in

ඔයත් නිතරම තරහ යන කෙනෙක්ද….එහෙනම් මේ දේවල් කරලා බලන්න

“ඔබ තරහින් ඉන්න හැම විනාඩියකින්ම තප්පර හැටක් ඔබ ඔබේ හිතේ,මනසේ සාමය නැති කරගන්නවා”
            -Ralph Waldo Emerson-

වැඩ අධික වෙලාවකදී, තවත් කෙනෙක්ව නුරුස්සන අවස්ථාවක දී වගේම විවිධ මානසික තත්ත්වයන් මත තරහ යෑම නැත්නම් කේන්තිය ඇතිවෙන්න පුලුවන්.තරහව පාලනය කරගැනීම ගැටුම් අවම කරගැනීමට මෙන්ම මානසික යහපැවැත්ම වෙනුවෙන්ද වැදගත් වේ.
තරහව පාලනය කරගැනීමට යොදාගත හැකි ක්‍රම කිහිපයක් පිළිබඳව මේ ලිපිය මගින් කතා කරමු.

1) වචන පාවිච්ච් කිරීමට කලින් දෙවරක් හිතන්න.

සමහර අවස්ථාවල දී අපේ කටින් අපිට පසුතැවෙන්න වෙන විදියෙ වචනයක් කියවෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.ඒකනිසා අපි දෙයක් කියන්න කලින් දෙවතාවක් අපි කියන්න් යන දේ ගැන හිතලා බලලා සුදුසු විදියට වචන පාවිච්චි කරොත් ඒක තරහව පාලනය කරගන්න ලොකු උදව්වක් වෙයි.ඔයා නිතරම තරහ යන කෙනෙක් නම් අද ඉදලා වචන පාවිච්චි කරන්න කලින් තමන් කියන්න යන දේ ඒ තැනට, ඒ කෙනාට සුදුසුද කියලා දෙපාරක් හිතලා බලන්න.

2)  ව්‍යායාමවල යෙදෙන්න.

තරහව ඇතිවෙන්න එක හේතුවක් තමයි අතතිය කියන්නේ.අපිට පුළුවන් ආතතිය නැති කරගන්න ව්‍යායාමවල යෙදෙන්න.කෙනෙක් විවිධ හේතූන් නිසා ආතතියෙන් ඉන්නවා කියන්නේ ඒ හරහා අනිවාර්යෙන්ම තරහව ඇති වෙනවා.ඒ නිසා ආතතිය නැතිකරගන්න ව්‍යායාම් වල නිරතවීම වැදගත් වෙනවා.

3) තරහව ආපු ගමන්ම පුලුවන් ඉක්මනින් පොඩි break එකක් ගන්න.

ඔබ කරන වැඩේ පොඩ්ඩකට අමතක කරල තමන්ම ඉන්න තැන ඉදන්ම හිතට පොඩි break එකක් දෙන්න.ඒ බ්‍රේක් එක ඇතුලත relax වෙන්න බලන්න.පුළුවන් නම් මේ වෙලාවෙදි තමන්ගේ හිතට දැනෙන දේ ලියන්න පුලුවන්.සිතිවිලි ලිවීම කියන්නේ මේකට.මේකෙන් ඔයාට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා.

4) හොද හුස්මක් ගන්න.

තරහ පාලනයට තව හොද ක්‍රමයක් තමයි තරහ ආපු ගමන් හොද බර හුස්මක් අරන් ඇස් පියන් පොඩ්ඩකට තරහ යන හේතුව අමතක කරන එක,ඒකෙන් තරහ වෙනුවට හිනාවෙන්න තරම් හිත relax වෙනවා.මම මෙතනදි තව පුංචි සරල විදිහක් ඔයාට කියලා දෙන්නම්.ඔයාට පුළුවන් ඇස් දෙක පියාගෙන එකේ ඉඳලා දහයට ගණන් කරන්නත්, නැවත දහයේ ඉඳලා එකට ගණන් කරන්නත්.මේක පිළිවලට එක දිගට කරන් යද්දි ඉබේම ඔයාගේ මනස සැහැල්ලු වෙනවා වගේම ඔයාගේ තරහව පාලනය කරගන්නත් පුළුවන් වෙනවා.

5) හැමවෙලාවෙම පුලුවන් තරම් හොද දකින්න උත්සහ කරන්න.

