නෑමෙන් පසු අත් ඇඟිලි සහ පා ඇඟිලි රැළි වැටී වර්ණය වෙනස් වන්නේ ඇයි?
ප්‍රශනය අසන්නේ: වොෂින්ටනයේ, බොතෙල් හී 12 හැවිරිදි, රේමන්ඩ් වයි
පිළිතුරුදෙන්නෙ: නිව්යෝක් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන Binghamton Universityහී ජෛව වෛද්‍ය ඉංජිනේරු සහායක මහාචාර්ය Guy German
සම යනු පුදුමාකාර හා අමුතුම අවයවයකි. ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය ලෙස, සම ඔබව රැකබලා ගැනීම පිණිස බොහෝ දේ කරයි, හිරු එළියෙන්, දරුණු රසායනික ද්‍රව්‍යවලින්, අප්‍රසන්න විෂබීජවලින් මෙන්ම දරුණු සීතලෙන් ආදී වශයෙන් බාහිර ලෝකයෙන් පැමිණෙන උපද්‍රව වලින් එය ඔබව ආරක්ෂා කරයි. තවද සම මේ සියල්ල ඉටුකරන්නේ ඔබේ ශරීරය තුළ ජලය රඳවා තබාගෙන, එමෙන්ම ස්පර්ශය පිළිබඳ හැඟීම ඇති කිරීමට ඉඩ සලසමිමිනි. මම ජෛව වෛද්‍ය ඉංජිනේරුවෙක්. මගේ පර්යේෂණ කණ්ඩායම සහ මම මෘදු ජීව විද්‍යාත්මක පටක වල යාන්ත්‍රණයන් සහ ක්‍රියාකාරිත්වය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්නෙමු. අප වයසට යන විට හෝ ඇඟිලි දෙකකින් අල්ලා මිරීකූ විට සමේ රැලි වැටෙන බව අපි දනිමු. එහෙත්, ඔබ නිහැනහිල්ලේ ස්නානය කිරීමෙන් හෝ පිහිනුම් තටාකයේ වැඩි වේලාවක් ගත කිරීමෙන් පසු සම රැළි වැටීමට සහ සමහර විට වර්ණය වෙනස් වීමට පවා හේතුව නම් තරමක අභිරහසක්!
බොහෝ විට මිනිසුන් උපකල්පනය කරන්නේ මෙම රැළි ඇති වන්නේ සමට ජලය අවශෝෂණය කිරීම හේතුවෙන් සම ඉදිමීම සහ සම නැවීම නිසා බවයි. ඇත්තම කිව්වොත් මා ද බොහෝ කාලයක් තිස්සේ කල්පනා කළේ එලෙසය. කෙසේවෙතත්, 1930 ගණන්වල පර්යේෂකයන් සොයාගත්තේ ඇඟිලිවල ස්නායු ආබාධ ඇති පුද්ගලයින් තුළ ස්නානය කිරීමෙන් පසු සමෙහි රැළි ඇති නොවන බවයි. රැලි සහිත ඇඟිලි ජල අවශෝෂණය නිසා පමණක් විය නොහැක, නැතහොත් ඔබේ ස්නායු කෙතරම් හොඳින් වැඩ කළත් හෝ වැඩ නොකළත් මෙය පොදුවේ දැකිය හැකි සංසිද්ධියක් විය යුතුය. ඉතින්, සම හැකිලෙන්නේ ජලය අවසෝෂණය කරගැනීම් හේතුවෙන් ඉදිමීම නිසා නොවේ නම්, දීර්ඝ වේලාවක් පිහිනීමෙන් පසු අත් ඇඟිලි සහ පාඇඟිලි රැළි වැටීම පිටුපස ඇති රහස කුමක්ද?
