙන මිනිස්සුන්ට..

මගේ   ජිවිතයේ ජයග්‍රහණය හමුවේ අවංකව සතුටු වෙමින් නිහඩවම දිරි ගන්වන..අත් නොහැර අල්ලාගෙන සිටින මිනිසුන්ට..

ඉතින්

අපි හැමෝගෙම ජීවිතවල ඒ විදියේ හරි ලස්සන හදවත් තියෙන මිනිස්සු ඉන්නවා.

සමහරවිට ඔවුන් අපි ගැන නිහඩව සොයා බැලිම් කරනවා වෙන්න පුළුවන්.

මගේ ජිවිතයේ ඉන්න ඒ වගේ ආදරණීය හදවත් ඇති  මිනිසුන්ට අනේකවාරයක් ස්තුතියි.

ඔබේ ජිවිතයේ සිටින එවැනි ආදරණීය මිනිසුන් වෙනුවෙන් ස්තුතිවන්ත වන්න.

ඔවුන් වෙනුවෙන් එක් අවස්ථාවක හෝ පෙනී සිටින්න.

ආදරය පෙරළා ලබා දෙන්න.

මම හිතනවා ආදරය කියන වචනය, වචනයක් තුළ තියෙනවට වඩා ක්‍රියාවක් තුලදි හරි ප්‍රබලයි කියලා…

What do you think?

දරුවන් රැකගමු – සමසේ සලකමු

මොකක්ද මේ Depression කියන්නේ?