in

ප්ලාස්ටික් භාවිතය නුසුදුසු ඇයි ?

එදිනෙදා ජීවිතයේ ඔබ අප සියලු දෙනා භාවිත කරන වතුර බෝතල්, කෑම පෙට්ටි, බෑග් ආදිය බොහොමයක් නිම වී ඇත්තේ ප්ලාස්ටික්වලින්. ප්ලාස්ටික් භාවිතයට ඇබ්බැහි වී ඇතැයි කිවහැකි තරමටම ප්ලාස්ටික් උපකරණ ජීවිතයේ සාමාන්‍ය අංගයක් බවට පත්වෙලා. භාවිතයේ ඇති පහසුව, ලෙහෙසියෙන් සපයා ගත හැකි වීම සහ අවම පිරිවැයක් තුළ සපුරාගත හැකිවීම ප්ලාස්ටික් භාවිතයට බොහෝ දෙනා යොමුවීමට හේතු කාරණා සපයනවා. නමුත් මෙවැනි අධික ප්ලාස්ටික් භාවිතයට පෙර එයින් ඔබේ සෞඛ්‍යයට ඇතිවන බලපෑම ගැන සිතීම වැදගත්. ඔබ සමබල ආහාර රටාවකට පුරුදු වී සිටින අයෙකු වූවත්, ආහාර රැගෙන යන්නේ ප්ලාස්ටික් භාජනවල නම් ඔබේ සෞඛ්‍ය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කිරීම වැදගත්. ක්ෂණිකව පෙන්නුම් නොකළත්, ප්ලාස්ටික් භාවිතය තුළින් දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටළු ඇති කළ හැකියි.

දිනපතා ප්ලාස්ටික් හා ගැටීම.

ප්ලාස්ටික්වල ප්‍රත්‍යස්තථාව වැඩි කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ඔබගේ සෞඛ්‍යයට ඉතාම අහිතකර බව කිව යුතුයි. එම අමුද්‍රව්‍ය ඇතුළත් ප්ලාස්ටික් භාජන තුළ ආහාර ගබඩා කිරීමෙන් දිනපතා එවැනි ප්ලාස්ටික් භාජන ස්පර්ශ කිරීමෙන් ඔබේ ශරීරයට එම රසායනිකය ඇතුළුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. දිනපතා යම් කුඩා ප්‍රමාණයකින් හෝ ප්ලාස්ටික් හා ගැටීම සියලු දෙනාටම පාහේ අහිතකර සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට හේතුවක්. විශේෂයෙන් පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ගැටළු ඇති කිරීම සඳහන් කළ හැකියි. ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය අඩුවීමත්, පුරුෂ ධාතු ඝනත්වය අඩුවීමත් සිදුවන බව පරීක්ෂණ මඟින් සොයාගෙන තිබෙනවා.

රසායනික ද්‍රව්‍ය ආහාර හා මුසුවීම.

ප්ලාස්ටික් භාජනවල ඔබ බහා තබන ආහාර සහ පාන වර්ගවලට ප්ලාස්ටික් නිපදවීමට ගන්නා විවිධ රසායනික වර්ග එක්වන බව කියැවෙනවා. ඒ නිසායි විශේෂයෙන්ම ප්ලාස්ටික් භාජනවල දැමූ ආහාර මයික්‍රෝවේව් කිරීමෙන් වළකින ලෙස පැවසෙන්නේ. ප්ලාස්ටික් රත් වූ විට එහි ඇති රසායනික ද්‍රව්‍ය සීඝ්‍රයෙන් පිටතට ගලා ඒම සිදුවනවා. ප්ලාස්ටික් භාජනවලට උණු වතුර දැමූ විටත් මෙයමයි. මේ නිසා වීදුරු උපකරණ භාවිතයට යොමුවීම (විශේෂයෙන් මයික්‍රෝවේව් කිරීමේදී) සුදුසුයි. විශේෂයෙන් ඔබ ප්ලාස්ටික් භාජන මිලදී ගැනීමේදී එහි සඳහන් වන අංකය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

උපුටා ගැනීම : wellness expert

What do you think?

Written by Mic

දරුවාගේ උගුරේ යමක් සිර වූ විට කළ හැකි දේ.

ලෝකයටම සාමය බෙදන සාම පාගමන