in

නැදුන්ගමුවේ රාජා

නැදුන්ගමුවේ රාජා ඉන්දියාවේදී උපත ලබන්නේ 1953 වර්ෂයේදීය. දිවයිනට රැගෙන එන විට ඇත් පැටවාගේ වයස අවුරුදු 5කි. මහරගම නීලම්මහර වෙද හාමුදුරුවන් වහන්සේ මෙම ඇත් පැටවුන්ගේ මුල්ම භාරකරු වූහ.

ඉන්දියාවේ මයිසුර් වල මහරජුන් කෙනෙකුගේ ඥාතියෙකු ගේ සුවකළ නොහැකි රෝගයකට වෙදකම් කර සුව කිරීම නිසා තෑග්ගක් ලෙස මේ ඇත් පැටවුන් දෙදෙනා එම රජුන් විසින් උන්වහන්සේට ප්‍රදානය කර ඇතැයි කියවේ.

පසුව නීලම්මහර වෙද හාමුදුරුවෝ මෙම ඇත් පැටවුන්ගේ භාරකාරත්වය වෙනත් දෙදෙනෙකුට පවරා දී තිබේ.

ඉන් එක් ඇතෙකු වුයේ ගංගාරාම විහාරස්ථානයේ හැදී වැඩී වසර කිහිපයකට පෙර මියගිය නවම් රාජාය.

අනෙක් පැටියා හොරණ උඩුව ප්‍රදේශයට රැගෙන ගියත් වසර 25 කට පමණ පසු 1978 වසරේදී නැදුන්ගමුවේ පණ්ඩිත වෙදරාලහාමිගේ භාරයට ඇත්පැටවා පත්වන්නේ නැදුන්ගමුවේ රාජා ලෙසින්ය.

ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි.

2006 වසරේ සිට 2021 දක්වා අවස්ථා 11කදී නැදුන්ගමුවේ රාජා විසින් දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහරේ මඟුල් ඇතු ලෙස දළදා කරඬුව වැඩම කරවූ අතර විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව මැද ජීවත් වූ එකම සත්ත්වයා වුයේද නැදුන්ගමුවේ රාජා ඇත් රජුය.

දලදා මාලිගාවේ රාජා හස්තියාට පසු වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම කරවූයේද නැඳුන්ගමුවේ රාජා හස්තියා ලෙස සැලකේ.

2005 වසරේදී පළමුවරට නැදුන්ගමුවේ රාජා දළදා පෙරහැරේ ගමන් ගත්තේය. ඒ, 2005 අවසන් මහා රන්දෝලි පෙරහැරට සහභාගි වෙමිනි.

නැදුන්ගමුවේ රාජා 2006 අවසන් මහා රන්දෝලි පෙරහැරේ ප්‍රථම වරට සධාතුක කරඬුව වැඩම වනු ලැබීය.

2021 අවසන් මහා රන්දෝලි පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කර වුයේදි නැඳුන්ගමුවේ රාජා ඇත්රජුය. 2006 වසරේ සිට 2021 වසර වන තෙක් වූ වසර 15න් වසර 11ක් ම දළදා පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කර වුයේදි නැඳුන්ගමුවේ රාජා හස්තියා විසිනි.

අලි ඇතුන් ප්‍රවාහනය සඳහා සාමාන්‍යයෙන් ලොරි භාවිත කළ ද නැදුන්ගමුවේ රාජා දින හතක පමණ කාලයක්, විශාල දුරක් ගෙවාගෙන පා ගමනින් මහනුවරට පැමිණීම බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.

මහනුවර ශ්‍රී දලදා පෙරහැරට අමතරව බෙල්ලන්විල , රත්නපුර මහ සමන් දේවාල පෙරහැර, කැළණි පෙරහැර, කඩුවෙල රන්කඩු දේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරට ද නැඳුන්ගමුවේ රාජ හස්තියා පාගමනින්ම සහභාගි වී තිබේ.

දශකයකට අධික කාලයක් මහනුවර ඇසළ පෙරහැරෙහි සධාතුක කරඬුව වැඩම වූ නැදුන්ගමුවේ රාජා මිය යන විට වයස අවුරුදු 69 ක් විය.

2022 මාර්තු මාසයේදී ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දේහය මුලින් ගම්පහ වැලිවේරියේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇති අතර, පසුව සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා ගෙන යන ලදී.

මේ වනවිට ශ්‍රී දළදා මාලිගා සංකීර්ණ භූමියේ කෞතුකාගාර භූමියේ තිබෙන රාජාගේ සංරක්ෂිත දේහය අනාගත පරපුරට දැක ගෞරව කිරීමට අවස්ථාව ලබා දී ඇත.❤️🙏🐘🇱🇰

උපුටා ගැනීම : Dutu Nodutu Lokaya

What do you think?

Written by Author

අවුරුදු තුනක් වයසැති දැරියක් පැරණි ඊජිප්තු පුරාවස්තවක් සොයා ගෙන

දෙවන ලෝක යුද්ධයේ ගලවා ගැනීමේ සුනඛයා