සියළුම දේශගුණික කලාප වල පාහේ සුලභව දැකිය හැකි පක්ෂියෙකු මුත් ඉහල කඳුකර කලාපයේ තරමක් දුර්ලභය. ඝන වනාන්තර වලට වඩා ගෙවතු සහ විවෘත ප්‍රදේශ වලට වැඩි කැමැත්තක් දක්වන අතර යුගල වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් හැසිරේ. විවිධ පළතුරු වර්ග, කුඩා ගෙඩි ප්‍රධාන වශයෙන් අහාරයට ගන්නා මුත් කුරුමිණියන් වැනි කුඩා කෘමි සතුන්ද ගොදුරු කරගන්නා බව නිරීක්ෂණය කර ඇත. තුරුමත පමණක් හැසිරෙන අතර පොළොව මත කිසිවිටක දැකිය නොහැක. ප්‍රධාන අභිජනන කාලය පෙබරවාරි සිට ජූලි දක්වා වන අතර අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා වූ ද්වීතීයක අභිජනන සමයක්ද ඇතැම් විට සිදුවේ. පොලොස් කොට්ටෝරුවා මැරුණු ගසක කඳේ හෝ අත්තක සාදා ගත් කුහරයක සිය කූඩුව තනා ගනී.
උපුටා ගැනීම: bio diversity of sri lanka


