කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ කොන්ඩෙට පෝෂනයක් දෙන සත්කාරයක්. ගෙදරදීම මේ ට්‍රීට්මන්ට් එක ඔයත් ට්‍රයි කරලා බලන්න.
මේ ට්‍රීට්මන්ට් එකට කොන්ඩ ගස් ශක්තිමත් වෙලා කෙස් හැලෙන එක අඩු වෙනවා.
කොන්ඩෙට දිලිසෙන ඒ වගේම ලස්සන පෙනුමක් එනවා
හිස්සොරි නැති වෙනවා
කොන්ඩෙ වියලි බව නැති වෙනවා
අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ දේවල්:-
• ඇඹුල් කෙසෙල් ගෙඩි 1
• යෝගට් 1
• පොල්කිරි කෝප්ප භාගයයි
• විටමින් E කරල් 2 ක්
• ඔලිව් ඔයිල් මේස හැඳි 1
ඇඹුල් කෙසෙල්, යෝගට්, පොල් කිරි, ඔලිව් තෙල් මේ ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩර් කරගන්න. අතින් හොඳට පොඩිකර ගත්තත් කමක් නෑ. ඊටපස්සේ මේකටම විටමින් E කරල් 2 ත් කඩලා දාලා කලවම් කරගන්න.
කොන්ඩෙ කොටස් වලට බෙදාගෙන ඔයා මේ පේස්ට් එක හිස් කබලට හොඳට ගාන්න. කොන්ඩෙටත් ගාන්න. කොන්ඩ කටුවක් ගහලා කොන්ඩෙ ඔක්කොම එකට රඳව ගන්න. කොන්ඩෙ හිරවෙන්න කටුව ගහන්න එපා. ෂවර් කැප් එකක් ඔළුව වැහෙන විදියට දාන්න. ෂවර් කැප් එකක් නැත්නම් පොලිතින් බෑග් එකක් ඔළුවට දාලා රඳව ගන්න.
පැයක් විතර ගියාට පස්සේ කොන්ඩෙ හොඳට හෝදන්න. සැර නැති ෂැම්පු කන්ඩිෂනර් පාවිච්චි කරන්න. සතියට දවසක් මේ ට්‍රීට්මන්ට් එක කරොත් මාසෙකින් විතර ඔයාට ඔයාගේ කොණ්ඩේ ලොකු වෙනසක් දැකගන්න පුළුවන් වෙයි.
ඉතින් ලස්සනට ඉන්න කැමති ඔයත් මේක ට්‍රයි කරලා බලන්න.
