in

කළු පෙට්ටියේ ඇත්ත කතාව….

මෑතකදී එක දිගටම ගුවන් යානා අනතුරු බහුලව සිදු විය.ඒත් එක්කම ගුවන් යානයේ කළු පෙට්ටිය ගැන බහුලව කතා කරන්න පටන් ගත්තා.ඉතින් අපි දැනගත යුතුම කාරණයක් තමා මොකක්ද මේ කලු පෙට්ටිය කියන්නේ කියලා.

ගුවන් යානාවක කළු පෙට්ටිය එහෙම නැත්තම් Blackbox එක කියන්නේ ගුවන් යානාවේ පිටුපස (Tail එකේ) සවිකර තිබෙන උපකරණයක්.

මේකට අපි කලු පෙට්ටිය කියලා කිව්වට ඇත්තටම මේ කලු පෙට්ටිය තැඹිලි පාටයි. තැඹිලි පාට ඕනෑම තැනක පැහැදිලිව දැකගත හැකි වර්ණයක් නිසා ඒ වර්ණය භෘවතා කරනවා. මෙය නිර්මාණය කල මුල් යුගයේදී මෙය කළු පැහැයෙන් නිර්මාණය කළ නිසා එදා සිට අද දක්වාම ගුවන් යානයෙ “කළු පෙට්ටිය” නමින් හඳුන්වනවා.

ගුවන් යානාවක නියමු කුටියේ ගුවන් නියමුවන් අතර සිදුවන සියලු සංවාද , ගුවන් නියමුවන් සහ ගුවන් ගමන් පාලකවරුන් අතර සිදුවන සංවාද මෙම කලු පෙට්ටිය මඟින් පටිගත කරයි. මෙය සාමාන්‍යයෙන් ගුවන් යානයක පිටුපස කොටසේ රඳවා තිබීමට හේතුව වන්නේ ගුවන් යානයක් යම් ලෙසකින් අනතුරකට ලක් වුවහොත් පරීක්ශණ අනුව යානයේ බේරීමට ඉඩකඩ ඇති වැඩිම ස්ථානය ගුවන් යානයේ පිටුපසම කොටසයි.එනම් Tail එකයි.ඒ නිසා මෙම කළු පෙට්ටිය ගුවන් යානයේ පිටුපස කොටසේ රඳවා තිබේ.

ගුවන් යානයක ප්‍රධාන කළු පෙට්ටි වර්ග දෙකක් තිබේ.

  • CVR – Cockpit voice Recorder
  • FDR – Flight Data Recorder

CVR – Cockpit voice Recorder – මේ මඟින් නියමු කුටියේ සිදුවන සියලු සංවාද පටිගත කෙරේ. ගුවන් නියමුවන් හා නියමුවන්ගේ හඬද ගුවන් නියමුවන් ගුවන් ගමන් පාලකවරුන් හා කතාබහකරන දේවල්ද මෙමඟින් පට්ගත කෙරේ.ගුවන් යානයකට යම් ලෙසකින් හානියක් සිදු වුවහොත් එසේ සිදුවීමට හේතුව දැන ගැනීම සඳහා මේවා ඉතා වැදගත් වේ.

FDR – Flight Data Recorder – මෙමඟින් කෙරෙන්නේ ගුවන් යානය ගමන් කරන උස, වේගය, ගුවන් යානය ගමන් කරන අංශක ගණන, වේලාව, ඉන්ධන ප්‍රමාණය, එන්ජින් වල තත්වය වැනි ගුවන් යානාව සම්බන්ධ ඉතා වැදගත් තොරතුරු ගබඩා කර ගැනීමයි. ගුවන් යානා අනතුරු විශ්ලේෂකයින්ට අනතුර ගැන පැහැදිලි තොරතුරක් ලබාගැනීමට මේවා ඉතා වැදගත් වේ.

යම් ලෙසකින් ගුවන් යානය අනතුරට ලක් වන වේලාවේදී මෙම කළු පෙට්ටියට හානි වී තිබුණහොත් මෙම පටිගත වූ දේවල් නැවත Recover කිරීමේ හැකියාවද වර්තමානයේදී තිබේ.

අනතුරකට පසුව මෙම උපාංගය සොයාගැනීමට පහත ක්‍රම භාවිතා කරයි.

1. Underwater Locator Beacon (ULB)– යම් ලෙසකින් මෙම උපකරණය දියේ ගිලි තිබෙන විටෙක මෙම උපාංගය භාවිතා කරමින් එය සොයාගත හැකිවේ. මෙය කිලෝමීටර් 2.5ක පමණ උපරිම පරාසයක් දක්වා විහිදී යනු ලැබේ. ULB මගින් සෝනාර් උපකරණ මගින් හඳුනාගත හැකි අධි-සංඛ්‍යාත ශබ්දයක් (බොහෝ විට 37.5 kHz පරාසයේ) නිකුත් කරයි. මෙම ශබ්දය අඛණ්ඩව සම්ප්‍රේෂණය වන අතර, එය හදිසි අවස්ථාවකදී සෙවුම් කණ්ඩායම්වලට උපකාර කරයි. ULB ගොඩනගා ඇත්තේ අධික පීඩනය, ලවණ විඛාදන සහ ගැඹුරු මුහුදේ ප්‍රතිසාධන ප්‍රයත්නයන් වලදී මුහුණ දෙන අනෙකුත් කටුක පාරිසරික සාධක ඇතුළු ආන්තික තත්වයන්ට ඔරොත්තු දීම සඳහා ය.

2. Search Equipment – ගැඹුරු ජලයේ තිබේ නම්, සෝනාර් පද්ධති සහ සංඥා සඳහා සාගර පත්ල Scan කරයි.

ආසන්න ස්ථානය හඳුනාගත් පසු, දුරස්ථව ක්‍රියාත්මක වන වාහන (ROVs) හෝ කිමිදුම්කරුවන්ට කළු පෙට්ටිය ලබා ගත හැක.

3. Surface and Aerial Search – ගුවන් යානා සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ විශේෂයෙන් දුරස්ථ ප්‍රදේශවල, කඩා වැටුණු ස්ථානය හඳුනා ගැනීමට සහාය විය හැක.

මීට අමතරව තව බොහොමයක් ක්‍රම අනතුරකට පසුව මෙම උපාංගය සොයාගැනීමට භාවිතා කරයි.

What do you think?

ලේසියෙන්ම බටර් කේක් එකක් හදාගමු.