in ,

දරුවන් රැකගමු – සමසේ සලකමු

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (ඔක්තෝම්බර් 01) යෙදී තිබේ. මෙම දිනය ළමයින් සැමරීමේ දිනය ලෙස අද දක්වා වර්ධනය වීම හා සම්බන්ධ ඉතිහාසයක් පවතියි.

එය මීට පෙර වසර 165 කට පෙර සිදුවීමකි. මෙම දිනය සැමරීමේ පුරෝගාමියා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නෝර්ත්වුඩ් නිව්හැම්ප්ෂයර්හි දී උපත ලැබූ චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමා විසිනි.

ඔහු 1857 දී මානව සමාජයේ පැවැත්ම සඳහා අනාගත සමාජයට පුරවැසියන් වශයෙන් ඒකරාශී වන දරුවන් රැකගැනීම හා ඔවුන්ගේ ශුභ සිද්ධිය පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය ප්‍රථම වරට යොමු කළේ ආචාර්ය චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමා විසින්ය.

 එම දිනය රෝස දිනය ලෙස ඔහු නම් කර තිබුණි

තුර්කි රජය විසින් 1920 දී ප්‍රථම වරට එය ජාතික දිනයක් ලෙස වාර්ෂිකව සැමරීම ආරම්භ විය.

බටහිර රටවල් රාශියක් එය පිළිගෙන වාර්ෂිකව 1950 ජූනි 01 දා සිට ළමයින් ආරක්ෂා කිරීමේ දිනය ලෙස නම් කර වාර්ෂිකව වර්ෂයක් පාසා පැවැත්විය.

එම දිනය විශ්ව ළමා දිනය ලෙස නම් කරමින් 1954 නොවැම්බර් මස 20 දා සිට වාර්ෂිකව සැමරීම සිදුවූ අතර, ඕනෑම රටකට පහසු දිනයක එම දිනය සැමරීමට හැකි බවද ප්‍රකාශයට විය

ඒ අනුව ශ්‍රී ලංකාව ද අන්තර්ජාතික ලෝක ළමා දිනය වාර්ෂිකව ඔක්තෝබර් මස පළමු වැනිදා ළමයින්ගේ රැකවරණය හා ශුභ සිද්ධිය සැමරීමේ දිනය ලෙස සැමරීම සඳහා යොදා ගනු ලබයි.

මෙම දිනය තවදුරටත් ශක්තිමත් වීම 1990 දී එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ දී ළමා ප්‍රඥප්තිය සම්මත වීමත් සමග සිදුවිය.

මේ අතීත සිදුවීම් සමඟ සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 01 වැනිදා අප ලෝක ළමා දිනය සමරයි.


දරුවන් රැකගමු – සමසේ සලකමු යන්න මෙවර ළමා දිනයේ තේමාවයි.
ළමුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පැවසුවේ ළමයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මව්පියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද යුතුකමක් බවය.ළමුන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරමින් අවශ්‍ය පහසුකම් සලසා දීම කාගේත් වගකීමකි.එමෙන්ම ළමා පරපුරට සුරක්ෂිත දේශයක් ගොඩනැගීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු වේ.

What do you think?

Co-Working spaces in Down South

ආදරය වචනයෙන් නැතුව ක්‍රියාවෙන් පෙන්නන මිනිස්සු…