in

ආශා ද වොස් : ලාංකික තල්මසුන් හඳුන්වා දුන් විශේෂඥවරිය

Asha de Vos, නිල් තල්මසුන්, විද්‍යාඥයෝ, සාගර විද්‍යාව, Featured

තල්මසුන් අසූචි ආශා ද වොස්ගේ වෘත්තීය ජීවිතය වෙනස් කළේය.

ආශාද වොස් ශ්‍රී ලාංකික සමුද්‍ර ජීව විද්‍යාඥයෙකි. 2003 වසරේ සිය නිජ දිවයින ආසන්නයේ පර්යේෂණ යාත්‍රාවක සිටියදී ආශා නිල් තල්මසුන් 6 දෙනකු රැස්ව සිටිනු දුටුවාය. තල්මසුන්ගේ අපද්‍රව්‍යවල දීප්තිමත් රතු පදාසයක් මුහුදු ජල මතුපිට පුරා පැතිරෙමින් තිබුණි.

Two hands are holding two blue cups that look similar to measuring cups. Each cup contains orange-red substance that appears to have the consistency of mud.

තල්මසුන්ගේ ආහාර නිසා රතු පැහැගැන්වුන් මල දැකීමෙන්, ශ්‍රී ලංකාවේ නිල් තල්මසුන් ආහාර සහ අභිජනන ප්‍රදේශ අතර සංක්‍රමණය නොවන බවට ආශා සැක කළාය.

එවකට පශ්චාත් උපාධි ශිෂ්‍යාවක වූ ආශා, දුටු දේ පවතින ප්‍රවාදයට පටහැනි එකක් විය: එවකට පැවැති මතය වූයේ අනෙකුත් විශාල තල්මසුන් මෙන් නිල් තල්මසුන්ද ශීතල ආහාර ප්‍රදේශ සහ පැටවුන් බිහි කරන උණුසුම් ප්‍රදේශ අතර දිගු දුර සංක්‍රමණවල නියැලනෙ බවයි. ඒ බව ඇගේ මහාචාර්යවරු සහ පෙළ පොත්වල ද උගන්වා තිබුණි. නමුත් නිවර්තන ජලයේ තල්මසුන් මලපහ කරනවා දැකීමෙන් මේ දැවැන්තයින් ආහාර සපයා ගන්නේත් ජීවත්වන තදාසන්නයෙන් බව ඇය විශ්වාස කළාය.

කුතුහලයට පත් වූ ආශා, ශ්‍රී ලංකාව ආසන්නයේ ඇති නිල් තල්මසුන් ලෝකයේ වෙනත් ස්ථානවලට වඩා වෙනස් වන්නේ කෙසේද යන්න ලේඛනගත කිරීමට ඊළඟ වසර කිහිපය ගත කළාය. ඇගේ නිරීක්ෂණ මගින් සොයාගත් කරුණුවලට අනුව අනෙක් තල්මසුන් මෙන් නොව මේ තල්මසුන් ක්‍රිල් හෙවත් කූණිස්සන්ට වඩා ඉස්සන් ආහාරයට ගැනීමෙන් යැපෙයි. මේ තල්මසුන්ට ම ආවේනික වූ ගැයුම් ද ඇත. නමුත් ප්‍රධාන වෙනස නම්, මේ තල්මසුන් වසර පුරා ම ශ්‍රී ලංකාව, ඕමානය සහ මාලදිවයින අතර මුහුදේ රැඳී සිටීමයි – ඒ අනුව උන් ලෝකයේ එකම සංක්‍රමණික නොවන නිල් තල්මසුන් ලෙස සැලකිය හැකිය. පෝෂ්‍ය පදාර්ථ බහුල ගැඹුරු නිවර්තන සාගරයෙන් ස්ථාවර ආහාර සැපයුමක් මේ තල්මසුන්ට නොකඩවා ලැබෙයි.

