in

ඔයත් පාඩම් කරන්න කම්මැලි කෙනෙක්ද?එහෙනම් මේ දේවල් කරලා බලන්න.එක දිගට පාඩම් කරන්න ඔලුව හදාගන්න හැටි.

පාඩම් කරන්න ගියාම කම්මැලීද  ? 

අපි අද කියලා දෙන්න යන්නේ කාලය කළමනාකරණය කරගෙන කම්මැලි නැතුව පාඩම් කරන්න හොද Technique ටිකක් ගැන. 

අපි අපේ කාලයෙන් වැඩි වෙලාවක් නිකරුනේ අපතේ  යවනවා . පාඩම් කරන්න පටන් ගන්න  ඔනි උනත් නිතරම අපිට මේ වගේ දේවල් හිතෙනවා.අපේ හිත දන්නව අපි පාඩම් කරන්න ඕනේ කියලා.හැබැයි අපි ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ.

  • තව කාලේ තියෙනවා  
  • එක්සෑම් ලං උනහම පාඩම් කරනවා 
  • හෙටම පාඩම් කරන්න පටන් ගන්නවා අද බෑ  
  • මේසේ ලගට ගියාම නිදිමත හැදෙනවා 
  • එක දිගට පාඩම්ක කරන්න  කම්මැලී
  • මට පාඩම් කරන්න හිතෙන්නැහැ 
  • පාඩම් කරන්න තියෙන ගොඩ දැක්කහම ඔලුව රිදෙනවා..
    වගේ කතා ගොඩයි.

පාඩම් කරන්න කම්මැලි,පාඩම් කරන්න හිත දෙන්නෙ නැති ඔයාලටම තමයි මේ ලිපිය අපි ලියන්නේ.

  • POMODORO Technique

ඔයාට වැඩක් එක දිගටම කම්මැලි සහ මහන්සි නැතුව කරගෙන යන්න, ඒ වගේම පීඩනයකින් තොරව කරගෙන යන්න මෙම ක්‍රමය ගොඩක් වැදගත්. මං මේ ක්‍රමය ඔයාට සරලවම කියා දෙන්නම්.

  • ටයිමර් එකක විනාඩි 25ක් තියාගන්න.
  • මේ විනාඩි 25 තුළ  ඔයාට පැවරුණු කාර්ය පුළුවන් තරම් කරන්න.
  • ඒ විනාඩි 25 අවසානයේ නැවත විනාඩි පහක විවේකයක් ගන්න.
  • මේ විදියට නැවත විනාඩි 25ක් වැඩ කරන්න.
  • නැවතත් විනාඩි පහක විවේකයක් ගන්න.
  • මේ විදියට හතර පාරක් විනාඩි 25 ගානේ වැඩ කරල විනාඩි පහක විවේකයක් ගත යුතුයි.
  • හතර පාරක් කරාට පස්සේ ඔයා ටිකක් දීර්ඝ මිනිත්තු 20ක 30ක විවේකයක් ගන්න ඕනෑ.

ඔයා පාඩම් කරද්දි මේ ක්‍රමය පාවිච්චි කරන්න.ඔයා නැවත නැවත මේ ක්‍රමය පාවිච්චි කරද්දි ඔයාටම ලොකු වෙනසක් තේරෙයි.මේකෙදි ඔයා අවධානය දෙන්න ඕනේ ඔයා කරන වැඩේට විතරයි.වැදගත්ම දේ ඔයාට ඉලක්කයක් සහ හොඳ අරමුණක් තියෙන්න ඕනේ.

