අහස දෙස බලන විට කුරුලු රංචු “V” අකුරක හැඩයට පියාඹනවා ඔබ ඕනෑතරම් දැක ඇති. ඔබ හිතුවාද ඒ ඇයි කියලා? ඒක නිකම්ම ලස්සනට පියාඹන ක්‍රමයක් නෙවෙයි, සොබාදහම අපට කියා දෙන අපූරු සමගියේ පාඩමක්.
කුරුල්ලෙක් තටු ගහනකොට ඒ ඇතිවන හුළඟේ වේගය නිසා පිටුපසින් එන කුරුල්ලාට පියාඹන්න තියෙන අපහසුව අඩු වෙනවා. මේ ක්‍රමය නිසා තනි තනියම පියාඹනවාට වඩා 30% ක ශක්තියක් ඉතිරි කරගන්න ඔවුන්ට පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ යාළුවාගේ උදව්වෙන් මහන්සියක් නැතුව බොහෝ දුර යන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා.
මෙහි ඇති වටිනාම දේ තමයි ඔවුන්ගේ කණ්ඩායම් හැඟීම. රංචුවේ පෙරමුණ ගෙන යන කුරුල්ලාට වැඩිපුර මහන්සි වෙනවා. ඔහු හෙම්බත් වූ විට, නිකම්ම පස්සට ගිහින් විවේක ගන්නවා. ඒ වෙලාවට තවත් කුරුල්ලෙක් පෙරමුණට ඇවිත් රංචුව මෙහෙයවනවා.
උපුටා ගැනීම: මුහුණු පොත


