in

ඔබේ දත් ගැන සැලකිලිමත් ද ?

මිනිසාගේ එදිනෙදා ක්‍රියාකාරීත්වයට දත් ඉතාමත් වැදගත් වේ. දතේ කැක්කුමක් හෝ වෙනත් ආබාධයක් ඇති වූ විට ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුමය. එම අපහසුතාවය ඉතා සුළු විය හැකි වූවත්, ඒ ගැන දැඩි සැලකිල්ලක් අනිවාර්යයෙන් දැක්විය යුතුයි. ඒ ආහාර ජීර්ණය සඳහා වැදගත් කාර්යයක් දත් මගින් ඉටු කර දෙන බැවිනි. දතක ඇතිවන අපහසුතාව දත හා සම්බන්ධ ලේ නහර ඔස්සේ ශරීරයේ හදවත, අක්මාව, වකුගඩු, සන්ධි, මාංශ පේශී, අස්ථි ආදී ඉන්ද්‍රියන්වලට මෙන්ම ස්නායු පද්ධතියටද ඍජුවම බලපානු ඇත. අපිරිසිදු දතක ඇතිවන විෂබීජ ආහාර ජීර්ණයට ඍජුවම බලපාන අතර, අදාළ පුද්ගලයා රෝගියෙකු බවටද පත් කරයි. දිරාපත් වූ හෝ වෙනත් රෝගී දතක ඇතිවන විෂබීජ ලේ සමඟ මිශ්‍ර වී ශරීරය පුරා දිවගොස් මාංශ පේශීන්, හෘදය, අක්මාව, වකුගඩු ආදී සෑම ඉන්ද්‍රියක්ම රෝගී තත්ත්වයට පත්කරලීමට සමත් වේ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ආතරයිටීස් රෝගීන් දත් රෝග නිසා හදවත් රෝගීන් බවට පත්වීමට ඉඩ ඇති බවයි.

නොසැලකිලිමත්කම නිසා දත්වල සෞඛ්‍ය රැක ගැනීමට නොහැකිව අද බොහෝ දෙනා දත් මුල් දියවීම වැනි රෝගාබාධවලට ගොදුරුව සිටිති. ලොව පුරා බහුලව දත් රෝග ව්‍යාප්තව ඇති අතර, ගැලවිය යුතුම තත්ත්වයක් පවතී නම් දතක් ගැලවීමට ඉඩ ලබාදිය යුතුයි. එසේ නොමැති වූ විට දත් ගැලවීම නොකළ යුතුයි. දත් පිරිසිදුව තබා ගැනීමට සියල්ලෝම දැඩි සැලකිල්ලක් දැක්වීම සිදුකරන්නේ නම් දත් දිරායාම, විදුරුමස් ආබාධ, අකාලයේ දත් වැටීම ආදී රෝගවලින් මිදිය හැක. ඒ නිසා ඇතිවන අතුරු ආබාධවලින්ද වැලකිය හැක.

කුඩා දරුවන්ගේ දත් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම අනිවාර්යයෙන් කළ යුතුයි. එයට හේතු වන්නේ කුඩා දරුවන්ගේ දත් රෝග නිසා අජීර්ණ, බඩවැල් රෝග, කෑම නොදිරවීම, හකු ඇටවල ආබාධ වැනි තත්ත්ව ඇති විය හැකි නිසාය. කුඩා කාලයේ දත් ආරක්ෂා කරගතහොත් වැඩිහිටි වූ පසුත් දත් සුරක්ෂිතව තබා ගත හැකි වේ. පැරැන්නන් වයසට ගිය පසුත්, ඉතා ශක්තිමත් දත්වලින් යුක්ත වූයේ ඔවුන් කෘතිම රසකාරක හා කෘතිම දන්තාලේප භාවිත නොකළ බැවිනි. එහෙත් වර්තමානයේ අප නිරතුරුවම ස්වභාවිකත්වයට මුල් තැන නොදී විවිධ කෘතිම ආහාර ගැනීමටත්, රසායනික වැඩියෙන් අඩංගු දන්තාලේප භාවිතයටත් පුරුදුව සිටීම නිසා නිරන්තරයෙන් දත් ආශ්‍රිත ආබාධ ඇති වීම සිදුවනවා. දත් ආරක්ෂා කර ගැනීම නිරතුරුවම කළ යුතු කර්තව්‍යයක් නිසා සුළු හෝ දත් ආබාධයකදී ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත් බව කිව යුතුමයි.

උපුටා ගැනීම :wellnessexpert

What do you think?

Written by Mic

එදිනෙදා සිදු විය හැකි පුංචි පුංචි අනතුරු වලදී හැකි ප්‍රතිකර්ම

බණ්ඩක්කා ආහාරයක් ද? ඖෂධයක්ද?