in

එදිනෙදා සිදු විය හැකි පුංචි පුංචි අනතුරු වලදී හැකි ප්‍රතිකර්ම

පුංචි පුංචි අනතුරු නිවසේදී වුනත් සිදු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා වලදී කලබල වෙනවාට වඩා, බොහොම ඉවසීමෙන් ප්‍රතිකාර කිරීමෙන් අනතුරේ බලපෑම අඩු කර ගන්න පුළුවන්. 

කුඩා පිළිස්සුම් තුවාල 

පිළිස්සුම් තුවාලයක් කියන්නේ ගොඩක් වේදනාකාරී දෙයක් තමයි. හැබැයි මේ තුවාලය කුඩා තුවාලයක් නම් ඔබට නිවසේදීම එයට ප්‍රතිකාර කරන්න පුළුවන්. මුලින්ම ඇල් ජලය යොදාගෙන තුවාලය සෙමින් සෝදන්න. මේ වගේ වේලාවකදී ඔබට හිතෙන්න පුළුවන් අයිස් වතුරෙන් තුවාලය හෝදන්න. ඒත් පිළිස්සුම් තුවාලයක් හෝදන්න අයිස් වතුර භාවිතා කලොත් තුවාලය වටා ඇති පටක වලට හානි පැමිණෙනවා. ඇල් ජලයෙන් තුවාලය සේදු පසු ඔබට පුළුවන් අයිස් බෑගයක් ගෙන තුවාලය තවන්න. ජලයට බේකින් සෝඩා ස්වල්පයක් මුසු කරලා තුවාලය මත ආලේප කිරීමෙන් පිළිස්සීම මඟින් ඉහල ගිය සමේ උෂ්ණත්වය ඉක්මනින්ම අඩු කරවා ගන්න පුළුවන්. සමහරු පිළිස්සුම් තුවාල වලට බටර් ආලේප කරන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් එයින් සිදු වන්නේ සමේ උෂ්ණත්වය පහල බැසීම තවත් ප්‍රමාද කරවන එකයි.

මී මැසි දෂ්ඨ කිරීමකදී 

මී මස්සෙකුගේ දෂ්ඨ කිරීමට ලක් වූ විගස ඔබ කල යුත්තේ මී මැස්සාගේ තුඩ ඔබේ සිරුරෙන් ඉවත් කිරීමයි. මී මැසි තුඩක් ප්‍රවේශමෙන් ඉවත් කිරීමට වඩාත් සුදුසු වන්නේ ඇහි බැම ගලවා දැමීමට භාවිතා කරන tweezer එකක් භාවිතයෙන්ය. එය සිරුරෙන් ඉක්මනින් ඉවත් කල විට විෂ පැතිර යාම අඩු වෙනවා. ඉන් අනතුරුව එම ස්ථානය හොඳින් සේදිය යුතුයි. ඔබට අපහසුවක් දැනෙනවා නම් ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න.

ඇසට සිදු වන හානියකදී 

ඔබේ ඇසට රසායනිකයක් විසි වුවොත් ඔබ හැකි ඉක්මනින් කල යුත්තේ ඇස ජලයෙන් සේදීමයි. නමුත් ඔබේ ඇසට වෙනත් අනතුරක් සිදු වූවොත් ඇස සෝදන්නට ඉක්මන් වෙන්න එපා. ඇසට තුවාලයක් සිදු වූ විට හෝ යමක් ඇසට ගිය විට ඔබ විසින්ම ඔබේ ඇස සේදීමට යාමෙන් එයට හානි විය හැකියි. ඉක්මනින් ඔබේ ඇස රෙදිකඩකින් හෝ ආරක්ෂාකාරී යමකින් වසාගෙන කාගෙන් හෝ උදව් ඉල්ලන්න. 

ලී පතුරක් ඇනුණු විට 

ලී පතුරක් ඇනුණු විට ඔබේ සිරුරට විෂබීජ ඇතුළු වෙන්න පුළුවන්. මේ නිසා ඉක්මනින් එම ස්ථානය සෝදන්න. ඉන් අනතුරුව ඇහි බැම ගැලවීමට භාවිතා කරන tweezer එකක් යොදාගෙන ලී පතුර පිටතට ඇද දමන්න. 

කැළැල් ඇති විය හැකි තුවාල 

තුවාලයක් සිදු වූ විට සමහරුන්ට වැඩියෙන්ම දුක හිතෙන්නේ තුවාලය මඟින් ඇති විය හැකි කැළැල ගැන. තුවාලය මත ජලය මුසු කල බේකින් සෝඩා ස්වල්පයක් ගැල්වීමෙන් තුවාලයේ කැළැල ඇති වීම වැළකෙනවා. ඒ වගේම විෂබීජ ආසාදනය වීමෙනුත් වළකිනවා.

උළුක්කු වීම් 

ඔබේ පාදයක් හදිසියේ උළුක්කු වුවොත් කලබල වෙන්න එපා. එම පාදයට බර දීමෙන් වලකින්න. හැකි නම් පසෙකින් වාඩි වී ඔබේ පාදය ඉහල ආධාරකයක රඳවන්න. එමඟින් පාදයේ ඉදිමීම වළක්වනවා. විටින් විට අයිස් තබන්න. සම්බාහනය කරන්න. 

කැපුම් තුවාල 

රුධිරය පිට වන ලෙස ඔබේ සම මත කැපුම් තුවාලයක් ඇති වූවොත් ජලයෙන් පිරිසිඳු කරන්න. හැබැයි ඒ සඳහා සබන් භාවිතා කරන්න නම් එපා. පිරිසිඳු රෙදි කඩකින් තුවාලය තද කර බඳින්න. රුධිරය පිට වීම නවතින්නේ නැති නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න.

අප්පිරියාව සහ වමනය 

හදිසියේ ඔබට අප්පිරියාවක් දැනිලා, වමනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා නම් ඔබට පුළුවන් මේ උපදෙස් අනුගමනය කරලා එය සමනය කර ගන්න. නාසය සහ කට භාවිතා කරලා මාරුවෙන් මාරුවට හුස්ම ගන්න. එවිට ඔබට දැනුනු අප්‍රසන්න ගතිය පහ වී යනවා. එහි ප්‍රතිඵලයක් නොලැබුනොත් ඔබට පුළුවන් ඉඟුරු යුෂ ස්වල්පයක් පානය කරන්න.

උපුටා ගැනීම :wellnessexpert

What do you think?

Written by Mic

ගංවතුරෙන් වැළඳිය හැකි ලෙඩ රෝග

ඔබේ දත් ගැන සැලකිලිමත් ද ?