ආශාගේ පර්යේෂණ අනුව අවසානයේදී, තල්මසුන් ආරක්ෂා කිරීම සඳහා කැප වූ අන්තර් රාජ්‍ය ආයතනය වන ජාත්‍යන්තර තල්මසුන් කොමිසම, ශ්‍රී ලංකාවේ නිල් තල්මසුන් Balaenoptera musculus indica නමින් හැඳින්වෙන සුවිශේෂී උප විශේෂයක් ලෙස පිළිගත්තේය.

ශ්‍රී ලංකාව වටා ඇති නිල් තල්මසුන් අධ්‍යයනය කිරීමෙන්, සමුද්‍ර ජීව විද්‍යාඥ Asha de Vos විසින් සොයාගනු ලැබුවේ ඔවුන් ලොව සිටින එකම සංක්‍රමණික නොවන නිල් තල්මසුන් බවයි.

Franco Banfi/Nature Picture Library/Alamy Stock Photo

ශ්‍රී ලංකාව අවට වෙසෙන නිල් තල්මසුන් අධ්‍යයනය කිරීමෙන්, සමුද්‍ර ජීව විද්‍යාඥ Asha de Vos විසින් සොයාගනු ලැබුවේ ඔවුන් ලොව සිටින එකම සංක්‍රමණික නොවන නිල් තල්මසුන් බවයි. Franco Banfi/Nature Picture Library/Alamy Stock Photo

සංරක්‍ෂණ කළමනාකරණය සඳහා මෙම වෙනස ඉතා වැදගත් බව එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ ජාතික සමුද්‍ර ධීවර සේවයේ හිටපු විශ්‍රාමික තල්මසුන් ජීව විද්‍යාඥ Phillip Clapham පැහැදිලි කරයි. ශ්‍රී ලංකාවේ මෙන් දේශීයකරණය වූ කුඩා තල්මස්ගහන ගැඹුරු මුහුදේ පතල් කැණීම් වැනි තර්ජන හමුවේ විනාශ වී යාමේ වැඩි අවදානමකට මුහුණ දෙයි.

ආශා ජාතික භූගෝලීය ගවේෂකයෙකු, TED ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සහ 2018 වසරේ BBC හි වඩාත්ම ප්‍රබෝධමත් සහ බලගතු කාන්තාවන් 100 දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කිරීම ඇතුළුව නොයෙකුත් ඇගයීම් ලබා ඇත. නමුත් එවැනි පිළිගැනීම් ඇයව දිරිගන්වන්නේ නැත.

බොහෝ ශ්‍රී ලාංකිකයන් සාගරය සම්බන්ධයෙන් දරන සෘණාත්මක ආකල්ප වෙනස් කිරීමට ආශාට අවශ්‍යය ය. “මට අවශ්‍ය වන්නේ මිනිසුන් සාගරයට ආදරය කිරීමයි …බොහෝ ආකාරවලින් ජීවය පවත්වාගෙන යන ජීව දානය කරන විශ්මිත අවකාශයක් ලෙස අප සියල්ලෝම සාගරය හඳුනා ගතයුතුයි.

ඇයගේම පාඨමාලාවක් සකස් කිරීම‍ෙ

“අපේ බොහෝ අය මුහුද සමඟ විසන්ධි වී ඇත” ආශා පවසයි. “ඔවුන් ජීවිතය හැම විටම වෙරළ තීරයෙන් අවසන් විය.” පිහිනීමට ඉගෙන ගන්නා ස්වල්ප දෙනෙක් සාමාන්‍යයෙන් පිහිනුම් තටාකවල රැඳී සිටිති. . “විශේෂයෙන්නාස්ති කිරීමට වෙලාවක් නැති දුප්පත් රටවල බහුතරයක් වෙරළෙන් ඔබ්බට කල්පනා කිරීමට අපොහොසත් බව ආශා පවසියි.

ආශාගේ ඉදිරිගාමී මව ඇයව පිහිනුම් පන්ති සඳහා යැව්වාය. ආශා කෙතරම් හොඳින් වතුරට ගියාද යත් ඇය ඉක්මනින්ම නිදහස් ආර ස්ප්‍රින්ට් ඉසව් සඳහා තරඟ කිරීමට පටන් ගත්තාය.

