
මිනිස් ජීවිත 9,000ක් බිලිගත් ලොව දරුණුතම සහ අමතක වූ නාවික ව්‍යසනය – “Wilhelm Gustloff” ![]()
![]()
ලෝකයේ දරුණුතම නැව් අනතුර ගැන ඇහුවොත් ඕනෑම කෙනෙක් දෙන උත්තරේ තමයි “ටයිටැනික්” (Titanic).
ටයිටැනික් අනතුරෙන් මිය ගිය ගණන 1,500ක් පමණ බව ඔබ දන්නවා.
නමුත්, ටයිටැනික් වගේ 6 ගුණයක් ජීවිත විනාශ කළ, විනාඩි 60ක් ඇතුළත 9,000කට වැඩි පිරිසක් අයිස් වතුරේ ගිල්වා මරා දැමූ නැවක් ගැන ඔබ අසා තිබෙනවාද?
මේ, ඉතිහාසය විසින් අමතක කර දැමූ MV Wilhelm Gustloff ඛේදවාචකයයි. ![]()
දිනය 1945 ජනවාරි 30, දෙවන ලෝක යුද්ධයේ අවසන් කාලයයි. රුසියානු රතු හමුදාව ජර්මනිය දෙසට වේගයෙන් කඩා වදිමින් සිටියා. ජීවිත බේරාගැනීමට පළා යන ජර්මානු වැසියන් දහස් ගණනක් බෝල්ටික් මුහුදේ නවතා තිබූ “Wilhelm Gustloff” නම් දැවැන්ත නැවට ගොඩ වුනා.
හැබැයි මේ නැව හැදුවේ 2,000කට පමණ යන්න පුළුවන් විනෝද නෞකාවක් (Cruise ship) විදිහටයි. ඒත් එදා තිබුණු බිය නිසා 10,000කට අධික පිරිසක් නැවට පිරී ඉතිරී ගියා. මෙයින් වැඩි පිරිසක් කාන්තාවන්, කුඩා ළමුන් සහ තුවාල වූ සෙබළුන්.
රාත්‍රී 9.00ට පමණ අඳුරු මුහුද මැදදී සෝවියට් දේශයට අයත් S-13 නම් සබ්මැරීනයට මෙම නැව හසු වුනා. කිසිම අනතුරු ඇඟවීමකින් තොරව ඔවුන් ටෝපිඩෝ (Torpedo) ප්‍රහාර 3ක් නැව දෙසට එල්ල කළා.
පළමු ප්‍රහාරය නැවේ ඉදිරිපසටත්, දෙවැන්න පිහිනුම් තටාකය තිබූ ප්‍රදේශයටත් තෙවැන්න එන්ජින් කාමරයටත් එල්ල උනා.
ටෝපිඩෝ වැදී විනාඩි 60ක් යන්නටත් කලින් මේ යෝධ නෞකාව මුහුදු පතුලටම ගිලා බැස්සා. එළියේ තිබුණේ -18°C ක දරුණු සීතලක්. වතුරට වැටුණු මිනිසුන් මිනිත්තු කිහිපයක් ඇතුළත සීතලට මිදී මිය ගියා. ජීවිතාරක්ෂක බෝට්ටු තිබුනත්, සීතල නිසා ඒවායේ උපකරණ පවා ක්‍රියා කළේ නැහැ.
ටයිටැනික් නැවෙන් 1,500ක් මිය යද්දී, Wilhelm Gustloff නැවෙන් 9,400ක් පමණ පිරිසක් මිය ගිය බව ගණන් බලා තිබෙනවා. එයින් 5,000ක්ම කුඩා ළමුන් බවයි වාර්තා වෙන්නේ. මෙය සැලකෙන්නේ “මිනිස් ඉතිහාසයේ විශාලතම නාවික ජීවිත හානිය” ලෙසයි.
ඇයි අපි මේ ගැන නොදන්නේ?![]()
මෙය ජර්මානු නෞකාවක් වීමත්, යුද්ධයෙන් ජර්මනිය පරාජය වීමත් නිසා ජයග්‍රාහී රටවල් මෙම සිදුවීම ලෝකයෙන් වසන් කර හෝ අමතක කර දැමූ බවයි ඉතිහාසඥයින් පවසන්නේ.
යුද්ධය කාගේ වුවත්, අවසානයේ බැට කන්නේ අහිංසක මිනිසුන් බවට මෙය කදිම සාක්ෂියක් නොවේද? ![]()
මේ ගැන ඔබේ අදහස පහලින් Comment කරන්න.
උපුටා ගැනීම : Sandahana – සදහන