දහඩිය දුඟද කියන්නෙ පොදු ස්ථානවලදී, පොදු ප්‍රවාහන සේවාවලදී වගේ පිරිසක් ගැවසෙන තැන්වලදී අපිට අත්දකින්න සිද්ධ වෙන බොහොම සුලභ නමුත් අමිහිරි අත්දැකීමක්. තමන්ගේ ශරීරයෙන් දහඩිය දුගද හැමීම නිසා බොහෝ කාන්තාවන් මෙන්ම පිරිමින්ට අපහසුතාවයට පත්වෙනවා.ප්‍රබෝධයෙන් දවස ආරම්භ කරද්දී කෙනෙකුගේ දහඩිය දුගඳ හැමීම නිසා ඒ දවසම අප්‍රසන්න වෙන්න පුළුවන්.
ඒ වගේම සමහරවිට ඔබ නොදැනම ඔබෙනුත් අමිහිරි දහඩිය දුඟදක් එන්න පුළුවන්.
ඔබ ටිකක් සැළකිලිමත් වුනොත් ඒ බව ඔබටම වටහා ගන්න පුළුවන්.
ඔබ වගේම ඔබ ආශ්‍රය කරන පුද්ගලයන්වත් අපහසුතාවයට ලක් නොවෙන විදිහට දහඩිය දුගඳ නැති කරගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අද ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ.
දහඩිය දුඟද යනු කුමක්ද?
අපේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වලින් පිටවෙන දහඩිය කියන්නෙ සාමාන්‍යයෙන් ගඳක් හෝ සුවඳක් නොමැති ස්‍රාවයක්.දහඩිය වල ප්‍රධාන වශයෙන් ජලය, මේදය සහ සෝඩියම් අඩංගු වෙනවා.ගඳක් හෝ සුවඳක් නොමැති ස්‍රාවයක් ලෙස සිරුරෙන් ඉවත් වුනත් අපේ සම පුරාම රැඳී සිටින බැක්ටීරියා සමඟ සම්බන්ධ වූ විට දහඩිය වලින් සුවඳක් (හෝ ගඳක්) හැමීම සිදුවෙනවා.මීට අමතරව දහඩිය වලින් හමන ගඳ හෝ සුවඳ මිනිසාගේ ශරීර බර,හෝමෝන තත්ත්වය,ලෙඩ රෝග,ගන්නා ආහාරපාන ආදිය අනුව වෙනස් විය.
පුද්ගලයෙක්ගේ දහඩිය වල ගන්ධය වෙනස් කිරීමට බලපාන සෞඛ්‍ය තත්වයන් ලෙස,
දියවැඩියාව,රක්තවාතය,ආර්ථවහරණය,,තයිරොයිඩ ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය වගේම අක්මා සහ වකුගඩු රෝගත් හඳුනාගන්න පුළුවන්.
අපි ගන්නා ආහාර වර්ග මතත් දහඩිය වල ගන්ධය වෙනස් වන බව අපි ඉහතින් සඳහන් කරානේ. මේ ආහාර වර්ග විදිහට,
ලූණු,සුදුළූණු,ගෝවා,ගෝවා මල්,බ්‍රොකලි සහ රතු පාට මස් වර්ග හඳුනාගන්න පුළුවන්.
දහඩිය දුඟදට විසඳුම්
පෞද්ගලික සනීපාරක්ෂාව සහ ජීවන රටාවේ වෙනස්වීම්
ප්‍රති – බැක්ටීරියා සංයෝග අඩංගු සබන් වර්ගයක් භාවිතයෙන් දිනපතා නෑම හෝ ඇඟ සෝදා ගැනීම නම් අනිවාර්යයි. විශේෂයෙන්ම දහඩිය සිරුරේ වැඩි වේලාවක් රැඳී තිබීම බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්න හේතුවෙනවා.
නෑම සහ ඇඟ සේදීමේදී අනවශ්‍ය බැක්ටීරියා සිරුරෙන් ඉවත් වීම සිදුවෙනවා.සිරුරේ ඇති අනවශ්‍ය බැක්ටීරියා ප්‍රමාණය අඩුවීම දහඩිය වලින් ගඳක් හැමීම අඩුකරන්න හේතු වෙනවා.
ඔබ නාන සහ ඇඟ සෝදන විට වැඩිපුර දහඩිය දමන කිහිලි, කලවා, බෙල්ල වගේ ස්ථාන වඩා හොඳින් පිරිසිදු කරන්නත් අමතක කරන්න එපා.