*Set a deadline

ඔයාට කෙනෙක් වැඩක් කරන්න දවසක්ම දුන්නොත් ඔයා ඒ වැඩේ දවස පුරාවටම  කරනු ඇත. ඒත් ඔයාට කෙනෙක් දුන්නොත් පැය දෙකක් තුළ ඒ වැඩේ කරලා ඉවර වෙන්න කියලා අනිවාර්යෙන්ම ඒ පැය දෙක තුළ හොඳට මහන්සි වෙලා ඒ වැඩේ කරනවා. ඉතින් ඔයා ඔයාටම දෙන්න කාලසීමාවක්. ඒ කාලසීමාව තුළ ඔයා ඒ වැඩේ කරලා ඉවර වුනොත් ඔයා ඔයාටම පුංචි රිවෝඩ් එකක් දෙන්න. රිවෝඩ් එකක් කියල කියන්නේ ඒ වැඩේ සම්පූර්ණ කිරීම වෙනුවෙන් පුංචි තෑග්ගක්.
මේක තමන්ට තමන්ව අගය කරන්න හොඳ අවස්ථාවක්.ඔයාට ලැබුණු කාලයෙන් ඔයා උපරිම ප්‍රයෝජන ගන්න.මම මෙහෙම කියන්නම්කෝ…ඔයාට අමාරුම පාඩමක් අරගෙන ඔයා හිතාගන්න පැය තුනක් ඇතුලත ඔයා ඒ පාඩම ඉවර කරනවා කියලා.ඔයා අනිවාර්යෙන්ම පැය තුනක් ඇතුලත ඒ පාඩම පාඩම් කරලා ඉවර කරනවාමයි.මම කියනවට ඔයා ඒ දේ කරලා බලන්න.

*TWO minutes Rule

අපේ දවසෙ තියෙනවනෙ පුංචි පුංචි වැඩ විනාඩි දෙකක්වත් යන්නේ නැති. ඉතින් ඒ පුංචි පුංචි වැඩ ඉක්මනට කරල දාන්න. ඒවා කල් දාන්න එපා. ඒ කියන්නේ ඔයාට තේරෙනවනම් මොකක් හරි වැඩක් කරන්න යන්නේ මිනිත්තුවක් දෙකක් කියලා ටක්ගාලා ඒ දේවල් කරල ඉන්න.
පාඩම් කරද්දි අපිට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.අපිට පුළුවන් අපේ නෝට් එක සම්පූර්ණ කරලා පාඩම් කරන්න ගන්න.පාඩම් කරන්න කලින් අපිට පුළුවන් අපේ මේසේ පිලිවෙල කරගන්න.ඒකෙන් අපිට පාඩම් කරන්න තවත් ආස හිතෙනවා.ඉතින් පාඩම් කරන්න කලින් ඉතාම පොඩි වෙලාවකින් කරන්න තියෙන වැඩ ටික අපි ඉක්මන්ට ඉවර කරගමු.

  • Mel Robin’s 5 Second Rule

ඔයාට මොනවා හරි දෙයක් කරන්නට අවශ්‍යයි නම් තත්පර පහක් තුළ ඔයා ක්‍රියාත්මක විය යුතුයි. එහෙමනම් ඔයා තව ටිකකින් කරපු තව ටිකකින් කරමු කිය කියා ඒක කල් දැම්මොත් ඒ දේ ඔයාගේ අතින් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ.

ඉතින් ඔයාට මොනවා හරි දෙයක් කරන්නට අවශ්‍යයි නම් ,
5 සිට 1 ට ආපස්සට ගණන් කරලා ඒ වැඩේ කරන්නට ශාරීරිකව ක්‍රියාත්මක වෙන්න. උදාහරණයක් විදිහට ඒ විදියට ගණන් කරලා එකපාරටම නැගිටින්න. ආයෙත් ඒ විදිහට ගණන් කරලා ඔයා වැඩේ කරන්න ඕන තැනට ගිහිල්ලා ඉඳගන්න. ඊට පස්සේ වැඩේ කරන්න පටන් ගන්න.
ඔයා පාඩම් කරන්න ගද්දි අ”නේ අදනම්බෑ මම හෙටම පාඩම් කරනවා” , “දැන්ම පාඩම් කරන්න ඕනේ නෑ විභාගෙ ලං වෙලාම පාඩම් කරනවා” කියලා හිත හිත වැඩමකාරින්නෙ නැතුව ඔයාට හිතුනු ගමන් ඒ වැඩේ ක්‍රියාත්මක කරන්න.එහෙම කරහම මානසික නිදහසත් එක්ක ඔයා පාඩම් කරන දේවල් හොඳින් මතක හිටිනවා.

