in

කැඩපතින් තමන්ව හඳුනන පුංචි දාර්ශනිකයා 

ඔබ කවදාහරි දැකලා තියෙනවද බල්ලෙක් හෝ පූසෙක් කණ්ණාඩියක් දිහා බලන් ඉන්නවා? සාමාන්‍යයෙන් ඔවුන් කරන්නේ කණ්ණාඩියෙන් පේන රූපයට බුරන එක හෝ පහර දෙන එක. මොකද ඔවුන් හිතන්නේ ඒ ඉන්නේ වෙනත් සතෙක් කියලයි.

ඒත් යුරේසියානු මැග්පයි (Eurasian Magpie) කියන කුරුල්ලා ඊට හාත්පසින්ම වෙනස්.

විද්‍යාඥයන් මේ ගැන පුදුම පරීක්ෂණයක් කළා. ඔවුන් මේ කුරුල්ලාගේ ඇඟේ පාට ස්ටිකර් එකක් අලවලා කණ්ණාඩියක් ඉස්සරහට දැම්මා. කණ්ණාඩියෙන් තමන්ගේ රූපය දැකපු මේ කුරුල්ලා, කණ්ණාඩියට කොටන්නේ නැතුව තමන්ගේ ඇඟේ තියෙන ස්ටිකර් එක ගලවන්න උත්සාහ කළා.

මේක නිකම්ම සිදුවීමක් නෙවෙයි. මේකෙන් ඔප්පු වුණේ මේ කුරුල්ලන්ට “මේ ඉන්නේ මම” කියලා හිතන්න පුළුවන් තරම් දියුණු මනසක් තියෙනවා කියන එකයි. මිනිස්සුන්ට සහ චිම්පන්සියන්ට විතරක් පුළුවන් කියලා හිතපු මේ දේ කුරුල්ලෙක් කරනවා කියන්නේ ඇත්තටම පුදුමයක්.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

දත්වල “යකඩ” තියෙන ලෝකයේ ලොකුම කබරයා! 

පියාඹන ගමන් නිදාගන්නා පුදුම කුරුල්ලා