ඔබේ කිහිලි වල රෝම ඉවත් කිරීමත් හොඳ විසඳුමක්. අපේ දහඩිය දුඟද පිටතට නිරාවරණය ප්‍රධානම ස්ථානයක් තමයි අත්යට එහෙමත් නැත්නම් කිහිලි ප්‍රදේශය.
කිහිලි ප්‍රදේශයේ ඇති රෝම ඉවත් කිරීමෙන් දහඩිය ඉක්මණින් වාෂ්පීකරණයට ලක්වෙනවා.
ඒ නිසා බැක්ටීරියා වලට ඒ මත ක්‍රියාකරන්න තියෙන කාලය අඩුවෙන නිසා දහඩිය දුඟද හැමීමක් සිදුවෙන්නෙ නෑ.
පිරිසිදු ඇඳුම් ඇඳීමත් ඔබේ ඇඳුම් හොඳින් පිරිසිදු කිරීමත් අනිවාර්යයි.
ඇඳුම් නොසෝදා වැඩි වේලාවක් දහඩිය සමඟ තැබීමෙන් ඉවත් කරන්න අපහසු දහඩිය ගඳක් ඔබේ ඇඳුම් වල රැඳෙන්න පුළුවන්.
ඒ නිසා හොඳින් ඇඳුම් සෝදා පිරිසිදු කිරීමත් ඇඳුම් හොඳින් වියළා ගැනීමත් හරිම වැදගත්.
කපු වැඩි ප්‍රමාණයක් අඩංගු සැහැල්ලු ඇඳුම් ඇඳීමත් වැදගත්.
ඇඟට සැහැල්ලු ඇඳුම් නිසා දහඩිය ඉක්මණින් ශරීරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය ඉඩ ලබාදීම සිදුකරනවා.
ඒ නිසා කපු වැඩි ප්‍රමාණයක් අඩංගු රෙදි වලින් නිෂ්පාදනය කර සැහැල්ලු ඇඳුම් සහ යට ඇඳුම් තෝරගන්න ඔබ සැළකිලිමත් විය යුතුමයි.
දහඩිය වල ගඳක් ඇතිකරන්න පුළුවන් ආහාර වර්ග ගැන අපි සඳහන් කරානෙ.ඒ ආහාර වර්ග ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමේදී වඩා සැළකිමත්වීම අනිවාර්යයි.
ඔබේ මානසික පීඩාවන්ට හේතු වෙන කරුණු කාරණා වලින් ඈත්වීම ඉතාම වැදගත්.
ඒ සඳහා අවශ්‍ය වෘත්තීය සහය ලබාගන්න අමතක කරන්න එපා.
දහඩිය දුගද නැතිකරන්න ස්වාභාවික පිළියම් කිහිපයක් ඉදිරිපත් කරන්නම්..
බේකින් සෝඩා සහ වතුර සමාන ප්‍රමාණවලින් එක්කර අත් යට ආලේප කර එය වේලෙන තුරු තබා සෝදාහරින්න පුළුවන්.
බේකින් සෝඩා ඔබේ සමේ අඩංගු අම්ල වල ක්‍රියාකාරීත්වය පාලනය කර දහඩිය දුඟද වළක්වා ගන්න වගේම අත් යට අව පැහැය ඉවත් කරන්නත් උපකාරී වෙනවා.
ග්‍රීන් ටී
අධික ලෙස දහඩිය දැමීම වළක්වා ගන්න ග්‍රීන් ටී හොඳ විසඳුමක්.
ග්‍රීන් ටී අඩංගු බෑගයක් උණුවතුරේ පොඟවා ටික වේලාවක් තබා තේ බෑගය ඉවතට ගෙන මිනිත්තු කීපයක් අත්ල යට තබා ගන්න ඔබට පුළුවන්.
ග්‍රීන් ටී වලට ඔබේ සමේ සිදුරු වසා දැමීමේ හැකියාවක් තිබෙන නිසා අධික ලෙස දහඩිය දැමීම වළක්වා ගන්න උදව් වෙනවා.
ලෙමන් යුෂ
ලෙමන් යුෂ සහ වතුර මිශ්‍රකර බෝතලයකට දමාගන්න.
මේ මිශ්‍රණය ඔබේ අත් යට දිනකට කීපවරක් ආලේප කරන්න ඔබට පුළුවන්.
ඒ වගේම තමා විශේෂයෙන්ම
පිරිසිදුව ඉන්න, වතුර බොන්න අමතක කරන්නත් එපා.එකම යට ඇදුම දින දෙක තුන නොසෝදා පාවිච්චි කරන්න එපා.තමන් මෙන්ම අනිකාද අපහසුතාවයට පත් නොවන ලෙස මේ තත්ත්වයෙන් වැළකී සිටීමට අපි කටයුතු කරමු.