in

කනේ සෞඛ්‍යය රැක ගන්න උපදෙස්

ඔබගේ දෙකන්වල සෞඛ්‍ය පවත්වා ගැනීමට පහත උපක්‍රම අනුගමනය කර බලන්න.

අධික ශබ්ද වලට සවන් දීමෙන් වළකින්න. ඔබගේ රැකියාවේදී, විනෝදාත්මක ක්‍රියාකාරකම්වලදී අධික ශබ්දවලට නීරාවලනය වීමෙන් වළකින්න. අධික ශබ්දයට නිරාවරණය වීමෙන් විවිධ ශ්‍රවනාබාධ ඇති විය හැකිය. ඒවායෙන් මිදීම සඳහා කන් ආවරණ භාවිතා කරන්න.

ඔබ හෙඩ් ෆෝන්, ඉයර් බඩ් භාවිතා කරන විට මධ්‍යම මට්ටමක ශබ්දය තබාගන්න. අධික පරිමාවක ශබ්දයකට දිගු කාලයක් නිරාවරණය වීමෙන් ඔබගේ ශ්‍රවණයට හානි වේ.

හෙඩ් ෆෝන් වලින් සංගීතයට හෝ වෙනත් ශබ්දයකට සවන් දන්නේ නම් වරින් වර එය නවත්වා කන් වලට විවේකය ලබා දෙන්න. එක දිගට දිගු කාලයක් හෙඩ් ෆෝන් වලට සවන් දීමෙන් වළකින්න. ඔබේ කන් වලට විවේකයක් ලබා දීමෙන් කන් වල සෞඛ්‍ය තත්වය ආරක්ෂා කර ගන්න.

ඔබගේ දෙකන් වියළිව තබා ගන්න. පිහිනීමෙන් හෝ ස්නානය කිරීමෙන් පසුව කන්වල ඇති ජලය හොඳින් ඉවත් කරන්න. කන් ඇතුළට ජලය ගොස් ඇත්නම් ඒවා ගලා ගොස් ඉවත්වන පරිදි හිස පැත්තකට ඇළ කරගෙන සිටින්න. තුවායක් භාවිතා කරමින් ඔබේ කන් ඇතුළත මෘදු ලෙස පිසදාගන්න. කපු පුළුන් වැනි ද්‍රව්‍ය කන ඇතුලට ඇතුල් කිරීමෙන් වලකින්න.

පිහිනීමේ දී ඉයර් ප්ලග් භාවිතා කිරීම තවත් හොඳ විසඳුමක්. එයින් කන් ඇතුළට ජලය ඇතුළු වී ආසාදන ඇති වීම වැලකේ.

කපු පුළුන්, ඇඟිලි, කෝටු කැබිලි වැනි ද්‍රව්‍ය කන ඇතුලට ඇතුල් කිරීමෙන් වළකින්න. මෙය කනේ ඇති කලාදුරු ඇතුළතටම තල්ලු වීම, කන තුවාල වීම, ආසාදන අවදානම වැඩි වීම වැනි ගැටලු මතු වෙනවා. ඔබේ දෙකක් වි නිතරම පිරිසිදුව තබා ගන්න. ස්නානය කරන විට ඔබේ කන්වල පිටත සහ ඇතුළත තෙත් කළ රෙද්දකින් පිරිසිදු කරගන්න. ඔබගේ කනේ අධික කලාඳුරු ප්‍රමාණයක් තිබේ නම් ඒවා ආරක්ෂිතව ඉවත් කර ගැනීම සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න.

ඔබේ කණ් වල යම් වේදනාවක්, ඇසීමේ ගැටලුවක් වැනි යමක් පෙනෙන්නට තිබේ නම් වහාම වෛද්‍යවරයෙකු හමු වී පිළියමක් යොදන්න.

ඔබ බයිසිකල් පැදීම බොක්සින් ක්‍රීඩා කිරීම වැනි හිස තුවාල වීමේ අවධානමක් ඇති ක්‍රියාකාරකම්වල නිරත වන්නේ නම් කන්වලට ඇති විය හැකි කම්පනය වළක්වා ගැනීම සඳහා ගැලපෙන සහ සුදුසු ආරක්‍ෂිත ආම්පන්න පළඳින්න.

කන්වල යම් අසාත්මිකතාවයක් ඇති වුවොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. නිසි ප්‍රතිකාර මගින් අසාත්මිකතා කළමනාකරණය කරගන්න. අසාත්මිකතා නොසලකා හැරියහොත් ඒවා වැඩි වීමේ අවධානමක් පවතී.

දුම්පානය කිරීමෙන් වළකින්න. ඔබගේ කන්වල සෞඛ්‍යයට දුම්පානය සුදුසු නැහැ.දුම් පානය නතර කිරීමෙන් කන්වල සෞඛ්‍ය මට්ටම ඉහළ යනවා. ඔබේ දෙකන්වල සෞඛ්‍ය තත්ත්වය ගැන නිතිපතා පරීක්ෂා කර බලන්න. විශේෂයෙන්ම ඔබ නිතර නිතර අධික ශබ්දවලට නිරාවරණය කරන කෙනෙක් නම් වරින් වර ශ්‍රවණ පරීක්ෂාවන් සිදු කර ගන්න.

උපුටා ගැනීම: wellnessexpert

What do you think?

Written by Mic

පැහැබර සමක් හිමි කරන අගනා සත්කාර 5ක්

සින්දු කියන සින්දු ඇහෙන තැනක සතුට