in

දේශීය පලතුරු වල ගුණ

අපි බොහෝ දෙනෙක් දේශීය පලතුරු වලින් ඈත් වෙලා, විදේශීය පලතුරු වලට හුරු වෙලා අවසන්. පොඩි දරුවෙක් වුනත් වැඩියෙන් කැමති විදේශීය පලතුරු වලට. විදේශීය පලතුරු වලත් ගුණ තිබෙන බව ඇත්ත. හැබැයි ඒවා පිටරට ඉඳන් අපේ රටට එන්න ගොඩක් කල් යනවා. ඒ නිසා කල්තියා ගන්න විවිධ දේවල් යොදනවා. ඒ විතරක් නෙවෙයි පරණ වෙන්න පරණ වෙන්න පලතුරු වල නැවුම් ගතිය වගේම ගුණයත් අඩු වෙලා යනවා. හැබැයි අපේ රටේ තියෙන නැවුම් පලතුරු එසැණින් ලබා ගන්න පුළුවන්. වස විස නැති දේශීය පලතුරු භාවිතයෙන් ගොඩක් පෝෂක කොටස්, විටමින් ආදිය ලබා ගන්න පුළුවන්. ඒ නිසයි අද අපි දේශීය පලතුරු වල තියෙන ගුණ ගැන කතා කරන්න තීරණය කලේ.

බෙලි

බීටා කැරොටින් සහ විටමින් c බහුල වශයෙන් අඩංගුය. යකඩ බහුල වන අතර රුධිර සීනි මට්ටම පාලනය කරයි. පාචනය, අතීසාරය වැනි රෝග සුව කරයි. ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල වන අතර  සිරුරේ ශක්තිය වර්ධනය කරයි. කුෂ්ඨ, දද ඇතුළු සමේ ආසාදන වලට සුවය ගෙන දෙයි.

පේර

සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරමින්, පිළිකා අවදානම අඩු කරයි. ඇස් පෙනීම වර්ධනය කරන්නට සහ ආහාර දිරවීම වර්ධනය කරන්නට සමත් වේ.

මැංගුස් 

ප්‍රතිඔක්සිකාරක සහ විටමින් සී බහුලය. නීරක්තිය සුව කරයි. ලේ ගමනාගමනය වර්ධනය කරයි. කොලෙස්ටරෝල් මට්ටම අවම කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරමින්, හෘද රෝග වලට එරෙහිව සටන් කරයි. ඇල්ෂයිමර් රෝගයට සුවපත් කරයි

නෙල්ලි 

විටමින් සී බහුලය. තුවාල සුව කරන්නට සහ දියවැඩියාව සුවපත් කරන්නට සමත් වේ. හිස්සොරි සදහා ඖෂධයකි. ඇසේ පෙනීම වැඩි දියුණු කරයි

වරකා 

පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස් සහ යකඩ බහුලය. සිරුරට ක්ෂණික ශක්තියක් ලබා ලබා දෙන්නට සමත් වේ. රුධිර පීඩනය පාලනය කරන්නට සහ හිස කෙස් වැවීම වර්ධනය කරන්නට සමත් වේ. ආහාර ජීර්ණයට උපකාරී වේ. උදරයේ දැවිල්ලට සහනය ගෙන දේ 

කටු අනෝදා 

ප්‍රතිඔක්සිකාරක ගුණ සහ විටමින් සී බහුලය. හදවතේ නිරෝගී පැවැත්ම ආරක්ෂා කරයි. පිළිකා සුව කරයි. වකුගඩු ආශ්‍රිත රෝග සුව කරයි. මුත්‍රා ආසාදන සුව කරයි

කාමරංගා

විටමින් සී බහුලය. රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නට සමත් වේ. පොටෑසියම්, පොස්පරස්, සින්ක් සහ යකඩ අඩංගු වේ. කැලරි ප්‍රමාණය අඩුය. ප්‍රතිඔක්සිකාරක බහුලය. හිසරදය, උණ, හන්දිපත් රෝග සමනය කරයි

ගල් සියබලා 

ප්‍රතිඔක්සිකාරක බහුලය. දත් කැක්කුම හා මුඛ සෞඛ්‍යයට හිතකරය. රුධිරගත සීනි මට්ටම පාලනය කරන්නට සමත් වේ

වෙරලු  

පාචනය සුව කරයි. දියවැඩියාව සුව කරයි. ආහාර දිරවීමේ අපහසුතා මඟ හරවන අතර ආතරයිටිස් වලට ගුණදායකය. සමේ රෝග සුවපත් කරන්නට සමත් වේ

උපුටා ගැනීම: Wellnessexpert

What do you think?

Written by Mic

රසදිය අඩංගු මාළු සෞඛ්‍යට අහිතකර වන්නේ ඇයි?

මානසික ආතතිය අඩු වැඩි කරවන ආහාර 13ක තතු