in

පොත් කියන්නේම හින අස්සේ හිත දුවන සවාරියක්

ආදරයට ලස්සන අරුත් නම් ලොවේ කෙතරම් ලියවී ඇති ද? විටක ශෝකයෙන් බරවූ විටක අමන්දානන්දයට හිරවූ හදවතේ උපන් ප්‍රකම්පන කොතෙක් නම් ඇත්ද?

ජීවත් වන්නේ කියවන්න නම් කියවීම තුළ ජීවත් වන්නට ඔබට අයිතියක් ඇත. කරදමුංගු, කරාබු නැටි, සාදික්කා, වසාවාසි, ඉඟුරු, කොත්තමල්ලි, කුරුඳු, ගම්මිරිස් සුවඳ කියවා අවසන් වූ පොතකින් ආඝ්‍රහණයට ඔබට අවසර ඇත.

ආදරය වූ කලී විමසීමෙන් තමාගෙ කර නොගත්, දැකීමෙන් පමණක් සිතට ගෝචර කර ගත්, මානසික මදහසේ හෘද සාක්ෂිය යැයි පවසන්නෙක් වෙත්නම් ඔහු වෙනුවෙන් තවමත් “මැයි මාර ගහ” ලස්සනට වැඩී ඇත.

පොත් ප්‍රදර්ශනය අතරේ මම දැක්ක ලස්සන පොතකින් ඉගෙන ගත්තු දේ,
සමහරු මිය යනවා…සමහර දේවල්
හිත ඇතුලෙම තියාගෙන…
සමහරු ඒ දේවල් දන්නවා…ඒත් ඉන්නවා
නොදන්නවා වගේම..
ඒ මැයි මාර ප්‍රසංගය….

සැප්තැම්බර් මාසය කියන්නේ සාහිත්‍ය මාසේ කියලා අපි කවුරුත් හොඳටම දන්නවා.ඉතින් සාහිත්‍ය මාසේ කියද්දිම අපිට මතක් වෙන්නේ පොත් ප්‍රදර්ශනය.මේ වසරේදීත් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH)හිදී පොත් ප්‍රදර්ශනය පැවැත්විණි.ලංකාවේ නන්දෙසින් සහෘද පිරිස් එතැනට එක් රැස් විය.
2024 වර්ෂයේදී මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 25 වෙනි වරටයි.ඒ අනුව සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 6 වෙනි දින දක්වා මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්විණි.මෙහිදී පාරිභෝගික පිරිස් වලට සීයට විස්සක වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට හැකියාව ලැබිණි.ඊට අමතරව සම්මානලාභී පොත් මෙන්ම නවමු පොත් මිලදී ගැනීමේ හැකියාව ලැබීම ද සුවිශේෂීය.
නවකතා,කෙටි,ළමා කතන්දර,පෞරාණික පොත්, විවිධ භාෂාවල පොත් ආදී මෙකී නොකී පොත් වර්ග රැසක් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි විය.ඒ නිසාම මෙකී දින කිහිපය පුරාම අධික ජනගහනයක් BMICH පරිශ්‍රයේ දැකගැනීමට හැකියාව ලැබිණි.
අලුත් පොත්වල පිටු අතර එන සුවඳ,ලේසියෙන් හොයා ගන්න බැරි පරණ පොත් අමුතුම ලෝකයකට අපිව ගෙනියන නිසාමදෝ පොත් ප්‍රදර්ශනය කියද්දිම හරිම ළෙන්ගතු හැඟීමක් දැනෙනවා.

ඉතින්,
පොත් කියන්නෙම හීන අස්සේ හිත දුවන සවාරියක්..

What do you think?

𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐁𝐨𝐨𝐤 𝐅𝐚𝐢𝐫 – 𝟐𝟎𝟐𝟒

ලෝක තැපැල් දිනය අදයි….