ඔවුන් සිතන ආකාරයට පිළිතුර කුමක් දයි විද්‍යාඥයන් විසින් මෑතක දී සොයා ගනු ලැබ ඇත

රුධිර වාහිනී වඩාත් පටු කරන්නැයි ස්නායු සංඥාවක්
සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීම සඳහා, පළමුව ඔබ ස්වතන්ත්‍ර ස්නායු පද්ධතිය(autonomic nervous system) — එනම්, ඔබේ ශරීරය ක්‍රියා කරන ආකාරය පිළිබඳ නිරුත්සාහක කොටස ගැන මදක් දැන සිටිය යුතුය. හුස්ම ගැනීම, ඇසිපිය හෙළීම, ඔබේ හදවත පොම්ප කිරීම හෝ ඔබේ කනිණිකාවන්(pupils) සූර්යාලෝකය හමුවේ සංකෝචනය වීම වැනි ක්‍රියා සියල්ලම සිදු වන්නේ ඔබ දැනුවත්ව පාලනය කිරීමට අවශ්‍ය නොවන්නාවූ ස්වතන්ත්‍ර ස්නායු පද්ධතියට ස්තුති වන්නටය. එමෙන්ම, ඔබගේ රුධිර නාල වල ප්‍රසාරණය සහ හැකිලීම ස්වයංක්‍රීයව පාලනය කරන්නේ ද එම පද්ධතියමයි.
සාමාන්‍යයෙන්, උෂ්ණත්වය, ඖෂධ හෝ ඔබ කන හෝ පානය කරන දේ ඔබේ රුධිර වාහිනී පුළුල් කිරීමට හෝ හැකිලීමට හේතු විය හැක. ඔබ උණුසුම් දවසක එළිමහනට යන විට, ව්‍යායාම කරන විට හෝ (ලැජ්ජාවෙන්) මුහුණු රතුවන විට, ඔබේ සම ඉබේටම රතු විය හැකි ආකාරය ගැන සිතන්න. එමෙන්ම,දීර්ඝ වේලාවක් පිහිනීමකින් පසු සම රැලි වැටීමට ද හේතු වන්නේ ඔබේ රුධිර නාලවල (මෙම) හැකිලීමයි. ඔබේ දෑත් සහ පාද මිනිත්තු කිහිපයකට වඩා ජලය සමඟ ස්පර්ශ වන විට, ඔබේ සමේ දහඩිය නාල විවෘත වන අතර, සමේ පටක තුලට ජලය ගලා යාමට ඉඩ සලසයි. මෙම එකතු වෙන ලද ජලය සම තුළ ලුණු අනුපාතය අඩු කරයි. ස්නායු තන්තු ඔබේ මොළයට ලුණු මට්ටම අඩු කිරීම පිළිබඳ පණිවිඩයක් යවන අතර ස්වතන්ත්‍ර ස්නායු පද්ධතිය රුධිර වාහිනී සංකෝචනය කිරීමෙන් ඊට ප්‍රතිචාර දක්වයි. සම තුළ ඇති කුඩා රුධිර වාහිනී හැකිළෙන විට, ඒවා චර්ම පෘෂ්ඨය(සම මතුපිට) ඇතුළට ඇද, දීර්ඝ ස්නානයකින් පසු ඔබට දිස්වෙන) සමේ රැලි සාදයි.

Getty Images හරහා Shubhangi Ganeshrao Kene/Science Photo Library
රුධිර වාහිනී පටු වීම සමෙහි සමස්ත පරිමාව අඩු කිරීමට හේතු වන අතර, මෙම පැහැදිලි රැලි රටා ඇති කරමින් සම රැළි කරයි. එය වියළන ලද මුද්දරප්පලම් රැලි සහිත මිදි බවට පත්වන ආකාරය වැනි ය – එය මතුපිටට වඩා ඇතුලත් වැඩි පරිමාවක් (ඉයළීමෙන්) අහිමි වී යාමේ ප්‍රත්ඵලයයි. මෙම රුධිර වාහිනී සංකෝචනය වීම සම සුදුමැලි වීමට ද හේතු වේ — වෙනත් අනදමට කීවොත්, එය ඔබගේ රුධිර වාහිනී ප්‍රසාරණය වීම නිසා ඔබ උණුසුම් ජලය ස්නානයක යෙදෙන විට ඔබේ සම රතු වූ වී සිදු වන දෙයට ප්‍රතිවිරුද්ධ දෙයකි. සැහැල්ලු සමක් ඇති පුද්ගලයින්ගේ වර්ණය වෙනස් වීම (අන් අයට වඩා) තරමක් පැහැදිලිව පෙනේ.
