Glycyrrhiza glabra නම් උද්භිධ විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වැල්මී කියන්නේ බොහොම වටිනා රූපලාවන්‍ය සත්කාරකයක්. මෙම අනර්ඝ ශාකය Leguminosae කුලයට අයත් වෙනවා. රූපලාවන්‍ය සත්කාරකයන් අතර ඉහලම ස්ථානයක වැජඹෙන වැල්මී වඩාත් ප්‍රසිද්ධ වන්නේ සමට දීප්තිමත් පෙනුමක් ලබා දීම පිළිබඳවයි. මීට අමතරව වැල්මී ඔබේ සම මෘදු කර, සම මත පිරිසිඳුකාරකයක් ලෙසත් ක්‍රියා කරනවා. ඒ වගේම සමේ තුවාල සුවපත් කරමින්, සම පැහැපත් කරවනවා.
සමේ ඇති අඳුරු බව නැති කර, සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙන්න වැල්මී තුල අඩංගු වන සුවිශේෂී රසායනිකයක් වන Glabridin සමත් වෙනවා. ඒ වගේම Glabridin වලට පුළුවන් වයස්ගත වීමත් සමඟ සමේ ඇති වන අඳුරු ළප සහ දෙනෙත් වටා ඇති වන අඳුරු පැහැය ඉවත් කරලා සමට දීප්තිමත් පෙනුමක් හිමි කරලා දෙන්න.
ඒ වගේම වැල්මී වල අඩංගු වන ප්‍රතිඔක්සිකාරකයක් වන Licochalcone සමේ අඳුරු බව ඇති කරවන free radicals වලට එරෙහිව සටන් කරලා සමට දිදුලන පෙනුමක් ලබා දෙනවා.
වැල්මී ශාකය මැදපෙරදිග සහ දකුණු යුරෝපීය රටවලට ආවේණික රූපලාවන්‍ය ශාකයක්. මේ වෙද්දී විවිධ රටවල වැල්මී වගා කෙරුණත්, තවමත් තත්වයෙන් උසස් වැල්මී විදිහට සලකන්නේ යුරෝපයෙන් සහ මැදපෙරදිගින් ආනයනය කෙරෙන වැල්මීය. ඉතින් ඔබට ගුණත්වයෙන් උසස් නිවැරදිම වැල්මී සොයා ගන්න අමාරු වෙන්න පුළුවන්.
ඒ වගේම වර්තමානයේ පවතින කාර්යබහුල බව නිසාම ඔබට මේ ස්වාභාවික රූපලාවන්‍ය ක්‍රමවේද උත්සාහ කරලා බලන එක අපහසුවක් වෙන්න පුළුවන්. කාල වෙලාව අඩු කම නිසාම ඔබ හුරු වෙලා තියෙන්නේ ඉක්මන් විසඳුම් සොයන්න වෙන්නත් පුළුවන්.
ඉතින් ශ්‍රී ලාංකීය කතුන් අතර ඉහල නමක් රඳවාගෙන සිටින George Steuart ආයතනය විසින් ඔබේ අතටම අගනා වැල්මී සත්කාරයක් පිරිනමන්න කටයුතු කරලා තියෙනවා. මේ අනර්ඝ ආලේපනය තමයි “රුවේදා”. රුවේදා කියන්නේ සමට හිතකර pH අගයක් ඇති බව සනාථ කල ආලේපනයක්. අපේ රටේ දේශගුණයට, උෂ්ණත්වයට සහ ජිවන රටාවට ගැලපෙන ලෙස තමයි මේ කදිම ආලේපනය නිෂ්පාදනය කරලා තියෙන්නේ.
රුවේදා වල වැල්මී වලට අමතරව කහ, වෙනිවැල් සහ සුදු හඳුන් අඩංගු වෙනවා. ඉතින් ඔබටත් පුළුවන් අදම මේ අනර්ඝ ආලේපනය මිලදී අරන් දීප්තිමත් වතක් හිමි කර ගන්න.
උපුටා ගැනීම – wellnessexpert


