– ආහාර වලට කරාබුනැටි හෝ කරාබුනැටි කුඩු මුසු කිරීම දියවැඩියා රෝගීන්ට සුව ගෙන දෙනවා. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේ මනා හැකියාවක් කරාබු නැටි වලට තියෙනවා. මේ නිසා දියවැඩියා රෝගීන්ට කරාබු නැටි භාවිතය ඉතා සුදුසු ඖෂධයක් ලෙස නිර්දේශ කල හැකියි.
– කරාබු නැටි මිශ්‍ර කල ආහාර සහ පාන වර්ග දිනපතා ලබා ගැනීමෙන් ඔබට පණු රෝග වලින් මිදී සිටිය හැකියි.
– බඩ පිපීම, බඩේ අජීර්ණ, වමනය වැනි ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන රෝගී තත්වයන් සමනය කිරීමටත් කරාබු නැටි යොදා ගත හැකියි. ආහාර වලට කරාබු නැටි මුසු කරනවාට අමතරව ඔබට මෙම ක්‍රමත් අනුගමනය කල හැකියි.
උදා:
කරාබු නැටි කුඩු ජලය හා මුසු කර පානය කිරීම
තේ එකට, කිරි එකට කරාබු නැටි කුඩු මිශ්‍ර කර පානය කිරීම
– ඒ වගේම තමයි කරාබු නැටි ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්න සමත් වෙනවා. සිරුරේ උණුසුම ඉහල ගිය විට හිස කරැකැවිල්ල, ඇඟපත දුර්වලවීම, වෙහෙස, මුත්‍රා ආසාදන, උදරයේ වේදනාව වැනි අතුරු ආබාධ රැසක් පැන නඟිනවා. මේ නිසා ශරීරයේ උෂ්ණත්වය සමතුලිතව තබා ගැනීමට ක්‍රියා කිරීම ඉතා වැදගත්.
– රුධිරය කැටි ගැසීම කියන්නේ විශාල අවදානම් තත්වයක්. සිරුරේ රුධිර කැටි ගැසීම තුලින් ආඝාතය, හදවත් රෝග ඇති විය හැකියි. සිරුරේ රුධිර සංසරණය ක්‍රමවත් කිරීමේ හැකියාවක් කරාබු නැටි වලට පවතිනවා.
– කරාබු නැටි වලට පුළුවන් කොලොස්ටරෝල් වැළඳීමේ අවදානම අවම කරන්නත්. කරාබු නැටි වල අඩංගු වන ප්‍රතිඔක්සිකාරකයන් ඊට සමත් වෙනවා.
– නිතර හිසරදය වැළඳෙන කෙනෙක්ටත් කරාබු නැටි භාවිතයෙන් සහනයක් ලබා ගත හැකියි. ආහාර වලට කරාබු නැටි මුසු කරනවාට අමතරව, හිසරදයෙන් පීඩා විඳින අවස්තාවක කරාබු නැටි තැම්බූ ජලය පානය කිරීමෙනුත් සහනයක් සලසා ගත හැකිය.
– කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සෙම ගතිය, ඇදුම වැනි සෙම් රෝග නිසා පීඩා විඳින පුද්ගලයන්ටත් කරාබු නැටි වලින් සහනයක් සලසා ගත හැකියි. ඔවුන්ට පුළුවන් කරාබු නැටි දමා උතුරුවා ගත් ජලය, තේ හෝ කිරි පානය කිරීමෙන් සුවයක් ලබා ගන්න.
– කරාබු නැටි ඔබේ අස්ථි වල ශක්තිමත් බව ඉහල නංවන්න කටයුතු කරනවා. පුරුද්දක් ලෙස ආහාර වලට කරාබු නැටි යෙදීමෙන් ඔස්ටියෝපොරෝසිස් ඇතුළු අස්ථි ආබාධ ඇති වීම වැළකෙනවා.
– දත් රෝග ඇති කරවන බැක්ටීරියා විනාශ කර, රෝගය සුව කරන්නට කරාබු නැටි සමත් වෙනවා.
– අප ලබා ගන්නා ආහාර වල විෂ කොටස් අඩංගු විය හැකියි. කරාබු නැටි වලට පුළුවන් ආහාර වල අඩංගු විෂ නැති කරන්න. ආහාර පිසීමේදී කරාබු නැටි එකතු කිරීමෙන් ආහාර වල ඇති විෂ සතිත දෑ නසා දමන්නට පුළුවන්. ඒ වගේම ආහාර විෂ වීම් වලදීත් ප්‍රතිකාරයක් ලෙස කරාබු නැටි තැම්බූ ජලය පානය කල හැකියි.
උපුටා ගැනීම: Wellnessexpert

