“නත්තල” මේ වචනේ ඇහුණ ගමන් ඔබේ මතකයට නැගෙන්නේ කුමක්ද? මා මතකයට නැගෙන දෑ මා මෙලෙස අකුරු කරන්නම්.ලස්සන හිම තුහින,කැරොල් ගීත,නත්තල් සීයා,ජේසු උතුමාණන්,පිනි මුවෝ මේ සා කී නොකී ලස්සන ලස්සන ගොඩාක් දේවල් මගෙ මතකයට නැගෙනවා.
සීතල දෙසැම්බරයේ ලස්සනම දවසක් තමා නත්තල කියන්නේ.ලොකු කුඩා අපි කවුරුත් ආස කරන ක්රිස්තියානි බැතිමතුන්ට සුවිශේෂී වන දවසක් තමා මේ නත්තල. නත්තල යනු ලොව පුරා ක්රිස්තු භක්තිකයින් බහුතරයක් ජේසුස් වහන්සේ ලෝක වාසීන් පාපයෙන් ගලවා ගැනීම වෙනුවෙන් මෙලොව එළිය දුටු දිනය සමරන උත්සවයක්.
නත්තල හෙවත් නත්තල් දිනය නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සමරන දිනය වේ. මෙදින නූතන චාරිත්ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්රධාන වේ. සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්රිය චරිතයකි. ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් හා ක්රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි.
නත්තල කියන්නෙ දීම සහ බෙදාගැනීම කියන සංකල්පය මූලික කරගත්ත උත්සවයක්නේ. ඒ නිසාම කිතුණු බැතිමතුන් නත්තල් කාලෙදි තමන්ගෙ ආදරණීයයන් සමග තෑගි හුවමාරු කරගනිමින් නත්තලේ අපූර්වත්වය විඳිනවා. ඒවගේම මේ විදියට තෑගි බෙදා හදා ගැනීම කිතුණු බැතිමතුන්ටම ආවේණික දෙයක් නෙවෙයි. ඕනම ආගමක, ජාතියක කෙනෙකුට නත්තල් කාලයෙදි තව කෙනෙකුට තෑග්ගක් දීමේ සහ තෑග්ගක් ලැබීමේ හැකියාවක්, ඉඩක් තිබෙනවා. ඉතින් නත්තල කියන්නෙ හැම කෙනෙක්ම සතුටෙන් පිරී ඉතිරී ගොසින් සිටින කාලයක් කියල හඳුන්වන්න පුලුවන්.
ඉතින් මේ 2024 අවුරුද්දෙ නත්තල සුපුරුදු විදියට ඉහළින්ම සමරන්න සමස්ත ශ්රී ලාංකික ප්රජාවට ඉඩ ලැබෙන්න කියලා අපි ප්රාර්ථනා කරනවා.
ලබන්නා වූ නත්තල ඔබ සැමට සුබ නත්තලක් වේවා!