in

පේරු දේශයේ දළ රහිත මී මැස්සන්ට ඇමසන් වනය තුළ නීතිමය  අයිතිවාසිකම්

පේරු දේශයේ දළ රහිත මී මැස්සන්ට ඇමසන් වනය තුළ නීතිමය  අයිතිවාසිකම් ලබා දී තිබේ.මෙම විප්ලවීය තීරණය පේරු (Peru) රාජ්‍යයෙන් වාර්තා වන අතර, එහි වෙසෙන ලොව පැරණිතම මී මැසි විශේෂය ඇමසන් වෘක්ෂලතාදියෙන් සියයට 80 කට වැඩි ප්‍රමාණයක් පරාගණය කිරීම සඳහා දායක වේ.

ඔවුන්ගේ මෙම අමිල සේවය අගයමින්, පේරු රාජ්‍යය විසින් මෙම මී මැස්සන්ට සහ ඔවුන්ගේ පරිසර පද්ධතිවලට උල්ලංගනය කල නොහැකි ලෙස  අයිතිවාසිකම් රැසක් පිරිනමා ඇත. ඊට පහත අයිතිවාසිකම් ඇතුළත් වේ:

1. පැවැත්මට සහ වර්ධනය වීමට ඇති අයිතිය

2. සෞඛ්‍ය සම්පන්න ගහනයක් පවත්වාගෙන යාමේ අයිතිය

3. දූෂණයෙන් තොර සෞඛ්‍ය සම්පන්න වාසස්ථානයකට ඇති අයිතිය

4.පාරිසරික වශයෙන් ස්ථාවර දේශගුණික තත්ත්වයන්ට ඇති අයිතිය

5. ඔවුන්ගේ ස්වාභාවික ජීවන චක්‍රයන් පුනර්ජනනය කිරීමේ අයිතිය

6. යම් තර්ජනයක් හෝ හානියක් සිදු වූ අවස්ථාවක ඒ වෙනුවෙන් නීතිමය වශයෙන් පෙනී සිටීමේ අයිතිය

මෙම නව නීතිමය තත්ත්වයේ මූලික අරමුණ වන්නේ මී මැස්සන්ගේ අතිශය සංවේදී වාසස්ථාන ආරක්ෂා කිරීමයි. මෙම විශේෂයට නීතිමය පදනමක් ලබා දීම හරහා, පරිසර පද්ධතියට තර්ජනයක් වන වන විනාශයට සහ අනවසර මිනිස් ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීමට සංරක්ෂණවේදීන්ට වඩාත් ශක්තිමත් යාන්ත්‍රණයක් ලැබෙනු ඇත.

මෙම නියෝගය නව නීතිමය පූර්වාදර්ශයක් සපයන අතර, මිහිමත මෙවැනි ඉහළ මට්ටමේ ආරක්ෂාවක් ලැබූ පළමු කෘමි විශේෂය බවට දළ රහිත මී මැස්සන් පත්ව ඇත. මෙය “ස්වභාවධර්මයේ අයිතිවාසිකම්” (Rights of Nature) පිළිගැනීම වෙනුවෙන් වර්ධනය වෙමින් පවතින ගෝලීය ව්‍යාපාරයේ සුවිශේෂී ඉදිරි පියවරක්  ලෙස සනිටුහන් වෙයි.

Down to Earth වෙබ් අඩවියෙනි

උපුටා ගැනීම : විජය

What do you think?

Written by Mic

ගෝලීය බලශක්ති සංක්‍රාන්තිය වෙනුවෙන් ‘පෙට්‍රෝ-රාජ්‍යයන්’ සහ ‘ඉලෙක්ට්‍රෝ-රාජ්‍යයන්’ අතර සටන ඇරඹේ – 2026 වසරේදී අවධානය යොමු කළ යුතු කරුණු මෙන්න

ඇදුම (Asthma) රෝගය සඳහා කෙරෙන ප්‍රතිකාර ගැන සරලව සහ විස්තරාත්මකව දැනගනිමු.