කෙසේ වෙතත්, සාගරය සම්බන්ධ ඇයගේ ආකර්ෂණය පැන නැගුනේ වෙනත් මූලාශ්‍රයකිනි: ඒ ඇගේ පියා ප්‍රාදේශීය පොත් සාප්පුවෙන් නිවසට ගෙන එන නැෂනල් ජියෝග්‍රැෆික් සඟරා වලින්. “ඇත්තටම මාව පෙළඹුවෙි ඒ පින්තූර විතරයි,” ආශා පවසයි.

වයස අවුරුදු 17 වන විට, ඇය සමුද්‍ර ජීව විද්‍යාව වෙත ඇගේ වෘත්තීය මාවත යොමු කර ඇත. කිසිදු දේශීය විශ්ව විද්‍යාලයක් ඒ සඳහා උචිත පාඨමාලාවක් ඉදිරිපත් නොකළ අතර එම විෂය හැදෑරීමට ශ්‍රී ලංකාවෙන් විදේශගත වූ ශ්කිසිවෙකු ගැන ද ඇය අසා නොතිබුණි, නමුත් එය ආශා ඩි වොස්ට බාධාවක් නොවීය. කීර්තිමත් සමුද්‍ර ජීව විද්‍යා වැඩසටහනක් ඇති ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෘස් විශ්ව විද්‍යාලය ට ඇතුල්ගේවීම ඇයගේ සිහිනය වූවාය. ඕ සඳහා සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගැනීම පමණක් ඇය අතපසු කළේ නැත. “මම [විශ්ව විද්‍යාලයට] කතා කරලා කිව්වා, ‘බලන්න, මට ඇත්තටම ඔබේ පාසලට එන්න ඕන. මම දන්නවා මම දක්ෂයි, ”ආශා සිනාසෙමින් සිහිපත් කරයි.

Asha de Vos is sitting on a boat, holding lab equipment in both hands. She is wearing a baseball cap, a maroon colored t-shirt and a white pair of shorts. She is not wearing shoes.

ශ්‍රාස්ත්පති උපාධි අධ්‍යනවල දී ආශා ඩි වොස් Asha de Vos (2015 දී ගත් සේයාරුවකි) ශ්‍රී ලංකාවේ නිල් තල්මසුන් සංක්‍රමණ නොවන බව නිරීක්ෂණය කළාය.

අනතුරුව මහාද්වීප තුනක් හරහා ආචාර්ය උපාධිය කරා ඇයව ගෙන යන ශාස්ත්‍රීය ගමනකඅ ආරම්භ විය – 2015 දී අවසන් කළ ආචාර්ය උපාධියනේ අනතුරුව ඇය ඔස්ට්‍රෙලියාවේ සහ එක්සත් ජනපදයේ ෙ පශ්චාත් ආචාර්ය හැදෑරීම්වල නියැලිනි.

ආශාගේ ගමන හැමවිටම සුමට නොවීය. “සාගර ජීව විද්‍යාඥයෙකුට මේ රටේ ඉඩක් නැහැ” කියා මිනිසුන් කියනු ඇයට ඇසුනි. “වැඩ තිබිය හැකි බව, මුහුදේ රැකියා තිබිය හැකි බව ඔවුන්ට තේරුම් ගත නොහැකි විය,” ඇය පවසයි. “මම දැන් නිතරම විහිළු කරන්නේ සමහර විට මම විශ්ව විද්‍යාලයට ගොස් ධීවර කාන්තාවක් වනු ඇතැයි මිනිසුන් සිතනවා විය හැකියැයි කීමෙනි.”

