විශේෂ හේතුවක් නැතිව දැනෙන වෙහෙස සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට බාධා ඇති කරනවා. විවිධ කායික ගැටළු වලට සහ මානසික ගැටළු වලටද මෙය හේතුවක් වෙනවා. ඉතින් අද අපි බලන්නේ වෙහෙස ඇති වීමට බලාපාන හේතුය.
කැෆේන්
කෝපි සහ ශක්තිජනක පාන වලින් වෙහෙස දුරු බව සාමාන්‍ය පිළිගැනීමයි. නමුත් එය සිදු වන්නේ කෙටිකාලීනවයි. කැෆේන් ඔබේ රුධිරයේ අඩංගු වන සීනි මට්ටම එකවර ඉහල නංවා, හදිසි ශක්තිජනක ස්වභාවයක් ඇති කරවයි. නමුත් මෙය තාවකාලික ශක්තියකි. එය ණයට ලබා ගත් ශක්තියක් වැනිය. පසුව එම ශක්තිමත් ස්වභාවය වේගයෙන් පහල බැස දුර්වල ස්වභාවයක් දැනෙන්නට පටන් ගනී. කැෆේන් නින්දටද විශාල බලපෑමක් ඇති කරවනවා. සවස් වරුවේ කෝපි පානය කිරීම නිසා රාත්‍රී නින්ද අඩාල වන අතර ප්‍රතිඵලය ලෙස දවස පුරා වෙහෙස දැනෙන්නට පටන් ගන්නවා.
ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම
සිරුරේ ශක්තිය පවත්වා ගැනීමට හොඳින් ජලය පානය කිරීම අතවශ්‍ය වේ. ඔබ වෙහෙසන විට කැලරි අහිමි වන අතර ඒ සමඟ සිරුරේ ජල මට්ටමද අඩු වේ. මෙම අහිමි වන ජලය නැවත ප්‍රතිස්ථාපනය කර ගත යුතුය. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන්නේ නම් දැනෙන වෙහෙස වැඩි වර්ධනය වනු ඇත. වෙහෙස දැනෙනවාට අමතරව අවධානය යොමු කිරීමේ හැකියාවද සැලකිය යුතු ලෙස අඩු වේ. සිරුර විජලනය වීම නිසා පිපාසය, තෙහෙට්ටුව, කරකැවිල්ල සහ හිසරදය ආදී ලක්ෂණ ඇති වේ. එමෙන්ම එය නින්දට බාධා කිරීමටද සමත් වේ. නින්ද අහිමි වීමේ ප්‍රතිඵලය වන්නේද දවස පුරා දැනෙන වෙහෙසය.
දිනකට වතුර වීදුරු 8 ක් පානය කළ යුතු බව සාමාන්‍ය පිළිගැනීමයි. නමුත් යමෙකු පානය කල යුතු ජලය ප්‍රමාණය තීරණය වන්නේ බර, වයස, ලිංගිකත්වය සහ ක්‍රියාකාරකම් මට්ටම ආදී කරුණු මතය. මේ නිසා වෙහෙස දැනෙන සෑම අවස්ථාවකම ජලය වීදුරුවක් පානය කිරීම නුවණට හුරු වනු ඇත.
යකඩ අඩුවෙන් ලබා ගැනීම
වෙහෙස දැනීමට බලපාන තවත් හේතුවක් වන්නේ රක්තහීනතාවයයි. රුධිරයේ යකඩ ඌනතාවය නිසා ප්‍රමාණවත් පරිදි හිමොග්ලොබින් නිපදවීම සිදු වන්නේ නැත. මෙය නිවැරදිව හඳුනා ගැනීමට රුධිර පරීක්ෂණයක් කර ගත යුතුය. වෙහෙස දැනෙන්නේ රක්තහීනතාවය නිසාද යන්න සැක කිරීමට උපකාරී වන තවත් ලක්ෂණයක් වන්නේ සමේ ඇති වන සුදුමැලි ගතියයි.
නිතර දැනෙන වෙහෙස පාලනය කර ගැනීමට නිවිති සහ මස් වැනි යකඩ බහුල ආහාර ලබා ගැනීම, යකඩ අඩංගු පෝෂණ අතිරේක ලබා ගැනීම දේ සිදු කර බලන්න.
නිර්මාංශික බව
සිරුරට අත්‍යවශ්‍ය විටමින් වර්ගයක් වන B12 ඇත්තේ සත්ව ප්‍රෝටීන වල පමණි. මෙම විටමින් සිරුරට නොලැබී යාම නිසා වෙහෙසක්, තෙහෙට්ටුවක් දැනීම සිදු වීමට ඉඩ ඇත.
උපුටා ගැනීම: wellnessexpert


