කෙන්යාවේ ජීවත්වන කාන්තාවක්, දිනෙන් දින වර්ධනය වන පාරිසරික ගැටලුවක් වන ප්ලාස්ටික් සඳහා හොද විසදුමක් ලබා දි තිබෙනවා.
ඇය නමින් එන්සැම්බි මැටී (Nzambi Matee). ඇය ඉවතලන ප්ලාස්ටික් වලින් ශක්තිමත් ගඩොල් නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙනවා.
ඇගේ කර්මාන්ත ශාලාවේ දැනට දිනකට ගඩොල් 1,500 ක් පමණ නිෂ්පාදනය කරන අතර, මෙම ක්‍රියාවලියට විවිධ වර්ගයේ ඉවතලන ප්ලාස්ටික් වර්ග භාවිතා කරනවා. පසුව එම ප්ලාස්ටික් වැලි සමඟ මිශ්‍ර කර අතර, එය රත් කර විවිධ හැඩයන් සහ වර්ණවලට සම්පීඩනය කරනු ලබනවා.
මෙහි විශේෂත්වය නම්, මෙම ගඩොල් සාම්ප්‍රදායික කොන්ක්‍රීට් ගල් වලට වඩා බෙහෙවින් ශක්තිමත් වීමයි. ප්ලාස්ටික් නම්‍යශීලී ද්‍රව්‍යයක් බැවින්, එහි ප්‍රතිඵලයක් ලෙස ලැබෙන ගඩොල් බිඳෙන සුළු බවින් අඩු වන අතර ඉරිතැලීමකින් තොරව ඉහළ බරකට ඔරොත්තු දිය හැකිය.
ඒවගේම මේවා විකල්ප ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙසද භාවිතා කල හැකි අතර දැරිය හැකි මිලකට ලබා ගත හැකියි. ඒවා ගෙබිම් අලංකරණයට සහ මිනිසුන් ගමන් කරන මංතීරු සදහා යොදාගත හැකියි.
2017 දී ඇය තම නගරයේ වර්ධනය වන ප්ලාස්ටික් ගැටලුවට විසඳුමක් සෙවීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ඇගේ වෘත්තීය ජීවිතය හැර ගොස් මේ ගමන ආරම්භ කර තිබෙනවා. එතැන් සිට, ඇයගේ මුලපිරීම නිසා කාන්තාවන් සහ තරුණයින් සඳහා රැකියා 100 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය වී තිබෙනවා.
පරිසරය ආරක්ෂා කරමින් දේශීය ආර්ථිකය නංවාලීමට උපකාරී වන ඇගේ මේ නවෝත්පාදන කටයුතු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිළිගැනීමට පවා ලක්ව තිබෙනවා.![]()
උපුටා ගැනීම : Dutu Nodutu Lokaya


