in

ප්‍රතිඔක්සිකාරක වල වැදගත්කම

සිරුරේ ඇති ඉලෙක්ට්‍රොන අනු වල යුගල වශයෙන් පවතී. යුගල නොවී ඉලෙක්ට්‍රොන ඇති විට අණු සෙසු අණු වලින් ඉලෙක්ට්‍රොන ලබා ගැනීමට උත්සාහ කරයි. එයට හේතු වන්නේ රසායනිකව අස්ථායී වූ අණු ස්ථායි වීමට වෙනත් අණුවක් සමඟ බන්ධනය වීමට උත්සාහ කිරීමයි. වෙනත් අණු වලින් ඉලෙක්ට්‍රොන ලබා ගැනීමට උත්සාහ කිරීමේදී එම අණු වලටත් හානි සිදු වෙනවා. මෙම ක්‍රියාවලියේදී විවිධ හානිකර තත්වයන් මතු වෙනවා. 

මෙම ගැටලුවම පරිසර දූෂණය, විකිරණ, දුම්කොළ දුම සහ ඇතැම් ඖෂධ වැනි බාහිර සාධක නිසාද ඇති විය හැකියි. 

මෙහිදී හානිකර radical නිපදවෙන අතර ශරීරයේ ස්වාභාවික ආරක්ෂක යාන්ත්‍රණයන් ඒවා විසඳීමට උත්සාහ කරයි. නමුත් ශරීරයේ ස්වාභාවික ආරක්ෂක යාන්ත්‍රණයන්ට ඒවා ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වූ විට ගැටළු මතු වේ. මෙම radical  ප්‍රෝටීන, ලිපිඩ (මේද) සහ DNA වැනි ශරීරයේ අනෙකුත් අණු සමඟ අන්තර්ක්‍රියා කරමින් ඔක්සිකාරක හානි ඇති කරවීම අරඹයි.

මේ ක්‍රියාවලිය නිසා සිදු වන හානි කිහිපයක්ම පවතිනවා 

සෛල වලට සිදු වන හානි 

මේවා සෛල පටල, ප්‍රෝටීන සහ DNA වලට හානි කරණවා. එහි ප්‍රතිඵලයක් ලෙස  සෛල අකර්මන්‍යතාවය ඇති වී මරණය පවා ඇති විය හැකිය.

සම වයස්ගත වීම 

සමේ සෛල හා පටක වලට හානි සිදු වීමෙන් සම රැලි වැටීම සහ එල්ලා වැටීම සිදු වේ. 

පිළිකා

DNA වලට ඔක්සිකාරක මඟින් හානි සිදු වීම නිසා පිළිකා වර්ධනයට හේතු වන ආකාරයේ විකෘතිතා මතු වේ.

ප්‍රදාහය 

Radical නිසා ඇතිවන ඔක්සිකාරක ආතතිය මගින් දැවිල්ලක් ඇති වෙනවා. එයින් නිදන්ගත රෝග රැසක් ඇති වෙනවා.

ස්නායු විකෘති වීම 

ඔක්සිකාරක ආතතිය නිසා ඇල්සයිමර් සහ පාකින්සන් රෝගය ඇති කරවන ආකාරයේ ස්නායු විකෘතිතා ඇති වෙනවා. 

නමුත් සිරුරේ ඇති ප්‍රතිඔක්සිකාරක ඔවුන් සතු අමතර ඉලෙක්ට්‍රෝන අණු වලට ලබා දී මෙම ගැටලුව නවත්වනු ලබනවා. ප්‍රතිඔක්සිකාරක සිය ඉලෙක්ට්‍රොන පරිත්‍යාග කිරීමේ ප්‍රතිඵලයක් ලෙස Radical වල ක්‍රියාකාරීත්වය උදාසීන වෙනවා. ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර පාන ලබා ගැනීමෙන් මෙම ගුණය වැඩි කර ගත හැකියි. විටමින් C සහ විටමින් E ආදිය අඩංගු පලතුරු, එළවළු සහ අනෙකුත් ආහාර ලබා ගැනීමෙන් ඔක්සිකාරක හානිවලින් සෛල ආරක්ෂා වෙනවා. 

පහසුවෙන්ම සපයා ගත හැකි ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර 

  • කරපිංචා වල වටිනා ප්‍රතිඔක්සිකාරක රැසක් අඩංගු වෙනවා
  • සුදු ළූණු වල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක ආතරයිටීස් සහ අස්ථි සම්බන්ධ වෙනත් රෝග නිසා ඇතිවන වේදනාවන් සමනය කර ගැනීමට උපකාරී වෙනවා. 
  • ඉඟුරු ප‍්‍රතිවෛරස, ප‍්‍රති දිලීර, ප්‍රතිඔක්සිකාරක ගුණවලින් යුක්තය. පිළිකා සෛල මැඩලන අතර, හන්දිපත් රෝග ආතරයිටිස් ආදියද සමනය කරයි.
  • ප්‍රතිඔක්සිකාරක සහ කර්කියුමින් යහමින් අඩංගු කහ ආතරයිටිස් නිසා ඇති වන වේදනාව සහ දැවිල්ල නැති කර දෙනවා. කහ වල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක පිළිකා නාශක ගුණ වලින් සමන්විතයි.

උපුටා ගැනීම: wellnessexpert

What do you think?

Written by Mic

මෙසපොතේමියානුවන්ගේ රාත්‍රී ආහාර

නොකඩවා වසර මිලියන ගණනක් වැස්ස විස්මිත වැස්සක්!