ස්නායු ආබාධ ඇති විට මෙම සංකෝචනය සිදු නොවේ. ඊට හේතුව, පටු වන් ලෙස රුධිර වාහිනී වෙත කිසි විටෙකත් පණිවිඩයක් නොලැබෙන හෙයිනි. එබැවින් ඔබ ඉතා දිගු වේලාවක් ස්නානය කළත් රැළි කිසි විටෙකත් ඇති නොවේ.

රැලි සහිත තෙත් ඇඟිලි ලිස්සන සුළු පරිසරයක දී වාසියක් ලබා දිය හැකිය. Westend61 via Getty Images
රැලි වැටුණු අත් ඇඟිලි හෝ පා ඇඟිලිවලට වාසියක්
රැලි වැටුණු අත් ඇඟිලි හෝ පා ඇඟිලිවලට වාසියක් නමුත් තෙත් වූ විට සමෙහි ඇතිවන මෙම රැලි වැටීමෙන් කිසියම් අරමුණක් ඉටු වෙයිද?
පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ රැලි රහිත සමට සාපේක්ෂව රැලි වැටුණු සම, දිය යට දී ග්‍රහණය තර කරන බවයි. වඩා හොඳ ග්‍රහණයක් ඇති විට ඔබට වස්තූන් වඩාත් තදින් ග්‍රහණය කර ගැනීමට ඉඩ සැලසෙයි. එය දිය යට පිහිටි මතුපිටක් දිගේ ඇවිදීම පහසු කරයි; ලිස්සා යාමේ සම්භාවිතාව ද අඩුය. මෙය කාලයාගේ ඇවෑමෙන් විකාශනය වූ අපූරු ලක්ෂණයක් යැයි මම සිතමි. මගේ පර්යේෂණ කණ්ඩායම සහ මම අධ්‍යයනයන් සිදු කර ඇත්තේ සමේ ව්‍යුහයේ වෙනස්කම් සහ දිගු කාලයක් ජලයේ ගිල්වීම සමඟ ක්‍රියා කිරීම ගැන මිස රැළි අධ්‍යයනය කිරීමට නොවේ. අපරාධයක් හෝ ව්‍යසනයකින් පසු අධිකරණ වෛද්‍ය පරීක්ෂකවරුන්ට උපකාර කිරීමට සිදු කළ හැකි සම විශ්ලේෂණයන් ගැන අපි උනන්දු වෙමු. තෙත් පරිසරයක දිගු කාලයක් වැඩ කිරීමෙන් ඇතිවන සමේ ආබාධ හෙවත් ගිල්වීමේ පාද සින්ඩ්‍රෝමය(immersion foot syndromes) ගැන වැඩි විස්තර දැන ගැනීමට අපට අවශ්‍යයි. . ඒවා ආරක්ෂක හමුදා පුද්ගලයින් හෝ ජලයෙන් යට වූ කුඹුරුවල වගා කරන ගොවීන්ට බලපායි.
දිගු කලක් ජලයේ ගිලී තිබීම, සම කැඩී යාමේ සම්භාවිතාව වැඩි කරන නමුත් මෙම දුර්වල වීම හට ගැනීමට සති කිහිපයක් ගත විය හැකිය.
ඉතින්, පිහිනුම් තටාකයේ වැඩි වේලාවක් රැඳී නොසිටින්න, ඔබ සම වේලුණු පසු රැලි ගැසුණු ඔබේ ඇඟිළි සාමාන්‍ය තත්ත්වයට පත්වේ.
Curious Kids August, 28th 2023(The conversation) හී පලවන Why do fingers get wrinkly after a long bath or swim? A biomedical engineer explains යන ලිපිය ඇසුරෙනි
උපුටා ගැනීම: thathu.com

