ගඩොල් එකින් එක තියලා මාලිගා හදන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මුළු මහත් කන්දක් උඩ ඉඳන් පහළට හාරගෙන ගිහින්, ඒ කන්ද ඇතුළේ දැවැන්ත පන්සලක් නිර්මාණය කළා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඉන්දියාවේ අජන්තා සහ එල්ලෝරා (Ajanta & Ellora) ගුහා කියන්නේ අන්න ඒ වගේ අදහාගන්න බැරි නිර්මාණයක්.
මෙහි ඇති විශේෂම නිර්මාණය තමයි “කෛලාස දේවාලය”. මේක හදලා තියෙන්නේ එකම එක කළු ගලකින්! ගල් කුට්ටි එකතු කරලා නෙවෙයි, මුළු කන්දක්ම ගලෙන් කපලා මේ දේවාලය මතු කරගෙන තියෙනවා. මේක නිර්මාණය කරන්න කළුගල් ටොන් ලක්ෂ දෙකකට වඩා අයින් කරලා තියෙනවා. මෙය ලෝකයේ තනි ගලකින් කළ විශාලතම නිර්මාණය ලෙස සැලකෙනවා. එහි ඇති යෝධ අලි රූප සහ දේව රූප දකිනකොට ඒ කාලේ මිනිස්සුන්ගේ ඉංජිනේරු හැකියාව ගැන පුදුම හිතෙනවා.
අජන්තා ගුහාවල තියෙන වසර 2,000කට වඩා පැරණි සිතුවම් අදටත් ලස්සනට දකින්න පුළුවන්. ඒ වගේම බෞද්ධ, හින්දු සහ ජෛන ආගමික නිර්මාණ එකම තැනක දකින්න ලැබීමෙන් එදා තිබුණු ආගමික සහජීවනයත් මනාව පැහැදිලි වෙනවා. මේවා නිකම්ම ගුහා නෙවෙයි, අතීත මිනිසා ගලින් කළ මහා හාස්කමකුයි.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


