in

දවසින් දවස අවුරුදු සමරන බිත්තර හැඩයේ ග්‍රහලෝකය

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 870 ක් දුරින්, තාරකා විද්‍යාඥයන් විසින් WASP-12b නමින් නම් කරනු ලැබූ ග්‍රහලෝකය පිහිටා ඇත. මෙය වායුමය ග්‍රහලෝකයක් වන අතර, ස්කන්ධය බෘහස්පතිගේ සද්කන්ධය මෙන් 1.41 කි. බෘහස්පති යනු අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකයයි. බෘහස්පති වායුවලින් නිර්මාණය වූ වායු යෝධයෙකි.
WASP-12b ග්‍රහලෝකය, තරුවක් වටා කැරකෙයි. ග්‍රහලෝකය පිහිටා ඇත්තේ මේ තරුවට ආසන්නයේය. එබැවින්, ග්‍රහලෝකයේ උෂ්ණත්වය ඉතා ඉහළය.
තාරකාවෙන් යෙදෙන දැඩි ගුරුත්වාකර්ශණ බලය නිසා මේ ග්‍රහලෝකයේ හැඩය විකෘති වී ඇති බවත්, එය ගෝලාකාර නොව බිත්තරයක වගේ හැඩයක් ගන්නා බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති. එපමණක් නොව, WASP-12b ග්‍රහලෝකයට එම තාරකාව වටා ගමන් කරන්නේ ගතවෙන්නේ පෘථිවි පැය විසි හතරක් පමණි. අප මේ ග්‍රහලෝකයේ සිටින්නේ නම්, අපට දිනපතා අවුරුදු සැමරිය හැකිය.

උපුටා ගැනීම : විජය

What do you think?

Written by Mic

රැවටෙන්නේ නැතුව Face cream තෝරා ගන්න හැටි

ලෝකයේ ජනාකීර්ණම දූපත – ජාවා