in

ඔබේ සම වියලිද? එයට හේතු හඳුනා ගමු 

සමේ වියලි බව කියන්නේ හරිම හිසරදයක්. වියලි සමක ඇති එකම සහනය එහි කුරුලෑ ඇති නොවීම පමණයි. නමුත් සමේ වියලි බව වෙනත් සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ගැටළු රැසකට මඟ පාදනවා. සමේ කැසීම් ඇති වෙන්න, සම ඉරි තලා යෑම, පොතු ගැලවී යාම වගේ ගැටළු රැසකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉතින් අද අපි කතා කරමු ඔබේ සමේ වියලි බවට බලපාන හේතු මොනවාද කියලා. 

සමේ අපිචර්මයේ ක්‍රියාකාරිත්වයේ අඩාල වීමක්  

සමේ අපිචර්මයට යටින් පවතින ස්නේහශ්‍රාවී ග්‍රන්ථි වලින් ස්වභාවිකවම මේදය නිපදවනවා. මෙය සමේ තෙත් බවට උපකාරී වෙනවා. නමුත් යම් ගැටළුවක් නිසා මේ මේදය නිපදවීම අඩාල වූවොත් සම වියලෙනවා.  අපිචර්මයේ පවතින ජල ප්‍රමාණය හිඟ වූවත් සම වියලෙනවා.

වයස්ගත වීම නිසා 

වයස්ගත වීමත් සමඟ සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කරන කොලජන් පටලය කෙමෙන් කෙමෙන් තුනී වී යනවා. මේ හේතුවත් සම වියලී යාමට හේතු වෙනවා.

ජානමය බලපෑම 

පරම්පරාවේ ජාන වල ස්වභාවයත් සම වියලි කරවනවා. දෙමව්පියන්ගේ සම වියළි නම් දරුවන්ගේ සමත් වියළි වෙන අවස්ථා තිබෙනවා.

උදා: සමහර දරුවන් ඉපදෙන විටම ඔවුන්ගේ සම වියළිව පවතිනවා.  

ඇතැම් රෝග සඳහා ලබා දෙන ඖෂධ 

සමහර ඖෂධ වල බලපෑම නිසා සම වියලි වීමේ අවදානමක් පවතිනවා.

උදා: අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ශරීරයේ ඇති  මේදය අඩු කිරීමට ලබා දෙන ඖෂධ 

ඇතැම් රෝගී තත්වයන් නිසා 

සමහර රෝගී තත්වයන් වැළඳුනු විටත් ඉබේටම සම වියලි බවට පත් වෙනවා.

උදා : දියවැඩියාව , ඇදුම රෝගය, රත්තය,  තයිරොයිඩ් හෝමෝනය නිපදවීම අඩු වීම, අක්මාවේ රෝගී තත්වයන්, වකුගඩු වැල ඇති රෝගී තත්වයන් 

විටමින් ඌණතා ගැටලුවක් 

සිරුරට ලැබෙන විටමින් A, B සහ ඛනිජ ලවණ අඩු වෙද්දී සම වියලී යා හැක. ඉහත විටමින් වර්ග හොඳින් ලබා ගත් විට සමේ වියලි බව නැති වී, නිරෝගී සහ පැහැපත් වේ. 

හෝමෝන වල වෙනස් කම් සිදු වීම නිසා

හෝමෝන වල වෙනස්කම් ඇති වීමේ ගැටලුවට වැඩි වශයෙන් මුහුණ පාන්නේ කාන්තා පාර්ශවයයි. ඔසප් වීම නැවතීම, ඔසප් චක්‍රය වෙනස් වීම ආදී සෑම අවස්ථාවකදීම හෝමෝන වල වෙනස්කම් සිදු වෙනවා. ඒ වගේම සිරුරේ නිපදවෙන තයිරොයිඩ් හෝමෝනය අඩු වෙද්දීත් සම වියලේ.

සමට අහිතකර ආලේපන නිසා 

ඇතැම් රූපලාවන්‍ය ආලේපන, සබන් වර්ග සහ දියර වර්ග වල විවිධ රසායනිකයන් අඩංගු වෙනවා. මේ ආලේපන වල බලපෑම නිසා පසුකාලීනව සම දැඩි ලෙස වියලි වීමේ අවදානමක් පවතිනවා. රසායනික සංඝටක සමේ තෙතමනය නැති කරනවා.

දුම්වැටි භාවිතය 

දුම්වැටි භාවිතා කරන්නන්ගේ කට වටා සම රළු වී තිබෙනවා ඔබ දැක ඇති.  දුම්වැටි වල අඩංගු රසායනිකයන් සම වියලීමට බලපානවා. 

කාලගුණික වෙනස්කම් නිසා

වියළි කාළගුණයේදීත්, සීතල කාළගුණයේදීත්, සුළං අධික කාළගුණයේදීත් සම වියළී, ඉරිතැලීම් හට ගන්න ඉඩ තියෙනවා.

උපුටා ගැනීම: Wellnessexpert

What do you think?

Written by Mic

මෝර තෙල් භාවිතයෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

විභාගයක් ආසන්න විට මානසික සුවතාවය පවත්වා ගන්නේ කෙසේද?