දිමියන්ගේ (Weaver ants) පාදවලට ඇදහිය නොහැකි තරම් ශක්තිමත් ග්‍රහණයක් ඇත – මින් ඒක් විශේෂයක තනි සාමාජිකයෙකුට, මේසයක අද්දරකින් එල්ලෙන සම්පූර්ණ මළ කුරුල්ලෙකු වුවද, ලිස්සා නොයවා තබා ගත හැකිය. මෙම බලවත් කෘමීන් කලාතුරකින් තනිවම වැඩ කරන අතර, බොහෝ විට ඔවුන්ගේ පත්‍ර සහිත නිවාස තැනීමේදී විශාල ප්‍රමාණයේ කොළ ඇදීමට සහ නැවීමට කණ්ඩායම් ලෙස එකට එක්වේ.
විද්‍යාඥයින් දැන් සොයාගෙන ඇත්තේ ආසියානු දිමි කණ්ඩායම්වලට වැඩි සාමාජිකයින් සංඛ්‍යාවක් එක්වන විට, කොළවල තුඩ නවා ඇදීම සඳහා ඔවුන් උපායශීලීව තම ග්‍රහණය සඳහා බලගතු පාද භාවිතා කරමින් වඩ වඩාත් කාර්යක්ෂම වන බවයි. සාමාන්‍ය මිනිස් හැසිරීම්වලට පටහැනිව, සාපේක්ෂව විශාල බරක් ඇදීම සඳහා දිමියන් තනිවම වැඩකරනවාට වඩා විශාල කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමේදී වැඩි වෙහෙසක් දරයි.
මැනිය හැකි සංසිද්ධියක් වන “රින්ගල්මාන් ආචරණය” (Ringelmann effect) ලෙස හඳුන්වනු ලබන සංකල්පයට අනුව, මිනිසුන් වැඩි දෙනෙක් කණ්ඩායමකට සම්බන්ධ වන තරමට, එක් එක් සාමාජිකයා දරන උත්සාහය අඩු කිරීමට නැඹුරු වේ; පර්යේෂකයන් සාමාන්‍යයෙන් මෙය ආරෝපණය කරන්නේ අභිප්‍රේරණය අඩුවීම සහ වැඩි පිරිසක් සම්බන්ධීකරණය කිරීමේ දුෂ්කරතාවයයි. “ඔබ කඹ ඇදීමකදී මෙන් කඹයක් අදින විට, වැඩි දෙනෙක් පේළියේ සිටීම ඇත්තෙන්ම අඩු කාර්යක්ෂමතාවක් ගෙන දෙයි,” යනුවෙන් Current Biology හි පළවූ නව අධ්‍යයනයක සම-කර්තෘ, මැක්වාරි විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥ ක්‍රිස් රීඩ් පවසයි.
රීඩ් සහ ඔහුගේ සගයන් කඩදාසි කොළයක තුඩක් බලය මැනීමේ උපකරණයකට සම්බන්ධ කර, දිමියන් එය නැවීම සඳහා කොළය හරහා ආපසු අදින අයුරු වීඩියෝ ගත කළහ. තනි දිමියන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ බර මෙන් 59 ගුණයක් අදින බවත්, නමුත් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම්වල තනි පුද්ගලයන් ඔවුන්ගේ බර මෙන් 103 ගුණයක් අදින බවත් ඔවුහු සොයා ගත්හ. වැඩි දිමියන් සංඛ්‍යාවක් ඇතුළත් වන තරමට කාර්යක්ෂමතාවයේ වැඩිවීම තියුණු විය.
මෙය සිදු කිරීම සඳහා, දිමියන් එකිනෙකා පිටුපසින් දෙදෙනෙකුගේ සිට හතර දෙනෙකු දක්වා වූ දම්වැල් ලෙස එකලස් විය. ඉදිරිපස දිමියන් තම කකුල් නවා, ඔවුන්ගේ හනු (mandibles) වලින් කොළයේ තුඩ තදින් ඇද ගත් අතර, පිටුපස දිමියන් කොළය නිශ්චලව තබා ගත්හ.
පර්යේෂකයන් යෝජනා කරන්නේ මෙම ඇදීමේ දම්වැල් “බල රැචට” (force ratchets) ලෙස ක්‍රියා කළ හැකි බවයි. ඉදිරිපස දිමියන් “ක්‍රියාකාරී අදින්නන්” වන අතර, පිටුපස දිමියන් “නිෂ්ක්‍රීය ප්‍රතිරෝධකයන්” වේ – ඔවුන් ඉදිරිපස දිමියන්ගේ ශරීර ග්‍රහණය කරගෙන, ඔවුන්ගේ ඇලෙන සුළු පාද කොළය මත තදින් රෝපණය කර, ඉදිරිපස දිමියන් විසින් ජනනය කරන ලද බලවේග ගබඩා කර තබා ගනී. එවිට කොළය ආපස්සට විසි නොවේ.
“සැබෑ සුපිරි කාර්යක්ෂමතාව පිළිබඳ මෙවැනි උදාහරණ ඉතා සීමිතයි,” යනුවෙන් මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාඥ ස්කොට් පවල් පවසයි. බර වැඩිපුර ගෙනයාම සඳහා ෆෙරමෝන මාවතක් දැඩි ලෙස අනුගමනය කරන හමුදා කූඹින් (army ants) තවත් දන්නා උදාහරණයකි. නමුත් කාර්යක්ෂම සම්බන්ධීකරණය සමඟින්, දිමියන්ගේ ශාරීරික ලක්ෂණ ඔවුන්ට වාසියක් ලබා දෙන බව පෙනේ.
මෙම දිමියන්ගේ අසාමාන්‍ය ලෙස ග්‍රහණය වන පාද, “විරුද්ධ දිශාවෙන් එන ශක්තිමත් ඇදීමේ බලයකට ඔරොත්තු දීම සඳහා ඔවුන්ව සැබවින්ම හොඳින් අනුවර්තනය කර” ඇති බව, මෙම අධ්‍යයනයට ද සම්බන්ධ නොවූ ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥ හෙලන් මැක්‍රීරි පවසයි. “අපේ මොළය සිතන ආකාරයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරවලින් ගැටලු විසඳන ජීවීන්ගෙන් ලෝකය පිරී තිබේ.”
(සයන්ටිෆික් ඇමෙරිකන් නොවැම්බර් කලාපයෙන්)
උපුටා ගැනීම: thathu.com


