සොබාදහමේ ඉන්න හැම සතාම ලස්සන නෑ. මැඩගස්කරයේ ජීවත් වෙන මේ සතා දැක්කම ඕනම කෙනෙක් බය වෙනවා.
මේ සතාගේ නම “අයි-අයි” (Aye-Aye).
වවුලෙකුගේ කන්, ලොකු ඇස් තියෙන මේ සතාගේ භයානකම දේ තමයි උගේ අත් දෙක. උගේ මැද ඇඟිල්ල හරියට ඇටසැකිල්ලක් වගේ හරිම දිගයි. ![]()
ඇයි මේ වගේ ඇඟිල්ලක්?
මූ මේ ඇඟිල්ල පාවිච්චි කරන්නේ කෑම හොයාගන්න. ගස් වල කඳට තත්පරේකට 8 වතාවක් විතර මේ ඇඟිල්ලෙන් තට්ටු කරලා, ඇතුලේ ඉන්න කෘමීන්ව එළියට ඇදලා අරන් කන්න මූ මේක පාවිච්චි කරනවා.
බොරු මිත්‍යාව:
මැඩගස්කරයේ මිනිස්සුන්ගේ පරණ කතාවක් තියෙනවා, මේ සතා කාටහරි ඒ දිග ඇඟිල්ල දික් කළොත් “ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම මැරෙනවා” කියලා.
මේ බොරු මිත්‍යාව නිසා, ගොඩක් මිනිස්සු මේ සතාව දැක්ක ගමන් මරලා දානවා. තමන්ගේ පාඩුවේ කෘමියෙක් කාලා ඉන්න මේ අහිංසක සතාට, උගේ පෙනුම නිසාම මැරුම් කන්න වෙලා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


