in

නේපාලයේ “මාළු වරල “

මච්ඡපුච්ඡරී ( माछापुच्छ्रे ) හෙවත් ” මත්ස්‍ය වරල ” නේපාලයේ ගාන්ධකී පළාතේ අන්නපූර්ණා කඳු වැටියේ පිහිටි කඳු මුදුනකි.

මච්ඡපුච්ඡරී කඳු මුදුනේ උස ආසන්න වශයෙන් මීටර් 6,993 ක් වන අතර මෙම කන්ද ගාන්ධකී පළාතේ අගනුවර වූ පොඛාරා ( पोखरा )නගරයේ සිට කිලෝමීටර් 25 ක පමණ දුරින් පිහිටයි.

කන්දේ පෙනුම මත්ස්‍ය වරලක ආකාරය ගන්නා නිසා මච්ඡපුච්ඡරී (माछापुच्छ्रे ) නමින් හඳුන්වන අතර නේපාලයේ මැටර්හෝන් ( Matterhorn – ස්විස්ටර්ලන්තයේ පිහිටි ප්‍රසිද්ධ කඳු මුදුනක් ) ලෙසද හඳුන්වයි.

නේපාලයේ ටිබෙට් බුදුදහම,මිශ්‍ර වූ බොන් දහම අදහන ස්වදේශික චීන-ටිබෙට් ජන කොටසක් වූ ගුරුන්ග් ජනයා හට මෙම කඳුමුදුන පූජනීය කන්දක් වේ.ඒ වගේම මෙම කන්ද ශිව දෙවියන්ගේ වාසස්ථානයක් ලෙසද හඳුන්වයි.

උපුටා ගැනීම : ~Menuka Priyashan~ ( මුහුණුපොත)

What do you think?

Written by Mic

කුෂ්ඨ රෝග වලට ගුණ දෙන ශ්‍රී ලංකාවට ආවේණික කොක්මොටවල ඖෂධීය ගුණ මෙන්න

සැන්ග්කොන් උත්සවය ( Sangkon festival ) සහ ඊසානදිග ඉන්දියාවේ ථේරවාදී බෞද්ධ ජන ගෝත්‍ර