ආශා ඇගේ වෘත්තීය ජීවිතය තුළ ප්‍රගතියක් ලබන විට, ඇගේ රට තුළ සහ ඉන් පිටත ද විවේචන දිගටම පැවතුනි. ඇය නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට ලියන ලද පෞද්ගලික රචනයක, දරිද්‍රතාවයෙන් පෙළෙන රටක පර්යේෂකයෙකු ලෙස ඇයගේ අධිකාරය ප්‍රශ්න කළ ධනවත් රටවල සෙසු විද්‍යාඥයන් අතලොස්සක් ගැන විස්තර කරයි.ඒ අතර, “ගෞරවනීය” කාන්තාවකගේ සීමාවන් තුළ රැඳී නොසිටීම, සාපේක්ෂව අවදානම් සහිත, ශ්‍රම-අධික එළිමහන් කාර්යයන්හි නිරත වීම සම්බන්ධයෙන් ඇතැම් ශ්‍රී ලාංකිකයන් ඇයව විවේචනය කළහ. ඇය සිටි බෝට්ටුවක නියමුවෙකු වූ ධීවරයෙක් ඇය වතුරට බැස “හිරුට කළු වීම” ගැන ඇගේ සැමියා සිතන්නේ කුමක්දැයි ඇසීය. ආශා පිළිතුරු දුන්නේ ඇය විවාහ වී නැති බවයි. මිනිසා පිළිතුරු දුන්නේ, “මම හිතුවා එච්චරයි.”

“බොහෝ ආකාරවලින්, එවැනි අභියෝග සම්බන්ධයෙන් මම කෘතඥ වෙනවා – ඔවුන් ඇත්තටම මාව මා බවට පත් කළා. ඔවුන් මට කොටුවෙන් පිටත සිතන්නට සැලැස්සුවා. ඔවුන් මට ඉතා වෙහෙස මහන්සි වී වැඩ කිරීමටත් මා කරන දේ ගැන ඇත්තටම උන්න්දුවෙන් කටයුතු කිරීමටත් සැලැස්සුවා.

සදාකාලික උරුමයක් නිර්මාණය කිරීම

2008 වසරේ ඇය විසින් දියත් කරන ලද ශ්‍රී ලංකා නිල් තල්මසුන් ව්‍යාපෘතිය හරහා අද වන විට ද වොස් සාගරජීවීන් පිළිබඳ අධ්‍යයනය දිගටම කරගෙන යයි. “ලෝකයේ මේ කොටසේ නිල් තල්මසුන් පිළිබඳ ඡායාරූප එකතුවක් ද සහිතව විශාලතම දත්ත ගබඩාව අප සතුව ඇත,” සිය ගණනක ඡායාරූප නාමාවලියක් ද ඊට ඇතුළුවන්නේයැයි ඇය පවසන්නීය.

තල්මසුන්ට අමතරව ඩි වොස් ඔවුන්ගේ ගැඹුරු මුහුදේ පරිසරයේ ජෛව විවිධත්වය ද සමීක්ෂණය කරයි. ඇය දන්නා පරිදි, 2022 දී උතුරු ඉන්දියන් සාගරයේ එවැනි පළමු විගණනය සිදු කළාය. “මම මේ දේවල් කරන්නේ සංරක්ෂණ දෘෂ්ටිකෝණයකින්.… මෙම ගැඹුරු මුහුදේ පරිසරය තුළ කළ හැකි දේ ගැන ජනතාව දැන් වඩවඩා නිර්භීත වෙමින් සිටිති. ,” ඇය පවසන පරිදි දිය යට පතල් කැණීම් තර්ජනයක් විය හැකිය. “මම තල්මසුන් සමඟ වැඩ කරන අතර එය මගේ මූලික ආදරයයි. නමුත් තල්මසුන්ට පරිපූර්ණ සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධතියක් අවශ්‍ය වන්නේ ඔවුන් ජීවත්වන අවට පරිසරය ඔවුන්ට කරදර නොකරන ආරක්ෂිත බුබුලක් නොවන බැවිනි”.

ඩි වොස්ගේ කාර්යයේ ප්‍රධාන අරමුණ වන්නේ නිල් තල්මසුන් නැව් ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමයි. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ලොව කාර්යබහුලම නැව් මාර්ගයක් ඔස්සේ වන අතර, 2010-2014 කාලය තුළ නැව්වල ගැටීමෙන් මිය ගිය තල්මසුන් 14ක් අතරින් සියයට 60කට වඩා ලංකාව අවට වෙසෙන නිල් තල්මසුන් විය.