ගොඩක් වැඩ වලින් ඔයාගේ ඔලුව පුරවගන්න එපා. ඒ කියන්නේ අපි වැඩ සීයක් විතර එක දවසක දාගත්තොත් අපිට එකක්වත් කරන්න හිතෙන්නෙ නැහැ. ඒ නිසා නිතරම  සීමාවකට සැලසුම් කරගන්න.
ඔයාට තියෙන්නේ විෂයක් නවයක් නම් විෂයන් නවයම එක දවසේ පාඩම් කරන්න උත්සාහ කරන්න එපා.ඔයා කැමති එක විෂයක් හෝ දෙකක් එක දවසක් ඇතුලත පාඩම් කරන්න.නැත්තං අර අපි කටවහරි කියනවා වගේ පිස්සිගෙ පලා මල්ල වගේ අපේ ඔළුවත් හැදෙයි.

  • ටූ ඩූ ලිස්ට් එක

සරලවම කිව්වොත් ඔයාට දවස ගානේ කරන්න තියෙන වැඩ ටික ලැයිස්තුවකට ගන්න.ඔයා පාඩම් කරන පිළිවෙල කාල සටහනක් හදාගන්න.ඔයා අද පාඩම් කරන්නේ විද්‍යාව නම්,හෙට ඔයාට ගණන් හදන්න පුළුවන්.ඔයා ඔයාට කැමති විදිහට කාලසටහනක් නිර්මාණය කරගෙන ඒකෙ පිළිවලට පාඩම් කරන්න සූදානම් වෙන්න.

  • ඒ වගේම ප්‍රමාණවත් නින්දක් අනිවාරෙන්ම ලබාගත යුතුයි. ඔයා රෑ ගොඩක් වෙලා ඇහැරිලා ඉඳලා පාන්දර නිදාගන්න කෙනෙක් නම් ඔයාට පහුවෙනිද දවසත් අහිමි වෙනවා. එනිසා ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි.
    සමහර පුරුදු වෙලා ඉන්නවා රාත්‍රී කාලයේදී පාඩම් කරන්න.සමහරුන්ට උදේ නැගිටලා පාඩම් කරන්න බැහැ.හැබැයි රාත්‍රියේ ඕනෑ වෙලාවක් පාඩම් කරන්න.ඉතින් ඔයත් එහෙම කෙනෙක් නම් හවසට පැයක හෝ නින්දක් ලබාගන්න.

*  ඒ වගේම ඔයා ගන්න ආහාර. නිතරම සමබල ආහාර වේලක් ගන්න  කටයුතු කරන්න.පලා වර්ග ඔයාගේ කෑම වේලට එකතු කරගන්න.

*  ඔයාගේ ඉලක්ක සහ අරමුණු නිතරම පේන්න තියා ගන්න. ඒවගේම ඔයාට ඉලක්කයක් තිබිය යුතුයි.
උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන තැන ඔයාගේ ඉලක්කය නිතරම පේන්න තියාගන්න.”මම විශ්වවිද්‍යාලයට යනවාමයි” මේක ඔයාගේ ඉලක්කේ නම් ඔයාට පුළුවන් මේක නිතරම ඔයාට පේන්න තියාගන්න.එතකොට ඔයා හැම තිස්සෙම උත්සාහ කරන්නේ ඒ දේට.මේවා සරල ක්‍රම.

ඉතින් මේ හැමදේම හරි සරලව කියල දුන්නේ කොහොමද කම්මැලි නොවී පාඩම් කරන්නේ කියලා.මේ දේවල් ඔයත් කරලා බලන්න.හොඳ ඉලක්කයක් අරමුණක් තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න.

What do you think?

Written by Mic

ඔයා දකින හීනවලින් කියැවෙන රහස්…

දහඩිය දුගද ඔබටත් ප්‍රශ්නයක්ද?දහඩිය දුගදට තිත තියමු.