in

කුරුල්ලන්ට GPS තියෙනවා කිව්වොත් විශ්වාස කරනවද?

ඇස් දෙකෙන් චුම්භක ක්ෂේත්‍රය දකින අපේ සත්තු ලෝකයේ සුපිරි වීරයෝ! ✨

කවදාහරි හිතලා තියෙනවද මේ කුරුල්ලෝ දහස් ගාණක් දුර තියෙන රටවල් පහුකරගෙන, මහ මුහුද උඩින් පියාඹලා ගියත් පාර වරදින්නේ නැතුව හරියටම යන්නේ කොහොමද කියලා? 🤔 මේක නිකන්ම නිකන් පුරුද්දක් නෙවෙයි, මේක පිටිපස්සේ තියෙන්නේ හිතාගන්නවත් බැරි මාරම සයන්ස් එකක්! 🧠🔥

අපිට පාර හොයාගන්න ෆෝන් එකේ Google Maps ඕනේ වුණාට, කුරුල්ලන්ට ස්වභාවධර්මයෙන්ම පට්ට සිස්ටම් එකක් දීලා තියෙනවා. මුන් පාර හොයාගන්නේ පෘථිවියේ තියෙන චුම්භක ක්ෂේත්‍රය (Earth’s magnetic field) පාවිච්චි කරලා. 🌍🧭

මේක වෙන්නේ මෙහෙමයි… 👇

කුරුල්ලන්ගේ ඇස් වල තියෙනවා විශේෂ ප්‍රෝටීන් ජාතියක්. මේකට කියන්නේ ‘Cryptochrome’ (විශේෂයෙන්ම Cry4) කියලා. ඉර එළියේ තියෙන නිල් පාට ආලෝකය ඇවිල්ලා මේ ප්‍රෝටීන් එකට වැටුණම, ඒක ඇතුළේ පුදුම හිතෙන Quantum (ක්වොන්ටම්) ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. සයන්ස් වල මේකට කියන්නේ ‘Radical Pair Mechanism’ කියලා. 🔬✨

මේ ක්‍රියාවලිය පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයට මාරම සංවේදීයි. සරලවම කිව්වොත් විද්‍යාඥයෝ විශ්වාස කරන විදියට, අපිට පේන්නේ නැති වුණාට මේ කුරුල්ලන්ට පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය හරියට පේනවා! ඒ කියන්නේ උන්ගේ සාමාන්‍ය පෙනීමට අමතරව, පෘථිවියේ චුම්භක බලය වෙනම රටාවක් (Visual pattern) විදියට උන්ගේ ඇස් වලට මැවිලා පේනවා. 👁️⚡

අන්න ඒ නිසා තමයි මචං, මාලිමාවක්වත්, මැප් එකක්වත් නැතුව මේ කුරුල්ලෝ සෘතු විපර්යාස කාලෙට කිලෝමීටර් දහස් ගාණක් හරියටම පියාඹලා යන්නේ. ස්වභාවධර්මය කියන්නේ මාරම මැජික් එකක් නේද? ❤️🕊️

මේ ගැණ මොකද හිතෙන්නේ? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යමන්! 👇👇

උපුටා ගැනීම : Review By Sankalpa

What do you think?

Written by Mic

ආලෝකය ඇතුළේ තියෙන අද්භූත අඳුරු කුහර! මේ ගැන ඔයා අහලා තියෙනවද?