in

දිනපතා කුරුඳු මිශ්‍ර ජලය පානය කරන්න.

ශ්‍රී ලංකා කවදත් කුළුබඩුවලට ප්‍රසිද්ධත්වයක් උසුලන රටක්. අපේම රටේ නිෂ්පාදිත කුළුබඩුවලින් ගත යුතු නියම ප්‍රයෝජන අපි බොහෝ දෙනෙක් නොගන්නා බව නොරහසක්. පිටරැටියන් අතීතයේ සිටම ශ්‍රී ලංකාව සොයා ආවේ අපේ රටේ නිෂ්පාදිත කුළුබඩුවල ඇති වැදගත්කම දන්නා නිසාමයි. කුළුබඩු පිළිබඳව කතා කිරීමේදී කුරුඳුවලට විශේෂිත තැනක් හිමිවනවා. පැණි රස, දැවිල්ල, ආහාර පිසීමේදී සීරියල් වර්ග ආහාරයට ගැනීමේදී කෙටි කෑම පිළියෙල කිරීමේදී ආදී විවිධ අවස්ථාවලදී කුරුඳු අඩු වැඩි වශයෙන් භාවිත කිරීම දැකිය හැකියි. ආහාරවලට කුරුඳු එකතු කර ගැනීමෙන් මනා රසයක්, සුවඳක් මෙන්ම ගුණයකුත් එක්කර ගැනීමට අවස්ථාව හිමි වනවා. නමුත් කුරුඳු සෞඛ්‍යමය වශයෙන් අපට වඩාත් ප්‍රතිඵලදායී වන්නේ කුරුඳු පොතු ගිල් වූ ජලය දිනපතා පානය කිරීමෙන් බව නවතම සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා.

PCOS රෝගයේ බලපෑම් අවම කිරීමට හේතු වීම.

ඩිම්බ කෝෂ විශාල වී කුඩා ගැටිති හෝ ගෙඩි ඇතිවීමේ රෝගයක් ලෙස මෙය හැඳින්විය හැකියි. බොහෝ තරුණ කාන්තාවන් PCOS රෝගයෙන් පෙලෙන බවත් මේ වනවිට සොයාගෙන තිබෙනවා. කුරුඳු පොතු ගිල් වූ ජලය සමඟින් මී පැණි ස්වල්පයක් පානය කිරීම තුළින් එම රෝගී තත්ත්වයේ බලපෑම් අවම කර ගැනීමට හේතු වනවා.

ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීම.

බැක්ටීරියා, පංගස් සහ වෛරස වර්ධනය අඩාල කිරීම තුළින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. එමඟින් නිරන්තරයෙන් රෝගවලට භාජනය නොවී සිටීමට හැකියාව ඇති කරනවා.

මාසික ශුද්ධියේදී වේදනාවන් අවම කිරීම.

බොහෝ කාන්තාවන්ට ඔසප් වීමේදී ඇතිවන අධික වේදනාව සමනය කිරීමට කුරුඳු මිශ්‍ර ජලයට හැකියාවක් පවතිනවා. ඔසප් වන කාලයේදී  කුරුඳු මිශ්‍ර උණුසුම් වතුර කෝප්පයක් බැගින් දිනපතා පානය කිරීම එම අපහසුතාවය මඟ හරවා ගැනීමට හේතු වනවා.

ශරීර බර අඩු කිරීම.

මෙය සිදුවන්නේ කෙසේද කියා වෛද්‍ය පරීක්ෂණ මඟින් නිසි ලෙස සනාථ කර නොමැති වූවත්, කුරුඳු මිශ්‍ර ජලය පානයෙන් ආහාර රුචිය අඩුකර බඩගින්න නිවා දැමීමක් සිදුවනවා. එම නිසාම ශරීරයේ බර අඩු කිරීමට හේතු වනවා.

සන්ධි අමාරු සඳහා.

ඔබට ඇතිවන සන්ධි අමාරු සහ ආතරයිටීස් වැනි තත්ත්ව වලදී කුරුඳු මිශ්‍ර ජලය පානයෙන් අධික වේදනාව සමනය කර ගැනීමට හේතු වනවා. එමෙන්ම මේ හරහා රුධිර සංසරණය නියමිතව සිදුවීමට උපකාරීවීමත් විශේෂත්වයක්.

ඔබට ඉතාමත්ම පහසුවෙන් සොයාගත හැකි කුරුඳු ආශ්‍රයෙන් මෙවන් ප්‍රතිලාභ ලැබිය හැකි බව ඔබ දැන සිටියාද ?

උපුටා ගැනීම : wellness expert

What do you think?

Written by Mic

ඇස් පෙනීමට බාධා කරන හේතු.

දරුවාගේ උගුරේ යමක් සිර වූ විට කළ හැකි දේ.