ගර්භණී සමයේ කාන්තාවන් සෑම අතකින්ම පරිස්සම් විය යුතු වෙනවා. ආහාර පාන ද ඒ අතර ප්‍රධාන තැනක් ගනු ලබනවා. ආහාර පාන මඟින් ගර්භණී මවට මෙන්ම කුස තුළ වැඩෙන දරුවාට ද මනා නීරෝගී බවක් උදාකර දෙන අතර ගර්භනී මවක් ගර්භණී සමාජයේ ලබාගත යුතු හා නොගතයුතු ආහාර පිළිබඳ මෙන්ම ආහාරපාන වර්ග පිළිබඳවද දැනුවත් වීම වඩා වැදගත් වෙනවා.
ළදරුවෙකුගේ සෞඛ්‍යය මවගේ සෞඛ්‍යයට සෘජුවම සම්බන්ධ වන බව හොඳින් මතක තබා ගත යුතුය.එබැවින් සමබර ආහාර වේලක් ගැනීම සහ නිසි පෝෂණය ගර්භණී සමයේදී දරුවාගේ මෙන්ම මවගේ යහපත් සෞඛ්‍ය සඳහා ඉතාමත් වැදගත් වෙනවා.
ගැබිණි මවකට ගුණදායක ආහාර වර්ග හා අගුණ ආහාර වර්ග පිළිබඳ විමසා බලමු.
ගැබිනි මවකට ගුණදායක ආහාර වර්ග…
* ගොටුකොළ, මුගුණුවැන්න, කතුරුමුරුංගා, රසකිඳ එක් වර්ගය බැගින් හෝ මිශ්‍රකර මැල්ලුම් සාදා ආහාරයට ගන්න.
* මුරුංගා, පිපිඤ්ඤා, එළබටු, රතු තම්පලා, කැකිරි ව්‍යංජන සාදා ආහාරයට ගන්න.
* කඩල, මුං ඇට, කව්පි, සෝයා බෝංචි මේවා තම්බා ආහාරයට ගෙන තැම්බූ වතුර පානය කරන්න.
ගැබිනි මවකට අගුණ ආහාර වර්ග…
- බටු, බණ්ඩක්කා, මෑකරල්, පුහුල්, ලබු, අච්චාරු
- සැමන්, බල කරවල, අන්නාසි, ගස්ලබු නිතර ආහාරයට නුසුදුසුයි.
- සුදුළූණු ද නිතර ආහාරයට යෝග්‍ය නොවේ.
- උණුසුම් වතුර බොන්න එපා.
- ලොකු මාළුවලින් වළකින්න(මෝරා, කිං මැකරල් සහ ෆයිල්ෆිෂ් වැනි විශාල මාළු ඔබේ ආහාර වේලට නිතර එක් කර ගැනීමෙන් වළකින්න.)
- කැෆේන් භාවිතය සීමා කරන්න
- බැදපු ආහාර ගැනීමෙන් වළකින්න
- හොඳින් නොපිසූ බිත්තර සහ මස්
ගැබිනි මවකට ගුණදෙන පාන වර්ග…
- නෙල්ලි යුෂ උදේ කාලයට පානය කිරීමට සුදුසුයි.
- තැඹිලි වතුර දිනපතාම වුවද පානය කිරීමට යෝග්‍යයි.
- දෙළුම් යුෂ උදෑසනට මෙන්ම සවස් කාලයටත් සුදුසුයි
- වැල් දොඩම් යුෂ වලට සීනි දමා පානය කිරීම යෝග්‍යයි.
- බෙලිමල් හා රණවරා මල් තැම්බූ වතුර ගුණදායකයි.
- ගොටුකොළ යුෂ තේ හැඳි එකකට මී පැණි බිංදුවක් දමා පානය කරන්න.