සමහර විට ඔයාට ඔයා ගැනම තරහ ඇතිවෙන්න පුළුවන්.නැත්නම් ඔයාට වෙන කෙනෙක් ගැන තරහ ඇතිවෙන්න පුළුවන්.ඒ හැම වෙලාවකම ඒ හැම දේකම නරක දකින්නේ නැතුව ඒ දේ හොඳ පැතිකඩ දකින්න උත්සාහ කරන්න.ඔයාට ඔයා ගන්නම තරහක් ඇති වෙනවනම් ඔයා ඔයා ගැන තියෙන හොඳ දේවල් මෙනෙහි කරන්න.ඔයා ඔයාව දිනපු තැන්,ඔයා ඔයාව ලස්සනට දකින තැන් ඒ දේවල් මතක් කරලා සතුටු වෙන්න.ඔයාට වෙන කෙනෙක් ගැන තරහ ඇති වෙනවා නම් ඒ කෙනාගේ එක හොඳක් හරි මතක් කරලා ඔයාගේ තරහව පාලනය කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා.

6) පුලුවන්තරම් සැහැල්ලුවෙන් ඉන්න.

එදිනෙදා ජීවිතේ අපිට වෙන දෙවල් ගැන සංකීර්ණව හිතන්න එපා.නිතරම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න.ඉඳහිටක විහිළුවක් කරලා ඔයා ඔයා එක්කම හිනාවෙන්න.අනිත් අයවත් සතුටින් තියෙන ගමන් ඔයත් සතුටින් ඉන්න.කිසිම දෙයක් ගැන ඕනෑවටත් වඩා බරපතලව හිතන්න ගියොත් නිතරම ඔයාට තරහ යන්න තියෙන ඉඩකඩ වැඩියි.ඒ නිසා පුළුවන් තරම් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න.

7) විශ්වාසවන්ත අයෙක් සමග කතා කරන්න.

ඔබට ගොඩක්ම හිතවත්,විශ්වාස යාලුවෙක්,හිතවතෙක් එක්ක කතා කරන්න.ඔවුන්ගෙන් උපදෙස් ගන්න.

8)හැඟීම් පිට කරන්න.

ඔයාට දුක හිතන වෙලාවකදී අඬන එක නරක දෙයක්වත් ඒක ඔයාගේ දුර්වලකමක් කියලවත් හිතන්න එපා.කෑගහලා අඬලා හරි ඔයාගේ හැඟීම් පිට කරන්න.අන්න ඒ තුළින් ඔයාට පුළුවන් ඔයාගේ තරහව පාලනය කරගන්න.

9)නිර්මාණශීලී හැකියාවන් පවතී නම් ඒවාට යොමු වන්න.

ලිවීම,නර්තනය,ඡායාරූපකරණය,වීඩියෝ කරණය,සංගීතය මේ වගේ දේවල් තුළිනුත් ඔයාට පුළුවන් ඔයාගේ තරහව පාලනය කරගන්න.

Emotional self-care කියන්නේ ඔයාගේ හැඟීම් වඩාත් යහපත් විදිහකට පිට කිරීම සම්බන්ධව ඔයා කරන කියන දේවල්. හැඟීම් දැනීම් තියෙන මිනිස්සු විදිහට කාටම  තරහව, කේන්තිය ඇතිවෙන්න පුළුවන් පුළුවන්. ඒවා ඔයා කොහොමද පිට කරගන්නේ කියන එක මත තමයි ක්‍රියාවන්ගේ ප්‍රථිපල තියෙන්නේ. ආවේග පාලනය කරගන්න බැරි වීම නිසා කොයි තරම් නම් එදිනෙදා ජිවිතය අපහසුතාවන්ට ලක් වෙන්න වෙනවද? තමන්ට දැනෙන දේ හරියට හඳුනාගෙන ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඕනා.
ඉතින් ඔයත් නිතරම තරහ යන කෙනෙක් නම් ඉහත සඳහන් කරපු දේවල් අනුගමනය කරලා බලන්න.එක පාරටම බැරි උනත් ටිකෙන් ටික හරි ඔයාට ඔයාගේ තරහව පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා.ඒ තුළින් ඔයාටම කවදාවත් නැති විදිහේ මානසික නිදහසක් දැනෙයි.

What do you think?

Written by Author

ළමා දරිද්‍රතාව පිටුදකිමු..

කාර්යබහුල තරුණියන්ට රුව රැක ගන්න පුළුවන් සරල ක්‍රම….