2012 දී ආශා මේ නාවික අනතුර එළිදර්ව් කළ විට ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර තල්මසුන් කොමිසම, ලෝක නැව් කවුන්සිලය සහ අනෙකුත් ආයතන සමඟ “සම්පූර්ණ සංවාද චක්‍රයක් ආරම්භ කළේය”. 2022 දී ලොව විශාලතම බහාලුම් නැව් සමාගම වන මධ්‍යධරණී නැව් සමාගම ශ්‍රී ලංකා වෙරළාසන්නයේ ගමන් කරන විට තම නැව්වල වේගය අඩු කරන බවත් තල්මසුන් මඟහරින වඩා දකුණු දෙසට ගමන් කරන මාර්ගයක් අනුගමනය කරන බවත් ප්‍රකාශ කිරීමත් සමඟ එම සාකච්ඡා ජයග්‍රහණයෙන් අවසන් විය.

Asha de Vos විසින් ආරම්භ කරන ලද ලාභනොලබන ආයතනයක් වන Oceanswell, තල්මසුන්ගේ ජීවිතරටා පැහැදිලි කරන මෙම සජීවිකරණය නිර්මාණය කළේය.

ඇගේ වැදගත් අරමුණක් වන්නේ සාගරය සහ එය ආරක්ෂා කිරීමේ වැදගත්කම වැඩි වැඩියෙන් අගය කිරීම ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රචලිත කිරීමයි. “මගේ සම්පූර්ණ ඉලක්කය වන්නේ සාගර සඳහා ආදරය ඇති කිරීම සහ සාගර භීතිය ඉවත් කිරීමයි”, . මේ සඳහා, ඇය මහජන කතා සහ මාසික විද්‍යා සඟරා සමාජ ඇතුළු බොහෝ ප්‍රචාරක සිදුවීම් සඳහා ඇයගේ කාලය ලබා දෙයි. 2017 දී ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍ර සංරක්ෂණ පර්යේෂණ සහ අධ්‍යාපන සංවිධානය වන ලාභ නොලබන Oceanswell ආරම්භ කළාය. “මට, අධ්‍යාපන සංරචකය පර්යේෂණ සංරචකය තරම්ම වැදගත්” යැයි ඇය පවසයි.

ශ්‍රී ලංකාවේ නව සමුද්‍ර ජීව විද්‍යා ක්ෂේත්‍රය වර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා, එම විෂය උගන්වන ආකාරය පිළිබඳව ආශා ඩි වොස් විශ්වවිද්‍යාලවලට උපදෙස් දෙයි.

සාගර අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2014 වසරේ නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයෙන් සමුද්‍ර විද්‍යාව සහ ධීවර කටයුතු පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ පළමු සිසුන් අතර ලසුනි ගුලේගොඩගේ ද වේ. ආශා ඩි වොස් විශ්ව විද්‍යාලයේ ඒ පුරෝගාමී වැඩසටහන සඳහා අරමුදල් ලබා ගැනීමට මූලික විය.

මම කැමති නැහැ මට මුහුණ දීමට සිදු වූ අභයොගවලින් අනිත් අය අදෛර්යමත් වෙනවා දකින්න “මගේ ඉලක්කය වන්නේ මගේ දැනුම හෝ වඩා හොඳ දෙයක් කරන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් වේවා, සියල්ල ලබා දීමයි” ඇය පවසයි. “මම නිතරම මිනිසුන්ට කියන්නේ මම මැරෙන විට, මම කළ හැම දෙයක්ම නතරවෙනවා දකින්නට මම කැමති නැති බවයි, .”

සැන්ඩි ඔන්ග් විසින් ScienceNews සඳහා ලියූ ලිපියක් ඇසුරනෙි

උපුටා ගැනීම : thathu

What do you think?

Written by Mic

රෑ බෝවුණු බව මදුරුවෝ දැන ගන්නේ කොහොමද?

විටමින් ඩී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණක්