in

තත්පරයකදි මොකද වෙන්නෙ?

ඔබ ඇසිපිය හෙලන මොහොතේ ලෝකය වෙනස් වන හැටි ⏱️

තත්පරයකට මොනාද කරන්න පුළුවන්? අපේ ජීවිත එක තත්පරයකින් වෙනස් වෙන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? අපි “සුළු මොහොතක්” කියලා හඳුන්වන තත්පරයක් ඇතුළත මේ ලෝකය කොයි තරම් දේවල් සිද්ධ වෙනවද කියලා ඔබ දන්නවාද? ඔබ මේ වාක්‍යය කියවා අවසන් කරන විට මේ දේවල් ලෝකය තුළ සිදුවී හමාරයි! තත්පර කිහිපයක් නැවතිලා මේක ඉවර වෙනකම් කියවන්න.

👶සෑම තත්පරයකදීම අලුත් දරුවන් 4 දෙනෙකු මෙලොව එළිය දකිනවා.

• මෙයින් 2 දෙනෙක්ම උපත ලබන්නේ අපේ ආසියානු මහාද්වීපයේ.

• එක් අයෙක් අප්‍රිකාවෙන් වන අතර, අනෙක් දරුවා දකුණු ඇමරිකාවෙන් උපත ලබනවා.

•ඒ වගේම, සෑම තත්පරයකදීම මිනිසුන් 2 දෙනෙකු මෙලොව හැර යනවා.

☕ ඔබ පුදුම වේවි, එක තත්පරයකදී ලොව පුරා මිනිසුන්

•කෝපි කෝප්ප 23,000ක් පානය කරනවා.

•කොකා-කෝලා (Coke) කෑන් 25,000ක් විවෘත කරනවා.

📱අපි අන්තර්ජාලය තුළත් හරිම වේගවත්

•ඊමේල් (Emails) මිලියන 4ක් හුවමාරු වෙනවා.

•මැසේජ් (WhatsApp/Messenger) මිලියන 3ක් යවනවා.

•”X” (ට්වීටර්) පණිවිඩ 10,000ක් පළ වෙනවා.

🚗 අපේ පෘථිවිය තත්පරයකට කිලෝමීටර් 30ක් පමණ දුරක් අභ්‍යවකාශය හරහා ගමන් කරනවා!

•ලොව පුරා තත්පරයකට බොරතෙල් (Oil) බැරල් 1,100කට වඩා දහනය වන අතර එය පරිසරයට ලොකු බලපෑමක් එල්ල කරනවා.

•සෑම තත්පර 15කට වරක් ලෝකයේ කොහේ හෝ තැනක රිය අනතුරකින් පුද්ගලයෙකු මිය යන අතර, සෑම තත්පරයකදීම අවම වශයෙන් රිය අනතුරු 2ක් හෝ 3ක් ලොව පුරා වාර්තා වෙනවා.

මේක තමයි තත්පරයක තියෙන වටිනාකම. අපි ගත කරන හැම තත්ප‍රයකටම අපේ ජීවිතේ වටිනාමක් දෙන්න. හැම තත්පරයකම තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන විදියට ගත කරන්න. හැම තප්පරයකම අලුත් දෙයක් ඉගන ගන්න.

උපුටා ගැනීම : Unknown diary ෆේස්බුක් පිටුව

What do you think?

Written by Mic

ලොව බියකරුම මුහුදු ගමන